HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

ලෝකයේ උස ම දියඇල්ලේ නම වෙනස් වේ ද? ලෝක උරුමයක් තනි මතයට වෙනස් වේ ද?

ඔයාලා දන්නවාද ලෝකයේ උස ම තැනක සිට ඇද හැලෙන දිය ඇල්ල මොකක්ද කියලා? උස ම දිය ඇල්ලේ නම මොකක් ද? කොහෙද තියෙන්නේ? පිළිතුර ‘ඒන්ජල්ස්’ දියඇල්ලයි. පිහිටා තියෙන්නේ වෙනෙසුවේලා කියන රටේ. ඒත් වෙනෙසුවේලානු ජනාධිපති හියුගෝ චාවේස් ඒ දියඇල්ලේ නම වෙනස් කරන්න තීරණය කරලා. ඒ අනුව මේ දියඇල්ල හඳුන්වන්න යන්නේ ‘කෙරෙපෙකුපායි වීනා’ දිය ඇල්ල කියලයි. වෙනෙසුවේලාවේ පැරැන්නන් දියඇල්ල හැඳින්වූ නම නැවත දමන්නයි එතුමාගේ වෑයම වන්නේ.


වෙනෙසුවේලාවේ අංක එකේ සංචාරක ආකර්ෂණය තමයි, මේ ‘ඒන්ජල්’ දිය ඇල්ල. පිහිටලා තියෙන්නේ දකුණුදිග වෙනෙසුවේලාවේ බොලිවර් ප‍්‍රාන්තයේ කනයිමා ජාතික වන රක්ෂිතයේයි. අද මෙය සංචාරක ආකර්ෂණයක් වගේම යුනෙස්කෝව නම් කළ ලෝක උරුමයක් ද වෙනවා. මේ දියඇල්ලේ සුන්දරත්වය 1937 වසරේදී මුලින් ම දැකලා එය ලෝකයට හඳුන්වා දුන්නේ ඊට ඉහළින් පියාසර කළ ඇමෙරිකානු ගුවන් නියමුවෙක්. ඔහුගේ නම ජිමී ඒන්ජල්. ඔහු ඔහුගේ සැහැල්ලූ ගුවන් යානාවෙන් පියසැරියක යෙදෙද්දී තමයි, මේ දියඇල්ල දැකලා තියෙන්නෙ. ඒ නිසා මේ දියඇල්ල ඔහු නමින් ‘ඒන්ජල්’කියා නම් කෙරුණා. ඒන්ජල් ඇල්ල මීටර 979ක් (අඩි 3,212ක්) උසයි.


හියුගෝ චාවේස් ජනාධිපතිවරයා මේ දිය ඇල්ලේ නම වෙනස් කරන බව පැවැසුවේ 2009 වර්ෂයේ දී ‘හලෝ ප‍්‍රසිඩන්ට්’ නම් සෑම සති අන්තයක ම සජීවී ව විකාශය කෙරෙන වැඩසටහන අතරතුරේදීයි. මෙය එරට ගුවන්විදුලියෙන් හා රූපවාහිනීයෙන් විකාශය වන්නක්. මෙම වැඩසටහනේ දී චාවේස් ජනාධිපතිතුමා පැය ගණනක් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට දොස් නගමින් දේශපාලන අදහස් පළ කරනවා. ”අපි අපේ මෙයට ඒන්ජල් ෆෝල්ස් යන නම තවදුරටත් භාවිතා කළ යුතු නැහැ. ඒන්ජල් නියමුවා ඒ දිය ඇල්ල දකින්න කලින් අපේ රටේ පැරණි ස්වදේශිකයන් ඒක දැක තිබුණා. ඔවුන් ඊට ඔවුන්ගේ බසින් නමක් යොදා තිබෙනවා. අපි ඒ නම තමයි, භාවිතා කළ යුත්තේ” ජනාධිපතිවරයා පැවැසුවා. ස්වදේශික පෙමොන් බසින් ‘කෙරෙපකුපායි වීනා’ කියලයි කියන්නෙ. එහි තේරුම ‘ගැඹුරුම තැනට වැටෙන දිය ඇල්ල’ යන්නයි.


ඇමෙරිකාවේ ප‍්‍රතිපත්ති රුස්සන්නේ නැති සමාජවාදීවාදියකු වන චාවේස් ජනාධිපතිවරයා මෙම තීරණය ගත්තේ ඔහු ඇමෙරිකානු විරෝධී අයකු නිසා කියලයි, විචාරකයන් කියන්නේ. ඇමෙරිකානු ගුවන් නියමුවෙකුගේ නමක් දියඇල්ලට දැමීමට චාවේස් ජනාධිපතිවරයා විරුද්ධයි කියලයි ඔවුන් කියන්නේ. බටහිර රටවල් යොදා ඇති නම් වෙනස් කරන්න චාවේස් දක්ෂයෙක් බව ප‍්‍රසිද්ධයි. 1999 වසරේදී බලයට පත්වීමෙන් පසු මේ වාමාංශික ජනාධිපතිවරයා තම රටේ නම පවා වෙනස් කළා. කලින් තිබුණේ වෙනෙසුවේලා කියල විතරයි. දැන් රටේ නිල නාමය ‘වෙනෙසුවේලා බොලිවේරියානු ජනරජය’ යන්නයි. එසේ නම් කළේ නිදහස් අරගලයට උරදුන් සයිමන් බොලිවියර්ට ගරු කිරීමක් ලෙසයි. ඉන්පසු ඔහු කැරකාස්හි ‘සෙරෝ ඇවිලා’ කන්ද ස්වදේශීක ජනයා විසින් භාවිතා කළ ‘ගුවාරයිරා රෙපානෝ’ යනුවෙන් වෙනස් කළා. ඒත් ‘ඒන්ජල්’ දිය ඇල්ලේ නම නම් තාම වෙනස්කර නැත.





Post a Comment

6 Comments

  1. කෙරෙපකුපායි වීනා , hiinaaa welaa merei ooka kiyala, hadissiyakata kaatawath loke lokuma diya alla mokadda kiyala kiyanna beri wenawa :P

    ReplyDelete
  2. http://www.youtube.com/watch?v=3A51UmI2ans&feature=related

    ReplyDelete
  3. දේශීය චින්තනේ හොඳකම තමා :)

    ReplyDelete
  4. කොහොම උනත් මගෙත් විශ්වාසය තමයි, සිටියම් ගත් කිරීම් වලදි දේශිය නම් භාවිත කල යුතුයි කියන එක. කොලොම්බු(colombo) කියන්නෙ වැරදි උච්චාරනයක්, ඒ වගෙ ඒවා ගොඩක් තියෙනව. හැම එකම වෙනස් කල යුතුයි කියල මම කියන්න කියන්නෙ නෑ. කැන්ඩි (kandy) වලට අපි කන්ද කියන්නෙ නෑ නෙ, මහ නුවර. විදෙශිකයන්ට එහෙම කිවට දන්නෙ නෑ.

    නමුත්, සමනල මුදුනට Adem's peak කිව්වම අපි දන්නෙත් නෑ, ඉංග්‍රීයෙත් එහෙමට භාවිතයක් නෑ. නමුත් සිටියම් වල තියෙන්නෙ එහෙම. පරන සිටියමේ හරි, පරන ක්ෂේත්‍ර සටහනක හරි තිබුන කියල ඒ අයුරින් භාවිතා විය යුතු නෑ කියන එකයි මගෙ අදහස.

    නමුත්, චන්ඩි කමට හෙට ඉන්දන් ‘කෙරෙපකුපායි වීනා’ කිව්වට නම් හරි යන්නෙ නෑ.

    ReplyDelete
  5. පහසුවෙන් කියන්න තිබුන දේ අමාරු කරලා..හ්ම්ම්..කොහොම උනත් ස්තුතියි ඔබට..මේ දේ මේ දැනුයි දැනගත්තේ..

    ReplyDelete
  6. ඇත්තටම වෙනස් කලොත් ඕක මතක තියාගන්න හරි අමාරු වේවි..

    ReplyDelete