HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සතුන් ගොදුරු කර ගන්න දක්ෂයා ඇනකොන්ඩා : සිංහල බසින් ‘හෙණකඳයා’ ද?

ඇනකොන්ඩා කියන්නේ දකුණු ඇමෙරිකාවේ ඇමසන් වැසි වනාන්තරය නිවහන කර ගත් යෝධ පිඹුරු විශේෂයක්. ඊට අමතරව මලයාසියාවේ වගුරු බිම් ප‍්‍රදේශවලත් ඇනකොන්ඩාවන් ජීවත්වෙනවා. ඇනකොන්ඩා අයත් වන්නේ පිඹුරු පවුලටයි. ඒ කියන්නේ බොයිඬේ(Boidae) පවුලට. ඇනකොන්ඩාගේ සත්ව විද්‍යාත්මක නාමය තමයි, ඉයුනෙක්ටස් මියුරිනස් (Eunectus murinus).


සාමාන්‍යයෙන් පිඹුරා(Python) කියන්නේ සර්පයන් අතර ඉන්නා යෝධයකු බව අප හොඳින් දන්නවා. ඒත් ඇනකොන්ඩාවන් තමයි පිඹුරන් අතරින් මෙන්ම සර්පයන් අතරින් ද දැවැන්තයන් ලෙස සැලකෙන්නේ. සාමාන්‍යයෙන් වැඩුණු ඇනකොන්ඩාවෙක් මීටර 9 ක් එහෙම නැතිනම් අඩි 30 ක් දිගයි.


ඇනකොන්ඩාවන් වැඩිපුරම ජීවත් වෙන්නේ වගුරු ආශ‍්‍රිත ප‍්‍රදේශවලයි. නිසොල්මනේ වතුර යට සැඟවී සිටිමින් ගොදුරු අල්ලා ගන්න ඇනකොන්ඩාවන් හරිම දක්ෂයි. දකුණු ඇමෙරිකාවේ ඇමසන් ගඟත් වැසිවනාන්තරයත් ආශ‍්‍රිතව ජීවත් වෙන ඇනකොන්ඩාවන්ගේ ප‍්‍රධාන ගොදුර බවට පත්වෙන්නේ වගුරුබිම්වල වාසය කරන කැපිබාරා සතුනුයි. කැපිබාරා කියලා කියන්නේ දකුණු ඇමෙරිකාවේ ඇමසන් වනාන්තරයට පමණක් ආවේණික කෘදන්තයින් හෙවත් ලෑටිගාන සත්ව විශේෂයක්. මීට අමතරව වඳුරන්, කුරුල්ලන් මෙන්ම ජගුවරයින්ද ගෝත‍්‍රික ජනයා ඇති  කරන ගවයන්ව ද ගොදුරු කර ගන්නවා. ඇනකොන්ඩාවන් දක්ෂ පිහිනුම්කරුවන්. ඒ වගේමයි ඉතා පහසුවෙන් හා ඉක්මනින් ගස් නැගීමේ හැකියාවක් ද ඔවුන්ට තියෙනවා.


අනෙක් පිඹුරු විශේෂ මෙන්ම ඇනකොන්ඩාවන් කියන්නේ විෂ නැති සර්ප විශේෂයක්. ගොදුරු කර ගන්නා සතුන් මරා ගන්නේ ඒ සතුන්ගේ වෙළා ගැනීමෙන්. ඇනකොන්ඩා තම ගොදුරේ සිරුර හුස්ම හිර වී, ඇටකටු පොඩි වී යන සේ වටේ එතෙනවා. ඇනකොන්ඩා ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා 5 ගුණයක් විශාලත්වයෙන් වැඩියි. අපේ සතුන් වත්තේ ඇනකොන්ඩා බිහිකර ඇත්තේ පැටවුන් 24ක් වුනත් සාමාන්‍යයෙන් ඇනකොන්ඩාවකු වරකට පැටවුන් 80 ක් පමණ බිහි කරන බව සඳහන් වෙනවා. එක් පැටවෙක් ග‍්‍රෑම් 250-300 ත් අතර බරකින් යුක්ත වෙනවා. ගැබ්බර කාලයේ දී ඇනකොන්ඩා ගැහැනු සතුන් ආහාර ගන්නේ නැහැ.



ඇනකොන්ඩා යන නම සෑදී ඇත්තේ සිංහල බසින් වෙනත් සර්පයකුට කියන නමකින් කියලයි, ඔක්ස්ෆර්ඞ් ශබ්දකෝෂයේ 9 වැනි කාණ්ඩයේ සඳහන් වෙන්නෙ. සිංහල ‘හෙණකඳයා’ යන වදන ‘ඇනකන්ඩයා’ (Anacandaia) නමින් ලතින් බසට එක්ව පසුව ඇනකොන්ඩා වූ බවයි, එහි දැක්වන්නේ. අපේ රටේ දක්නට ලැබෙන ‘හෙණකඳයා’ නම් සිහින් සිරුරක් ඇති සර්පයෙක්.


ඇනකොන්ඩා කියන්නේ මිනිසුන්ව ගොදුරු කර ගන්නා අති බියකරු, නපුරු, යෝධ පිඹුරු විශේෂයක් නොවේ. ඒත් හොලිවුඞ් සිනමාකරුවන් නම් ඇනකොන්ඩාවන් රිදී තිරයට ගෙනාවේ මිනිසුන් බිය ගන්වමින් ගොදුරු කර ගන්නා නපුරන් ලෙසයි.

Post a Comment

5 Comments

  1. මලීෂ සදරුවන්June 1, 2012 at 8:06 AM

    මම හිතුවේ හෙණ කඳයා කියන්නේ ඩයිනෝසර්ලට කියල......

    ReplyDelete
  2. "Henakadaya" kiyanne lankawata awenika "ahatullo" wisheshayakata.mu aithi wenne "Colubride" kulayata. uge english nama thamai "Brown Vine Snake" kiyanne.viddyathmaka nama "Ahaetulla pulverulenta".mu durlaba sarpayek.muta henakadaya kiyanne heeni kadak thiyanawa kiyana arthayen.

    ReplyDelete
  3. මමත් ඇනකොන්ඩා ෆිල්ම් සෙට් එකම බැළුවා.. ඇත්තටම ඒ තරම්ම ඔවුන් භයානක නෑ..

    ReplyDelete
  4. ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ ෂෝටර් ඔක්ස්ෆර්ඩ් අලුත්ම මුද‍්‍රණයේ තියෙන විදියට ඇනකොන්ඩා ඉංගිරිසි වදන සෑදී ඇත්තේ ඇනකොන්ඬේටා පයිතන් කියන ලතින් ලතින් වදනින්. ඒක සිංහල හෙනකඳයා යන වදනින් ආවක් කියායි දක්වා ඇත්තේ. එහි ඇත්තේ හෙනකඳයා විප් ස්නේක්. ‘හෙන’ ලයිට්නින් ‘කඳ’ ස්ටෙම් යන වදන් එකතුව හැඳුනක් කියලයි එහි දක්වා ඇත්තේ. එහි අරුත සමහරවිට අකුණු සැරයක් බඳු පහරදීමක් වෙන්න පුළුවන්.

    ReplyDelete