HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පෘථිවියේ මෙතෙක් හමු වූ ඉපැරණිම සත්ව ජීවිත පොසිල නැමීබියාවෙන් හමුවෙයි! වසර මිලියන 760ක් පැරණියි!

ඉපැරණිම සත්ව ජීවිත පිළිබිඹු කරන පොසිල හමු වී ඇති මේ අවස්ථාව මහ පොළොවේ ජීවයේ සම්භවය පිළිබඳ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකියි. මෙය සත්ව ජීවීත මෙලොව පහළ වූයේ යැයි මෙතෙක් සිතා සිටි අවධියට වඩා වසර මිලියන 100ක් ඉදිරි පිම්මක්! ලෙසයි, මේ ගවේෂණ කාර්යයට එක් වූ අන්තර් ජාතික පර්යේෂක පිරිස කියන්නේ.

පොසිල විද්‍යාඥයන් ඇතුළු මෙම අන්තර් ජාතික පර්යේෂණ කණ්ඩායමට මේ පොසිල හමුවී ඇත්තේ නැමීබියාවේ ජාතික වනෝද්‍යානයක දී කළ කැනීම්වලදීයි. නැමීබියාවේ එටෝෂා Etosha ජාතික වනෝද්‍යානයේ පාෂාණ අතරින් ගොඩගත් මේවා ලොව මෙතෙක් සොයාගෙන ඇති ඉපැරණිම සත්ව ජීවිත සලකුණු කරන බව ඒ පර්යේෂකයන්ගේ අදහසයි.

පර්යේෂකයන් දැනටමත් මෙවැනි කුඩා පොසිල 1000කට වඩා ස්කෑන් කර තියෙනවා.


පසුගිය සතියේ පළ වූ දකුණු අපි‍්‍රකානු විද්‍යා සඟරාවෙහි සඳහන් වන අන්දමට මේ නව ගවේෂණය සඳහා නැමීබියාව, දකුණු අපි‍්‍රකාව, ඔස්ටේ‍්‍රලියාව හා එක්සත් රාජධානිය යන රටවල විද්‍යාඥයන් 10 දෙනකු එක් වී තියෙනවා.

මෙම පර්යේෂකයන් කණ්ඩායමේ මූලිකත්වයක් ගෙන කි‍්‍රයා කර ඇත්තේ ස්කොට්ලන්තයේ සැන් ඇන්ඞ්රූස් විශ්ව විද්‍යාලයේ භූවිද්‍යාඥයන් වන ආචාර්ය ටෝනි පේ‍්‍රව් Tony Prave ඩොනල්ඞ් හර්ඞ් Donald Herd හා ස්ටුවර්ට් ඇලිසන් Stuart Allison යන තිදෙනායි. දකුණු අපි‍්‍රකාවේ ඩිස්ටොන් කෞතුකාගාරයේ ආචාර්ය බොබ් බ‍්‍රයන් හා නැමීබියාවේ භූ සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාල් හෙන්ස් හොෆ්මාන් යන අයගේ සහය ප‍්‍රධාන වශයෙන් ඔවුන්ට ලැබී තිබෙනවා.

ආචාර්ය ටෝනි පේ‍්‍රව්

මල් බඳුන් හැඩැති මේ පොසිල ප‍්‍රමාණයෙන් ඉතා කුඩා ඒවායි. මේවා හමු වී ඇත්තේ වසර මිලියන 760ත් 550ත් අතර කාලයකට අයත් පාෂණ අතර වැලලී තිබියදීයි.


 
වසර මිලියන 760ක් පැරණි පොසිල හමු වූ නැමීබියාවේ එටෝෂා ජාතික වනෝද්‍යානය

පර්යේෂකයන් ඔවුන්ට හමුවූ පොසිල දහස් ගණනක් එක්ස් කිරණ හා ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂ යොදා ගෙන මේ වන විටත් විමසුමට ලක් කර තියෙනවා. එයින් ලැබුණ ප‍්‍රතිඵල අනුව පොසිල බවට පත් වී ඇති මේ සතුන් විසූ යුගය, මිහිපිට ජීවීන් පහළ වූයේ යැයි මෙතෙක් ලෝකයා විසින් පිළිගෙන තිබුණාට වඩා වසර 100ත් 150ත් කාලයක් ඉදිරියට තල්ලූ වී යන බව ඔවුන්ගේ අදහසයි.

විද්‍යාඥයන් කියන්නේ ඔවුන් සොයාගත් මේ පොසිල අයත් වන්නේ අපේ ආදීම මාතාවට ('great-great-great-great-great-great-great grandmother') හෙවත් අපේ ආදිමයාට බවයි.

 
ස්කෑන් කර විශාලනය කළ කුඩා පොසිල කීපයක්.

ලොව මුල්ම ජීවීන් ස්පන්ජි වැනි සත්ව විශේෂයක් විය හැකි යැයි විද්‍යාඥයන් විසින් අනාවැකි පළ කර තිබුණා. එයට අමතරව ඒ වන තෙක් හමු වී ඇති ඉපැරණිම පොසිල ද ස්පන්ජි වන අතර ඒවා හමු වී ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවෙනුයි.

”දැන් බලාගෙන ගියාම අපේ පවුල් ගහේ, මුලූ සත්ව සන්තතියේ ම ආරම්භකයා මේ ස්පන්ජි අතර සිටිය හැකියි.” මේ පර්යේෂණ පිරිසේ සමාජිකයකු වූ ස්කොට්ලන්තයේ සැන්ට් ඇන්ඞ්රූස් විශ්ව විද්‍යාලයේ ටෝනි පේ‍්‍රව් කියනවා.

Post a Comment

3 Comments

  1. Sathvayin pahalavima thavath 100 million yrs atheethayata giya nisa me fossils soya ganima ithama vadagath aranchiyak.Thanx Malkakulu for sharing news about this great discovery.

    ReplyDelete
  2. පෘථිවියේ වයස නම් දන්නෑ. ඒත් බුදුවරුන් 4 දෙනෙකු පහල වුනු මේ බද්‍ර කල්පයේ වයස කොටි 200කට වඩා වැඩි බව දන්නවා. ඊට පෙර ජීවය පහල වීම විනාස වීම තව කොටි කොච්චරක් දුරට යනවාද කියලනම් හිතන්නවත් බෑ...

    ReplyDelete