HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

අනාගතයේ එන චිත‍්‍රපට නාසයෙන් බලා රස විඳින්න පුළුවන්!

චිත‍්‍රපට පටිගත කර තියන්න පුළුවන් ක‍්‍රම ගණනාවක් තියෙනවා. සිනමා රීල්වල, ඞීවීඞීවල, එහෙත් නැත්නම් ටේප්වල. නමුත් දැන් විද්‍යාඥයන් තවත් අලූත් ක‍්‍රමයක් සොයා ගෙන තියෙනවා. ඒ අනුව වීඩියෝවක් ගෑස්වල ආචයනය කර, එනම් ගබඩා කර, තබන්න පුළුවන්.

ඒත් දැන්ම ඔබේ නිවසේ පාවිච්චියට මේ ක‍්‍රමය බලාපොරොත්තු වෙන්න එපා! තවමත් විද්‍යාඥයන්ට හැකි වී ඇත්තේ සාමාන්‍ය උෂ්ණත්වයක් යටතේ මේ ක‍්‍රමයට ‘ගබඩා’ කර තබා ගත හැක්කේ රූප රාමු දෙකක ආලෝක සංඥා විතරයි.

ඒත් මේ ආකාරයට ඝන නොවන ද්‍රව්‍යයක් තුළ පිළිබිඹුවක් ගබඩා කර තබා ගැනීම හා ප‍්‍රතිවාදනය කිරීම සිදු වන්නේ ඉතිහාසයේ ප‍්‍රථම වරටයි. මේ අපූරු පර්යේෂණය පිළිබඳව කළ නිබන්ධය හඳුන්වා ඇත්තේ ‘අනුක‍්‍රමණ ප‍්‍රතිධ්වනි මතකයක් තුළ ප‍්‍රතිබිම්බ කාලිකව බහුප‍්‍රතීක ක‍්‍රමයකින් ගබඩා කිරීම’ (Temporally Multiplexed Storage of Images in a Gradient Echo Memory) කියලයි.

 
ඉතිහාසයේ ප‍්‍රථම වරට ඝන නොවන ද්‍රව්‍යයක් තුළ රූප ගබඩා කර තබා ගෙන ප‍්‍රතිවාදනය කළ අවස්ථාව.

එක් තරුණයෙක් මේරිලන්ඞ් විශ්ව විද්‍යාලයෙන් ප‍්‍රසිද්ධ කළ ලේඛනයකින් ආභාසය ලබමින් රූප ගබඩා කිරීමට අණුක මතකයක් යොදා ගෙන පළමුවරට ‘යූ ටියුබ්’ වල ගිය ගීතයක් ‘පටිගත’ කළා.

ඒ හැරෙන්නට මෙහි වෙනත් ප‍්‍රායෝගික භාවිතයක් පිළිබඳව තවමත් සඳහනක් නැහැ. තාක්ෂණය කොයි ආකාරයෙන් ඉදිරියේ දී මෙය ප‍්‍රයෝජනවත් වේවිද කියා කියන්න බැහැ. මේ සඳහා දැනට භාවිත වන්නේ රුබීඩියම්වලින් පිරුණු සෙ.මී 20ක වයලයක් වෙත ආලෝක ධාරාවක් එල්ල කිරීමෙනුයි.

මෙහි පටිගත කරන දෙය ප‍්‍රතිවාදනය කරන විට පාලක ආලෝක ධාරාව ආපස්සට මෙහෙය විය යුතුයි. මේ ගෑස් ක‍්‍රමය යොදා ගෙන පුරෝගාමී චිත‍්‍රපට අධ්‍යක්ෂ ජෝර්ජ් ලූකාස් ඔහුගේ ‘ස්ටාර් වෝස්’ චිත‍්‍රපටයේ නව පිටපතක් නිකුත් කරන්නට ඉඩ තියෙනවා.

ඒ විතරක් නොවෙයි, මෙහි තොරතුරු ගබඩා කෙරෙන ආකාරයට අනුව මේ ක‍්‍රමය අපේ අනාගත පරිගණකවලටත් ලොකු පදනමක් සපයාවි කියලයි දැන් විශ්වාස කෙරෙන්නේ.

 
මේ තාක්ෂණය කුමන ආකාරයෙන් ඉදිරියට ප‍්‍රයෝජනවත් වේවිද කියා තවමත් කිව නොහැකි වුවත් දැනට භාවිත වන්නේ රුබීඩියම්වලින් පිරුණු සෙ.මී 20ක වයලයක් වෙත ආලෝක ධාරාවක් එල්ල කිරීමෙනුයි.

Post a Comment

1 Comments

  1. තාක්ෂනය වෙනස් වෙන වේගය හිතාගන්නත් බෑ.

    ReplyDelete