HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

‘සිමල් විව්’ තාක්ෂණයෙන් රූපවාහිනි හා පරිගණක කී‍්‍රඩා තිරවල මහ පෙරළියක් : නව නිපැයුම්

දැන් මේ නව සිමල්විව් තාක්ෂණ ක‍්‍රමය යටතේ එකම තැනක හිඳගෙන එකම රූපවාහිනී තිරයකින් දෙනෙකුට දසුන් දෙකක් එක විට නැරඹිය විස්මිත ටෙලිවිෂනයක් බිහි වී තියෙනවා. මෙම විස්මිත තිරය සහිත රූපවාහිනිය ඉදිරිපත් කරන්නේ සෝනි ටෙලිවිෂන් ආයතනයයි.

මෙම රූපවාහිනිය හැඳින්වෙන්නේ ‘සිමල් විව්’ ප්ලේස්ටේෂන් පැතලි තිර ටෙලිවිෂනය කියායි. එකම සාලයක, එකම සෝෆාවක හිඳිමින් එකිනෙකාට බාධා නොවන අයුරින් නරඹන්නන් දෙදෙනකුට, තමන්ගේ රුචියට අනුව මුළුමනින් ම වෙනස් පසුබිම් දෙකක් ඇතුළත් කතා දෙකක් නැරඹිය හැකියි. මෙසේ රූපවාහිනිය නරඹන දෙදෙනා ම ඒ සඳහා විශේෂ 3D කන්නාඩි දෙකක් (උපැස් යුගල දෙකක්) පැලඳිය යුතු වෙනවා. එහෙත් එහි දී ඔබ රූප නරඹන්නේ 2D ක‍්‍රමයෙන් එන දසුන් විතරයි. දෙදෙනාට වෙනස් දසුනක් මවා පාන්නේ 2D ක‍්‍රමයෙනුයි.


මේ සඳහා රූපවාහිනී තිරයේ ආලෝකය සැලෙන වේගය අනුව, ‘ඇසිපිය’ සැලෙන්නාක් බඳු, එසැණ වැසීමක් හා ඇරීමක් සිදු කළ හැකි විශේෂ කන්නාඩි කුට්ටමක් නිපදවා තියෙනවා. ඒ කන්නාඩි කුට්ටම පණ ගන්වන්නේ එහි කාචය අසලට සවි කළ විශේෂ බැටරි සෙට් දෙකක් මගිනුයි. මෙවැනි කන්නාඩි කුට්ටම් දෙකක් පලඳින දෙදෙනකුට එකම තිරය ඔස්සේ වෙනස් රූප රාමු දෙකක් නැරඹිය හැකියි. මෙය දැනට භාවිත කළ හැක්කේ දෙදෙනකුට පමණයි.

මේ තාක්ෂණය ඇතුළත් ‘සිමල් විව්’ හෙවත් විඩම්බන දසුන් ක‍්‍රමය සංවර්ධනය කර ඇත්තේ ‘ප්ලේස්ටේෂන් කී‍්‍රඩා’වලට යොදා ගන්නා ක‍්‍රමවේදයකින්.


මේ ක‍්‍රමයට අනුව දැනට ‘මෝටෝස්ටෝම් ඇපොක්ලිප්ස්’ හා ‘ග්රෑන්ඞ් ටුරිස්ට්මෝ 5’ යන PS3 වර්ගයේ පරිගණක කී‍්‍රඩාව වෙළෙඳ පොළේ තියෙනවා. මෙවැනි PS3 වර්ගයේ පරිගණක කී‍්‍රඩාවලදී දෙදෙනකුට තමන් එකිනෙකා කරන දේ ගැන නොදැන, එකිනෙකාට කරන ‘වංචා කිරීම්’වලින් තොරව, නිදහසේ, කී‍්‍රඩා කළ හැකියි.

මෙම ක‍්‍රමය ටීවී සඳහා යොදා ගන්නවා නම්, ටීවී තුළ වෙනම සුසුර කළ හැකි උපාංගයක් නැති නිසා වෙනම කේබලයක් අවශ්‍ය වෙනවා.

Post a Comment

2 Comments

  1. අඩේ මාරයි නේ..ඔය ක්‍රමේ දියුණූ කලොත් අපිට සිරසෙ ප්‍රවෘත්තියි අයිටීඑන් ප්‍රවෘත්තියි ඩීජේ කරල මික්ස් කරල ඔන්ලයින් අහන්න පුලුවනි...

    ReplyDelete
  2. eka hodai nathnam maragannawane tv balanna.

    ReplyDelete