HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

විස්මයජනක සැතපුමට හිමිකම් කිවූ ශී‍්‍රමත් රොජර් ගිල්බර්ට් බැනිස්ටර්


ශී‍්‍රමත් රොජර් ගිල්බර්ට් බැනිස්ටර් බි‍්‍රතාන්‍ය ජාතික මලල කී‍්‍රඩකයෙකි. මිනිත්තු 4 කට අඩු කාලයකින් සැතපුමක් දිවගිය ප‍්‍රථම පුද්ගලයායි. ගෞරවයට පාත‍්‍ර වූ ස්නායු වෛද්‍ය විශේෂඥයෙක් ලෙස සේවය කළා. 2001 වසරේදී විශ‍්‍රාම යන තෙක් මොහු ඔක්ස්ෆර්ඞ්හි පෙම්බෲක් සරසවියේ උපදේශකයෙක් ලෙස සේවය කළා. 1955 වසරේ ස්පෝට්ස් ඉලස්ටේ‍්‍රටඞ් සඟරාව විසින් දක්ෂතම කී‍්‍රඩකයා ලෙස නම් කළා. 1954 දී ඔහු වසරේ හොඳම කී‍්‍රඩකයා බවට තේරී පත්වුණා.

රොජර් බැනිස්ටර් උපන්නේ 1929 මාර්තු 23 වැනිදා එංගලන්තයේ මිඞ්ල්සෙන්ස්හි හැරෝ පළාතේදීයි. කුඩා කළ සිටම හොඳින් පාසල් අධ්‍යාපනය ලැබූ කෙනෙක්.

මෙම ඓතිහාසික අවස්ථාව සැලකෙන්නේ ‘මිරකල් මයිල්’ එසේත් නැතිනම් ‘විස්මයජනක සැතපුම’ කියලයි. මිනිත්තු 4 කට වඩා අඩුවෙන් සැතපුමක් දිවීම මිනිසකුට කළ නොහැකි දෙයක් යැයි එකල විශ්වාසයක් තිබුණා. එවකට වෛද්‍ය විශේෂඥයන් පවා පැවසුවේ මෙය වෛද්‍ය විද්‍යාවට අනුවත් කළ නොහැකි දෙයක් බවයි.

මෙම ඓතිහාසික අවස්ථාව උදා වුණේ 1954 වසරේ මැයි 6 වැනිදා බි‍්‍රතාන්‍ය මලල කී‍්‍රඩා සංගමයේ කී‍්‍රඩා විද්‍යාලය සහ ඔක්ස්ෆර්ඞ් සරසවිය අතරේ පැවැත්වූ මලල කී‍්‍රඩා තරගාවලියේදීයි. එම අවස්ථාවේ පැවැති අධික සුළං තත්වය හේතුවෙන් තරගය අවලංගු කිරීමට පවා සූදානම් වුනත් එහෙම කළේ නැහැ. තරගයෙන් අංක 41 සටහන් කර තිබූ බැනියමකින් සැරසී සිටි බැනිස්ටර් මිනිත්තු 3 යි තත්පර 59.4 කින් තරගය අවසන් කළා.






Post a Comment

1 Comments