HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

සීයා හා මුනුපුරා - දෙන්නාගේ වයස කීය ද? ගණිත විනෝදය 3


මේ ගැටලූවත් අප තෝරා ගත්තේ වයි. පෙරෙල්මාන්ගේ ‘ගණිත විනෝදය’ පොතෙන්. මේ වගේ නුවණත්, දැනුමත්, විනෝදයත් එක විට ලබා දෙන පොත් කීපයක් ම පෙරෙල්මාන් විසින් රුසියන් බසින් කරල තියෙනවා. වාසනාවකට වාගේ ඒවා සිංහල බසටත් පෙරළලා තියෙනවා. ඒ නිසයි අපට මෙහෙම ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නෙ. මෙන්න අද ගැටලූව. මේකත් වයස සෙවීමේ ගැටලූවක්.


මම දැන් කියන දේ සිදුවූයේ 1932 දී. ඒ අවුරුද්දේ මගේ වයස හරියටම මම උපන් අවුරුද්දේ අග ඉලක්කම් දෙක පෙන්නුම් කරන සංඛ්‍යාවට සමාන වුණා. මම ඒ අනුපාතිකය ගැන සීයාට කීවාම ඔහු මාව පුදුමයට පත් කරමින් ඔහුගේ වයසටත් එම අනුපාතිකයම ඇති බව කීවා. එය විය නොහැකි දෙයක් ලෙස මට පෙනුනා”

”ඇත්තටම එහෙම වෙන්න බැහැ” කවුදෝ කීවා.

” ඒක එහෙමමයි. සීයා ඔප්පු කරල පෙන්නුවා. අපි දෙන්නාගේ වයස කීය ද?”

විසඳන්න පුලූවන් නම් පිළිතුර Comments වලින් දන්වන්න.

පිළිතුර හෙට : මල් කැකුළු තුළින්

Post a Comment

5 Comments