HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

රූපවාහිනී තිරයේ මහ පෙරළියක් ! අනාගත රූපවාහිනිය දැන් ඇවිල්ලා !

ඇදැහිය නොහැකි විස්මිත පැතලි තිරය; අඟල් 55යි. ඝනකම මිමී 4යි.

මේ අපූරු රූපවාහිනිය LG ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබුවේ ගිය සතියේයි. ඔවුන්ගේ නවතම රූපවාහිනි යන්ත‍්‍රය මෙයයි.

ස්මාට් ෆෝනවල ඇති උසස් තත්වයේ තාක්ෂණයේ කාබනික ආලෝක විමෝචක දියෝඩය හෙවත්  ඕගනික් ලයිට් එමිටින් ඩයෝඩ OLED භාවිතය. බර කි.ග‍්‍රෑ. 7.5 යි. මෙය පෝස්ටරයකට වඩා ටිකක් ගණකම්. එසේම වර්තමාන LED සෙට්වලට (ලයිට් එමිටින් ඩයෝඩ සෙට්වලට) වඩා 1000 ගුණයක් වේගවත්.






මේ රූපවාහිනි තිරය තුනීයි, රූප ඉතා පැහැදිලියි, සැබෑ වර්ණවලින් යුක්තයි. වෙනත් කිසිම රූපවාහිනියක නැති වේගවත් බවක් මෙහි තියෙනවා. මේ සඳහා යොදා ගෙන තියෙන්නේ සැම්සුන් ආයතනයේ ගැලැක්සි එස් 5 වැනි ෆෝන්වල ඇති උසස් තාක්ෂණයයි. එම තාක්ෂණය යොදා විශාල තිර සැකසීම මෙතෙක් අධික වියදමක් දැරීමට සිදු වුණත් දැන් එහෙම නැහැ. අඩු වියදමෙන් එය දැන් කළ හැකිව තියෙනවා.

මේ සෙට් එකේ පික්සල් හතර බැගින් තියෙනවා. මෙතෙක් සාමාන්‍යයෙන් තිබුණේ පික්සල් තුනක් විතරයි. ඒ නිසා මෙහි රූපවල සැබෑ වර්ණ මෙහි තිරයෙන් දැක ගත හැකියි. අති වේගවත්ව චලනය වන දේ රූප රාමුව තුළ වෙනත් තිරවල මෙන් බොඳවීමක් නොමැතිව මේ තුළින් බලන්න පුළුවන්.

‘අපේ මේ නව නිපැයුම හැම අතින් ම පරිපූර්ණ එකක්. දැන් ඇති LCD වලට වඩා දියුණුයි. ඒවාට සාපේක්ෂව වෙළඳ පොළේ සැලකිය යුතු අඩු මිලකටයි මෙය දෙන්න.' LG ඉලෙක්ට්‍රොනික්ස් ප‍්‍රධාන විධායක නිලධාරි හැවිස් කෝන් කියන්නේ මෙය අනාගතයේ නිවෙස්වල අනිවාර්යයෙන් ම තිබෙන අංගයක් වනවාට නිසැකයි.

Post a Comment

4 Comments

  1. me lassana aluth TV eken balanna vatinaa deval thibunoth kochchara hodayda?

    ReplyDelete
  2. @ Ano1 ai umbata TV eke balanna mukuthma nadda ban?

    ReplyDelete
  3. එළ.... ගානත් සැර ඇති....

    ReplyDelete
  4. එල් සී ඩී වලට වඩා සාපේක්ෂව අඩු මිල රුපියල් ලක්ෂ හතරට අඩු නොවෙන බවට මෙන්න කැට. අපේ රටට ගෙනෙන කලිසම් කොටයටත් ගහන්නේ එසේ මෙසේ බද්දක්ද?

    ReplyDelete