5

පළමුවරට මාධ්‍යයට පැමිණි අරංගයාගේ (Arrenga) කතාව

2012 ජනවාරි 02 දා නිකුත් වූ ‘අද’ මංගල පුවත්පතේ පළ වූ අප සිත්ගත් එක් විශේෂාංගයක් ගැන මේ සටහන තබන්නේ පරිසරවේදී ප‍්‍රදීප් සමරවික‍්‍රම කරන මෙහෙය පැසසීමටය.

1872 දී වර්ෂයේදී පක්ෂි ලෝකයට හඳුන්වා දුන් අරංගයා (Arrenga)  ශී‍්‍ර ලංකාවට ආවේණික ඉතාමත් දුර්ලභ කුරුල්ලෙකි. වසර 140ක ඉතිහාසය තුළ අරංගයාගේ කූඩුවක්, බිත්තර හෝ කූඩුවක සිටින පැටවුන් කිසිවකු ඡායාරූප ගත කර නොතිබිණි. ප‍්‍රදීප් සමරවික‍්‍රම තරුණ පරිසරවේදියා ඒ කාර්යය වසර කීපයක සිට ඉතා රහසිගතව සිදුකළේය.

ගෙවුණු වසරේ විදුලොව අපූරු සිදුවීම්

2011 වසර විද්‍යාවට වැදගත් වන සොයා ගැනීම්, නව නිපැයුම් මෙන් ම අපූරු සිදුවීම් රැසක් ද බිහි කළ එකක් විය. මේ සටහන වෙන් වන්නේ ඒ අතරින් ලොවපුරා කාගේත් වැඩි අවධානයක් යොමු වූ අපූරු සිදුවීම් කිහිපයක් ඉදිරිපත් කිරීමටය.
5

ඩ‍්‍රැකියුලා සහ ලේ පිපාසිත වැම්පයර්වරුන්ගේ අබිරහස, මිථ්‍යා කතාවල ඇත්ත නැත්ත : ලෝකයේ නොවිසඳුණු අබිරහස්

අපේ ලෝකය හරිම පුදුමාකාර තැනක්. ජීවයෙන් පිරුණු සුන්දර තැනක් මෙන්ම හරිම අපූරු අද්භූත දේවල්වලිනුත් පිරිලයි, තියෙන්නේ. අමුතු අද්භූත දේවල් අහන්න දකින්න අකමැති කවුරුද? අපේ මිහිතලයේ ඇති සමහර අබිරහස් විසඳීමට විද්‍යාවට හැකිවී නැහැ. ඒවා විද්‍යාත්මක න්‍යායන්ට හසුවන්නේ නැහැ. සමහර දේ ගැන විද්‍යාත්මකව විග‍්‍රහ කරන්නට තැත් කළත් ඒවා ද එතරම් සාර්ථකවී නැහැ. දිනෙන් දින මෙම අබිරහස් ගැන තොරතුරු හෙළිදරව් වෙනවා. ඒවා ගැන කතා වෙනවා. ඒ අතරින් මිථ්‍යා කතා, මිථ්‍යා විශ්වාස මුල් තැනක් ගන්නවා.

2

ඇමරිකන් සිසුවකුගේ අලූත් ම නිපැයුමක් - විදුලියෙන් කි‍්‍රයා කරන තනි රෝදේ ‘සයිකලයක්’

ඔන්න, බලන්න අත් නෑ. ඇත්තේ තනි රෝදයක් විතරයි. නවතම තනිරෝදේ සයිකලය. මෙය පදවන්නේ එය නිපදවූ ස්ටීවන් බෝයර් නම් සිසුවාමයි. ඔහු ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ ඉගෙන ගන්නා අයෙක්. ගමන නතර කරන විට මෙහි ඇති විදුලි මෝටරය නවතා දැමීමට එක අතකින් අල්ල ගෙන සිටින විදුලි රැහැනකට සම්බන්ධ කළ ස්විචයකින්.
2

මිනිසාට කලින් උඩට ගිය සතුන්ගේ කතාව : දැන මුතු

මිනිසා අභ්‍යවකාශය ජය ගන්න කලින් ඊට මග හෙළි කිරීමට අභ්‍යවකාශයට ගිය සතුන් හුඟක් ඉන්නවා. චිම්පන්සින්ගේ සිට බල්ලන් හා බිම් පණුවන් දක්වා නොයෙක් නොයෙක් සතුන් උඩු ගුවනට යවා තිබෙනවා. මිනිසා උඩුගුවන ජය ගන්නට කලින් රොකට්ටුවල ගමන් කිරීම ආරක්ෂිතද? අභ්‍යවකාශයේ ස්වභාවය මොන වගේද? මිනිසාට අභ්‍යවකාශය ජය ගැනීමට ඇති බාධාවන් මොනවාද? ශූන්‍ය ගුරුත්වය මිනිසාට හිතකර වේවිද? නැද්ද? ආදී ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීමට අත්හදා බැලීම් වශයෙන් තමයි, මේ සතුන් උඩට ගියේ. සමහරුන් නම් උඩට ගියා මිසක් ආපහු පොළොවට එන්න ඔවුන්ට අවස්ථාව ලැබුවේ නැහැ. ඔවුන්ගෙන් සමහරුන් දිවි පූජා කළේ මුළු මිනිස් සංහතියේම යෝධ පියවරක් වෙනුවෙනි. සතුන් අභ්‍යවකාශයට යවා අත්හදා බැලීම් සිදුකළ ජාත්‍යන්තර අභ්‍යවකාශ ඒජන්සි පහක් තිබෙනවා. ඒවා නම් ඇමෙරිකාව, රුසියාව, ප‍්‍රංශය, චීනය හා ජපානයයි.
2

කේ. ජයතිලක, මැක්සිම් ගෝර්කි හා මාර්ටින් වික‍්‍රමසිංහ පොතෙහි අගය දුටු හැටි : පොත් ගැන

අන්තර්ජාලයෙන් හඳුනාගත් ඔබ හැමට මේ ලැබුවාවූ 2012 වසර සාමයෙන් හා සෞභාග්‍යයෙන් පිරි පී‍්‍රතිමත් එකක් වේවායී පොතේ භාෂාවෙන් සුබ පතන්නට අදහස් කළේ අවුරුද්දේ පළමු සටහනින් පොත් ගැන යමක් ගෙන හැර දක්වන්නට සිතූ හෙයිනි; පොත් ගැන කතා කිරීම සුබ කටයුත්තක් ලෙස මා සලකන බැවිනි.

කේ. ජයතිලක, මැක්සිම් ගෝර්කි හා මාර්ටින් වික‍්‍රමසිංහ පොතෙහි අගය දුටු හැටි
මේ සටහන ලියන්නට සිත් වූයේ ගිය වසරේ අපෙන් වියෝ වී ගිය කේ. ජයතිලක නම් මහා ප‍්‍රාඥයා ගැන පළ කළ පොතක් නිසාය. ඒ පොත ලියා තිබුණේ අපේ ප‍්‍රකට ලේඛිකාවක වූ කැත්ලීන් ජයවර්ධන විසිනි. කේ. ජයතිලකයන්ගේ කෘතීන්වල ඇතුළත් වූ හරබර අදහස් උපුටා ගනිමින් ‘පැහැසර සිතුවිලි - කේ. ජයතිලක නිර්මාණ සැරිසර’ නමින් ඇය විසින් ලියා ඇති එම කෘතිය ජයතිලකයන්ට කරන ලද විශිෂ්ටතම උපහාරය ලෙස මම දකිමි. (පැහැසර සිතුවිලි - ISBN 978-955-1715-27-4)
2

ඔබ සැමට සුභ නව වසරක් වේවා...! පසුගිය වසරේ ජනප්‍රියම මල් කැකුළු ලිපි 10 මෙන්න


ඔබ සැමට සුභ නව වසරක් වේවා..! 


මල් කැකුළු
වෙතින්...!

දවසක් අහිමි කර ගෙන එහි සතුට බුක්තිවිඳින රාජ්‍ය දෙකක් - පැය 24ක් අනාගතයට පැන්න පිම්මක්

අද දෙසැම්බර් 31 වැනිදා, සෙනසුරාදා. ඊයේ 2011 දෙසැම්බර් 30 වැනිදා, සිකුරාදා. ඊයේ සිකුරාදා දවස අත ඇරලා කෙළින් ම බ‍්‍රහස්පතින්දා දිනයෙන් සෙනසුරාදා දිනයට පා තැබූ රටවල් දෙකක් ගැන අපූරු කතාවක් කියන්නයි, මේ හදන්නෙ. ඒ තමයි, දකුණු පැසිෆික් සාගරයේ පිහිටි සැමෝහා සහ ටෙකැලෝ කියන කුඩා දූපත් රාජ්‍ය දෙක. (මේ නම්වල නිවැරදි උච්චාරණය කේම්බි‍්‍රජ් විශ්වකෝෂයේ දක්වා ඇත්තේ මෙහෙමයි)

සැමෝහා දූපතේ වැසියන් 2011 දෙසැම්බර් 29 වැනි බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාති‍්‍ර 12ට එරට අගනුවර වූ අපියා නගරයේ ප‍්‍රධාන ඔරලෝසු කනුව ළඟට එක් රොක්වුණේ මේ වෙනස් වීම උත්සවාකාරයෙන් සමරන්නයි. එහි ඔරලෝසුවේ කටු කරවා පැය 24ක් ඉදිරියට ගෙන යාමේ සතුටුදායක මොහොත ගැන සඳහන් කරමින් සැමෝහා අග‍්‍රාමාත්‍යවරයා වූ ටුයිලේපා සයිලේලේ මලේලේගොයි මහතා නවසීලන්ත ගුවන් විදුලියෙන් කතා කරමින් කීවේ ”මින් ඉදිරියට නවසිලන්තයෙන් හෝ ඔස්ටේ‍්‍රලියාවෙන් කිසියම් කටයුත්තකට සඳුදා කියා සිතා කතා කරන කෙනෙකුට අපට එදා ඉරිදා නිවාඩු දවසක් බව කියන්න වෙන්නේ නැහැ. අපේ ජනගහනයෙන් වැඩි කොටසක් ජීවත්වන ඒ දෙරටේත් අපේ රටේත් දින දැන් එක සමානයි” කියායි. මෙය වසර 119ක් තිස්සේ එරට ව්‍යාපාරික ප‍්‍රජාව කළ ඉල්ලීමක ප‍්‍රතිඵලයක්.
3

අවුරුදු 2,000 ක් පැරැණි පරිගණකයක්, බැග්ඩෑඞ් බැටරිය සහ පුරාණ මිසර වැසියන්නේ විදුලි බල්බය : පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතාව

මෙය පුරාණ පිටසක්වළ ජීවීන්ගේ ලිපි මාලාවට විශාල ප්‍රතිචාරයක් ලැබුණු නිසා තවත් විස්තරයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. පුරාණයේ පිටසක්වළ ජීවීන් පෘථිවියට ඇවිත් මානව ඉතිහාසයේ වෙනසක් ඇති කළ බව සැක කලහැකි සාක්ෂි , කෞතුක වස්තු, ලෙන් චිත‍්‍ර, කැටයම්, මූර්ති හා අබිරහස් සිතියමක් ගැන අප කලින් ඉදිරිපත් කලෙමු.  පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පැමිණි අමුත්තෝද? ලිපියට හා පිරමීඩ පරයන මහා අබිරහස: ‘පූමාපුංකු' ලිපියටත් අදහස් රාශියක් ලැබුණි.

අද තවත් අපූරු දෙයක් කියන්නයි සූදානම් වෙන්නේ. මේ පුරාණයේ භාවිතා කළ ගණනය කිරීමේ යන්ත‍්‍රයක් එහෙම නැතිනම් පරිගණකයක් ගැන විස්තර හා මිසර වැසියන් භාවිතා කළ විදුලි බුබුලක් හා ඒවාට විදුලි බලය ලබා දුන් බැටරියක් ගැන විස්තරයක් තමයි මේ.

වර්තමාන කැලැන්ඩරයට අලූත් කැලැන්ඩරයක් - අධික අවුරුද්දක් නෑ - අවුරුද්දකට දින 364යි - ගනින්න ලේසියි - ආර්ථිකයට පහසුයි

ඇමරිකාවේ බෝල්ටිමෝරයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ගණිතඥයන් හා ආර්ථික විශේෂඥයන් පිරිසක් එක්ව නව දින දර්ශනයක්, ඒ කියන්නෙ අලූත් කැලැන්ඩරයක් හදලා තියෙනවා, අධික අවුරුද්දක් නැතිව පාවිච්චි කළ හැකි. ඒ අනුව සෑම අවුරුද්දකම  උපන්දින, නිවාඩු දින, නත්තල් දිනය ආදී හැම දිනයක් ම එකම දිනයකටයි වැටෙන්නෙ. හැන්කේ-හෙන්රි ස්ථාවර කැලැන්ඩරය යනුවෙන් නම් කර ඇති මේ නව කැලැන්ඩරය හඳුන්වා දෙන පිරිසේ නායකත්වය ගෙන තියෙන්නේ ආචාර්ය හෙන්රි පාකර් සහ ආචාර්ය ස්ටීව් හැන්කේ යන විශේෂඥයන් දෙපොළයි. ඔවුන්ගේ මේ කැලැන්ඩරය දැන් ලොව පුරා බහුලව පාවිච්චි කරන ග්‍රෙගරියානු කැලැන්ඩරයට, ඒ කියන්නේ කි‍්‍රස්තු වර්ෂ කැලැන්ඩරයට වඩා වෙනස් එකක්.

0

කැලැන්ඩරයෙන් එල්ල වන අභියෝගය : කැලැන්ඩරයේ කතාව - 3

කෙසේ වෙතත්, නියම කැලැන්ඩරයක් තැනීම මිනිසාට යුග ගණනාවක් තිස්සේ මහත් හිරිහැරයක් ව පැවති බවට සැකයක් නැහැ. කාලය, දින, සති, මාස හා අවුරුදු ගණනින් බෙදා දැක්වීමේ දී ඒවා නිසි ලෙස ගැලපෙන්නේ නැති බවෙන් ම මෙය පැහැදිලි වෙනවා.

වසර දහස් ගණනක් තිස්සේ මිනිසා වඩාත් නිවැරදි කැලැන්ඩරයක් හදන්න වෙහෙසුණා. එහෙත් තවමත් හරියටම හරියන කැලැන්ඩරයක් තනා ගන්නට මිනිසාට හැකි වී නැහැ. තවමත් තත්පර 26ක වෙනසක් අපේ කැලැන්ඩරයේ තියෙනවා.
0

අපේ සිංහල අවුරුද්දට පදනම් වූ ශක වර්ෂ ක‍්‍රමය හා වර්තමානයේ භාවිත වන කැලැන්ඩරය : කැලැන්ඩරේ කතන්දරේ 2

සිංහල අවුරුද්ද අයත් වන්නේත් හිරුගේ ගමන් මඟ ඇසුරෙන් සකස් කළ කැලැන්ඩරයකටයි. එය හැඳින්වෙන්නේ ශක වර්ෂ කියලයි. සාමන්‍යයෙන් අප සූර්ය වර්ෂ ක‍්‍රමයේ අවුරුද්ද ලෙස හඳුන්වන්නේ පෘථිවිය සූර්යයා වටා එක් වටයක් යාමට ගත වන කාලයයි. ඒත් සිංහල අවුරුදු දිනය ගණනය කරන ශක වර්ෂ ක‍්‍රමය අනුව ශක වර්ෂයකට අයත් වන්නේ සූර්යයා මේෂ රාශියේ සිට රාශි දොළහ හරහා මීන රාශිය තෙක් යන කාලයයි. අප සිංහල අවුරුද්ද උදාවීම ලෙස සමරන්නේ මේ වසරක ගමන් මග අවසානයේ සූර්යයා මීන රාශියෙන් යළිත් ගමන් ඇරැඹීමට මේෂ රාශියට යන සංක‍්‍රමණ අවස්ථාවයි. ඒ අනුව ශක වර්ෂය ඇරඹෙන්නේ අපේ‍්‍රල් මාසයේ 13 වැනිදාට ආසන්න දිනයකිනි. මේ ශක වර්ෂයේ ආරම්භකයා ලෙස සැලකෙන්නේ කි‍්‍රස්තු වර්ෂ 87 දී දඹදිව (ඉන්දියාවේ) රජකම් කළ ශාලිවාහන නම් ශක රජුයි. සිංහල අලූත් අවුරුදු නැකත් හදන්නේ මේ කැලැන්ඩරය යොදා ගෙනයි.

කැලැන්ඩරය උපන්නේ කොහොමද? : කැලැන්ඩරේ කතන්දරේ 1

තවත් අවුරුද්දක් ඉවරවෙලා නව අවුරුද්දක් උදා වෙනවා. හැමදාම කැලැන්ඩරය දැක්කත් කැලැන්ඩරයේ කතාව මතක් වෙන්නේ අවුරුද්දක්ට සැරයයි. මේ කැලැන්ඩරයේ කතාව කොතරම් පැරණි එකක් ද? සමහර විට ආදී මිනිසා දවල් ? වීම? එළි වීම ගැන මුලින් ම හිතන්න පටන් ගන්න ඇති. ඊළඟට ගහකොළ මුලින් මලින් ඉතිරී යන හැටි, ඉන්පසු පලතුරුවලින් බර වී යන හැටි, ඒ වගේ ම තවත් කලක් යද්දී ඒ ගස්වල කොළ හැළී දේශගුණය උණුසුම් වෙන හැටි, අත්දකින්නට ඇති. ඊළඟට ශීත කාලය එළඹි පසු ඉන් මිදෙන්නට ගල් ලෙන්වලට යන්න ඇති. තැනින් තැන යමින් දඩයමින් ජීවත් වූ මිනිසා එක තැන නැවතී වගාවට, ඒ කියන්නේ කෘෂිකර්මයට, හුරු වූ පසු කාලය ගැන වැඩිපුර උනන්දු වෙන්න ඇති. ඒ නිසා මිනිසා දින දර්ශනය, එනම් කැලැන්ඩරය, ගැන හිතන්න පටන් ගන්න ඇත්තේ කාලය ගැන උනන්දුවක් දක්වන්නට පටන්  ගත්දා සිට යැයි කිව හැකියි.

0

හැරී පොටර්ගේ අදිසි සළුව හැබෑවක් වේවිද? : දැන මුතු

හැරී පොටර් පොත් කියවනවා නම්, ඒවා පාදක කර ගෙන තැනුණු චිත‍්‍රපට නරඹලා තියෙනවා නම්, හැරී පොටර් නොපෙනී යන්න පාවිච්චි කරන ‘අදිසි සළුව’ ගැන දන්නවා ඇති. හැරී පොටර් කතා මාලාවට මෙන්ම සුප‍්‍රසිද්ධ ගි‍්‍රම් සොයුරන්ගේ සුරංගනා කතාවලත් නොපෙනී යා හැකි සළු ගැන කියැවෙනවා. ප‍්‍රබන්ධ සාහිත්‍යයේ ප‍්‍රසිද්ධ මේ අදිසි සළු යථාර්ථයක් කර ගන්න යුරෝපයේ විද්‍යාඥයන් පිරිසක් සමත් වුණා.
3

අවුරුදු 9500ක් පැරණි වළල්ලකින් හෙළිවූ විස්මිත තාක්ෂණික හපන්කමක් - එතරම් හොඳින් හදන්න අදටත් බැරිලූ

මේ ඉපැරණි වළල්ලේ කැටයම් කෙතරම් සංකීර්ණ ඒවා ද යත් අද ලොව සිටිනා දක්ෂතම නිර්මාණ ශිල්පීන්ට වුවද මෙය අබිබවා යා නොහැකි යැයි පෙනී ගොස් තියෙනවා. මේ බව හෙළි වී ඇත්තේ පරිගණක තාක්ෂණයේ අලූත් ම හැකියාවන් යොදා ගෙන කළ විශ්ලේෂණයන් අනුවයි.

තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ පිහිටි ප‍්‍රංශ තාක්ෂණි ආයතනයක් වන ‘ඉන්ස්ටිට්‍යුට් ෆ‍්‍රැන්සියා ඩි’එටුඬේ ඇනටෝලියනේ’ සහ ලැබ‍්‍රටොර් ඩි ටි‍්‍රබොලොජි එට් ඩි ඩයනමික්ස් ඩි සිස්ටම්ස් ආයතනයත් එක්ව මෙම වළල්ලේ මතුපිට හා යට ස්තරවල ඇති තත්වය මයික්‍රො-කේතරේඛීය ලක්ෂණ හඳුනා ගැනීමේ ක‍්‍රමවේදය යොදා ගෙනයි, මෙම අධ්‍යයනය කරල තියෙන්නෙ.
2

බුදුරදුන් සූත‍්‍ර දේශනාවකින් සිංහනාද කළ හැටි : බුදුන් දුන් ඔවදන්

බුදුන්වහන්සේ වැඩ සිටි කාලයේ දඹදිව තවත් බොහෝ ශාස්තෲන් වහන්සේලා විසූහ. ඔවුහූ විවිධ දර්ශන දේශනා කළහ. තමන්ට ගරු බුහුමන් හා සත්කාර පතා පුද්ගලාභිවාදනයෙහි හා ආත්ම වර්ණනයෙහි යෙදුනහ. එහෙත් බුදුහු එසේ නො වූහ. ගරු බුහුමන් පතා තම බුද්ධි මහිමය හෙළි නොකළහ. ධර්ම ප‍්‍රචාරය උදෙසා වුවද ඍද්ධි ප‍්‍රාතිහාර්යය පෑම පවා තහනම් කළහ. එහෙත් උන්වහන්සේ සිය බුද්ධි මහිමය හා බුද්ධත්වයට පත් වීමට තමන් කළ කැපවීම කෙබඳු දැයි කියා පෑ අවස්ථාවක් තිබේ. උන්වහන්සේ එසේ කළේ තම උතුම් බව ප‍්‍රකාශ කිරීමට පුරසාරමක් ලෙස නොව තම අනුගාමිකයන්ට ඇත්ත ඇති සැටියේ කියා ඔවුන්ට යථාවබෝධය ලබා දෙනු පිණිසය.

කෝකිලයන් පස් දෙනකු සමග ගිය විස්මිත ගමනක් - පක්ෂි විද්‍යාවේ නව ගවේෂණයක්

ශීත කාලය ඇරඹෙද්දී බි‍්‍රතාන්‍යයේ සිට දකුණදිග බලා විවිධ මාර්ග ඔස්සේ ගිය කොවුලන් පස් දෙනකු අපි‍්‍රකාවේ රටක එකම ප‍්‍රදේශයක දී යළි එක්ව සිටිනු දැක, කුරුලූ විද්‍යාඥයන් පිරිසක් පසුගිය දා මවිතයට පත් වුණා. කෝකිලයන් මිහිරි නාද පතුරවන්නට පමණක් නොව පර්යටනයේ Migration යෙදෙන්නට ද එකසේ දක්ෂ බව මේ ගවේෂණයෙන් හෙළිදරවු වුණා.
5

පිරමීඩ පරයන මහා අබිරහස: ‘පූමාපුංකු’ Pumapunku : පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතාව

මෙය පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතා  මාලාවේ තවත් කොටසක් වේ. පුරාණයේ පිටසක්වළ ජීවීන් පෘථිවියට ඇවිත් මානව ඉතිහාසයේ වෙනසක් ඇති කළ බව සැක කලහැකි සාක්ෂි , කෞතුක වස්තු, ලෙන් චිත‍්‍ර, කැටයම්, මූර්ති හා අබිරහස් සිතියමක් ගැන අප කලින් ඉදිරිපත් කලෙමු.  අප නැවතත් කියනුයේ, අප මෙම ඉදිරිපත් කරන තොරතුරු ලොක ඉතිහාසයේ අබිරහස් ලෙස පවතින එවාය. මෙමගින් පිටසක්වළ ජීවීන් සිටිනවා කියා කිසිසේත් නිගමනය නොකරමු. ළමා හා වැඩිහිටි මනසට විශ්මිත තොරතුරු පිලිබදව විවෘත මනසකින් බැලීමට පෙලබවීම අපගේ අරමුණ වේ.
2

අලිඇතුන්ගේ පාදය ගැන කළ අලූත් සොයා ගැනීමක් : දැන මුතු

මේ දවස්වල පෙරහර වැහි වැහලා. අලි රටපුරා ගෙන යනවා පෙරහරවල අලංකාරයට එක්ක කර ගන්න. අලි බලන එක බලි බලනව වගේ බලල ඇති වෙන එකක් නෙවෙයි කියල කතාවකුත් තියෙනවා. ඒත් ඔබ කොයිම වෙලාවකවත් අලියකුගේ පාද දෙස  ඕනෑමින් බලා ඉඳලා තියෙනවද? එහෙම බලා සිටියා නම් ඔබ දකින්න ම  ඕනෑ දෙයක් තමයි, අලියාගේ පාද හතරම එකම අතකට, ඒ කියන්නෙ ඇතුළු පැත්තට, නමන්නට පුළුවන් බව. ක්ෂීරපායී සතුන් අතරින් මිනිසා ඇතුළු හැම සතකුගෙම අත් උඩ අතටත් පාද පසුපසට නමන්න පුළුවන්, ඒ කියන්නෙ ප‍්‍රති විරුද්ධ පැතිවලට විතරයි නැමෙන්නෙ. මේ විදියට පසුපස නැවිය හැකි වෙන්න හන්දි පිහිටලා තියෙන්නේ මුළු ලෝකෙන්ම අලි ඇතුන්ට විතරයි. අද අපි කියන්න යන්නේ අලිඇතුන්ගේ පාදය ගැන කළ අලූත් සොයා ගැනීමක් ගැනයි. 
10

පාස්කු දූවේ මෝයි පිළිම අබිරහස : නොවිසඳුණු අබිරහස්

1722 වසරේ පාස්කු ඉරිදා දිනයක ලන්දේසි දේශගවේෂක යාකොබ් රොගෙවීන් Jacob Roggeveen  සහ ඔහුගේ දේශගවේෂණ කණ්ඩායම ගිනිකොනදිග පැසිෆික් සාගරයේ පිහිටා ඇති පුංචි දූපතකට ගොඩබැස්සා. වෙරළාසන්නයේ පුංචි පුංචි වේදිකා මත ඉදිකර තිබූ සුවිසල් පිළිම දැකීමෙන් රොගෙවීන් සහ ඔහුගේ පිරිස පුදුමයට පත් වුණා. ඔවුන් පුදුම වුණේ මේ පිළිමවල අපූර්වත්වය නිසාම නොවෙයි. ගස්කොළන්වලින් තොර මේ කුඩා දූපතේ මෙවැනි යෝධ ගල් පිළිම ඉදිකළේ කොහොමදැයි සිතීමෙනුයි. මේ දූපතට මුලින්ම පය තැබූ යුරෝපීය ජාතිකයා රොගෙවීන්ය. දූපත ‘අයිලා ඞී පැස්කුවා’ (ඊස්ටර් අයිලන්ඞ්) හෙවත් ‘පාස්කු දූපත’ යනුවෙන් නම් කළේ ඔහුයි. මේ පාස්කු දූපත අබිරහස්වලින් පිරුණු තැනක්. ‘මෝයි’ Moai යනුවෙන් හැඳින්වෙන මෙම පිළිම නිසා පාස්කු දූපත අද ලොව පුරා ප‍්‍රසිද්ධයි. මෙය යුනෙස්කෝ ආයතනය විසින් ලෝක උරුමයක් World Heritage ලෙසත් නම් කර තිබෙනවා.
5

පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි (විශ්වයෙන් ආ අබිරහස් සංඥාව දෙවැනි කොටස) : ලෝකයේ නොවිසඳුණු අබිරහස්

පිටසක්වළ ජීවය පවතිනවාදැයි සොයා බැලීම් සිදු කෙරෙන්නේ සෙටී SETI මෙහෙයුම මගින් බව අපි කීවා මතක ඇති. සෙටී යනුවෙන් හැඳින්වෙන්නේ Search for Extraterrestrial Intelligence හෙවත් පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සිටීදැයි සිදු කරන මෙහෙයුමකි. සෙටී මෙහෙයුම දියත් කළේ ‘ග‍්‍රහලෝක එකමුතුව’ Planetary Society නම් සංවිධානයයි. ‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට නැංවෙන්නේ ලොව පුරා නොයෙක් ස්ථානවල ස්ථාපිත කර ඇති රේඩියෝ දුරේක්ෂ නැතහොත් ගුවන් විදුලි දුරේක්ෂ යොදා ගනිමිනි. මෙම දුරේක්ෂ ආධාරයෙන් නිරතුරුව ම ඈත විශ්වයට තරංග හෝ සංඥා හෝ නිකුත් කර යැවෙනවා. විශ්වයේ බුද්ධිමත් ජීවීන් ඇත්නම් මෙම සංඥා හඳුනා ගෙන, තේරුම් ගෙන ඔවුන් ප‍්‍රතිසංඥාවක් එවුවොත් එයට සවන් දීමට හා ග‍්‍රහණය කිරීමට සූදානමින් සිටීම සෙටී මෙහෙයුමේ ප‍්‍රධාන අරමුණයි.
3

විශ්වයෙන් ආ අබිරහස් සංඥා : ලෝකයේ නොවිසඳුණු අබිරහස්

අපේ මේ විශ්වය කොතරම් විශාලද? මේ විශ්වයේ සිටිනා බුද්ධිමත් ජීවීන් වන්නේ මනුෂ්‍යයන් පමණක්ද? එහෙම නැත්නම් අපි විශ්වයේ පෘථිවිය නමින් හැඳින්වෙන මේ ග‍්‍රහලොවේ ජීවත් වන බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් පමණද? පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන අපට විටින් විට අසන්න ලැබෙනවා. පිටසක්වළ යානා, පිටසක්වළ ජීවීන්ගේ ඡායාරූප විදෙස් පුවත් සේවා හරහා දකින්න ලැබෙනවා. ශී‍්‍ර ලංකාවට ද පිටසක්වළ ජීවීන් පැමිණි බවට නොයෙක් නොයෙක් අවස්ථාවලදී අපට අසන්නට ලැබුණා. පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන ඇති උනන්දුව නිසාම චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය පවා නිර්මාණය වෙනවා. පොත්පත් සඟරා ආදිය පළ වෙනවා. පිටසක්වළ ජීවීන් විසින් මිනිසුන් පැහැර ගෙන ගිය අවස්ථා සහ මිනිසුන් යොදා සිදු කළ විවිධ පර්යේෂණ ගැන අසන්න ලැබෙනවා.
0

කවුද මේ නත්තල් සීයා? : දැන මුතු

නත්තල් සීයා යනු නත්තලේ අසිරියයි. නත්තලේ සංකේතයයි. අපේ රටේ බොහෝ විට දකින්න ලැබෙන්නේ සීයා කෙනකු නොව සීයා කෙනකුගේ වෙස් මුහුණක් පැලඳ නගරබද සුපිරි වෙළඳ සලක් ඉදිරිපිටට වී බැලූම් බෝල අතින් එල්ලා ගෙන පොඩිත්තන්ට අත වනමින් ගැහැනු ළමයින්ට උසුළු විසුළු කරමින් ඉන්නා තැනැත්තෙකි. සැන්ට ක්ලෝස් හෙවත් නත්තල් සීයා, ශාන්ත නිකලස්, ෆාදර් ක‍්‍රිස්මස් (නත්තල් පප්පා), කි‍්‍රස් කි‍්‍රන්ගල් කියා හෝ නිකම් ම ‘සැන්ටා’ කියා හෝ හැඳින්වෙයි. බොහෝ බටහිර රටවල මේ චරිතය හඳුන්වන්නේ දෙසැම්බර් 24 වැනිදා, එනම් නත්තලට පෙරදා හැන්දෑවේ හෝ සාන්ත නිකලස් පියතුමාගේ මංගල්‍යය යෙදෙන දෙසැම්බර් 6 වැනිදා තෑගි බෝග ගෙනෙන සුවිශේෂ පුද්ගලයකු ලෙසය.
0

පෘථිවියේ අවසානය සිදු වන හැටි විද්‍යාඥයෝ දකිති, තවත් වසර බිලියන පහකට පසු සිදුවන්නක් : අලුත් සොයා ගැනීම්

ලෝකාවසානය ගැන නොයෙක් කතා පසුගිය කාලය තිස්සේ අපි ඇහුවා. ඔබත් අහන්න ඇති. පැරණි පොතපත අවුස්සමින් ලියූ පොතපතින්, අනාවැකි කියන්නන්ගේ ප‍්‍රවාදවලින්, ආගමික හෙළදරව්වලින්, පැරණි අභිලේඛන ඇසුරෙන් තමයි, මේ කතා අපට අහන්නට ලැබුණේ. ඉපැරණි මායා කැලැන්ඩරය 2012 වසරෙන් පසු ඉදිරියට ගණනය කරල නැති නිසා එළඹෙන වසරේ ලෝකාවසානය සිදු වන්නේ යැයි කියන අයත් ඉන්නවා. ඒත් දැන් නාසා ආයතනයේ අලූත් ම දත්ත පදනම් කර ගෙන තවත් වසර බිලියන ගණනකින් සිදු වන පෘථිවියෙහි අවසානය කෙබඳු වේදැයි අනුමාන කළ හැකි අත්දැකීමක් ලැබ ගන්නට දැන් තාරකා විද්‍යාඥයන්ට හැකිවී තිබේ. ඒ ප‍්‍රසාරණය වෙමින් මිය යන තරුවක ගිනි දැල්ලට හසුවෙමින් ඇති තවමත් අවසාන වශයෙන් ගිල නොගත් ග‍්‍රහයන් දෙදෙනකු දැක ගැනීමට ලැබීමයි.

5

හිමාලයේ ‘ඩ්‍රෝපා’ පාෂාණ අබිරහස : නොවිසඳුණු අබිරහස්

1938 වසරේ චීන පුරාවිද්‍යා මහාචාර්ය චී පූ තෙයි සිසුන් පිරිසක් සමඟ විශේෂ ගවේෂණ චාරිකාවක යෙදුණා. මොවුන් ගවේෂණය කළේ හිමාලය කඳුකරයයි. ගවේෂණය ආරම්භ කරද්දී කිසිවෙක් දැන සිටියේ නැහැ ඔවුන්ට අපූරු සොයා ගැනීමක් කරන්න හැකියාව ලැබේවි කියලා. ඒ සොයා ගැනීම දැන් විද්‍යාවට අභියෝගයක් වෙලා. එය පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන පාදක කරගත් තර්ක විතර්ක අතරේ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත් වුණා. එය තවමත් නොවිසඳුණු අබිරහසක්. එය හැඳින්වෙන්නේ ‘අබිරහස් ඩ්‍රෝපා පාෂාණ’ Mysterious Dropa Stones කියලයි.

පැණි වරකා කා අන්දරේට වැදුණු හෙණේ - තවත් අන්දරේගේ කතාවක්

දවසක් උදේ පාන්දරින් ම අන්දරේ රජ්ජුරුවන්ගෙ මඟුල් උයන මැදින් යනවා. එක්වරම හැමූ සිසිල් සුළඟත් එක්ක අන්දරේගෙ නැහයට සුවඳක් දැනුණා. ඒ සුවඳ දැනුන විතරයි, කටට කෙළ ඉනුවා; රස නහර පිනා ගියා. අන්දරේ වටපිට බැලූවා.

‘පැණි වරකා සුවඳක් !’ අන්දරේ තමාට ම කියා ගත්තා. ‘කොහෙන්ද මේ සුවඳ එන්නෙ?’ කියල වටපිට විපරම් කරල බැලූවා. උයනෙ පැණි වරකා ගස් ගණනාවක් ම තියෙනවා. ඒත් ඒ එකකවත් ගෙඩියක් තිබුණෙ නැහැ, පැණි වරකා අවාරෙ හින්ද.
8

ඈත අතීතයේ පිටසක්වළ ජීවීන් මෙලොවට ආවාද? : පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතාව

මෙය පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතා  මාලාවේ දෙවන කොටස වේ. පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පැමිණි අමුත්තෝද? ලිපියට විවිධ අදහස් රාශියක් ලැබුණි. අප මෙම ඉදිරිපත් කරන තොරතුරු ලොක ඉතිහාසයේ අබිරහස් ලෙස පවතින එවාය. මෙමගින් පිටසක්වළ ජීවීන් සිටිනවා කියා කිසිසේත් නිගමනය නොකරමු. ළමා හා වැඩිහිටි මනසට විශ්මිත තොරතුරු පිලිබදව විවෘත මනසකින් බැලීමට පෙලබවීම අපගේ අරමුණ වේ.

ඈත අතීතයේ පිටසක්වළ ජීවීන් මෙලොවට ආවා කියන අදහස ඒත්තු ගන්වන්න සාධක දෙකක් යොදා ගන්නවා. එකක් තමයි, කියවා බැලිය හැකි සාක්ෂි. පුරාණ පතපොතේ, සෙල් ලිපි ආදියේ ඇති දේවල්, අනෙක තමයි, දකින්න පුළුවන් සාක්ෂි. ඒ කියන්නේ ලෙන් චිත‍්‍ර හා ගල් කැටයම් හා මූර්ති ආදී දේවල්. මේවා ලෝකය පුරා සෑම රටකින් ම පාහේ හමුවෙලා තිබෙනවා. වචන දහසකින් කියන්න පුළුවන් දෙයක් චිත‍්‍රයකින් පෙන්වන්න පුළුවන් කියන කියමන සනාථ වෙන්නේ මේ දේවල් දැකීමෙනුයි.



13

මිහිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex : නොවිසඳුණු අබිරහස්

මේ ස්ථානයට ගිය සැණෙන් ඔබට එහි කිසියම් අමුත්තක් දැනේවි. ස්වාභව ධර්මයෙහි යම් විකෘතියක් ඇති බව දැනේවි. ඔබ ගියේ අසකු පිටින් නම් නිසැකව ම අශ්වයා ඉදිරියට නොගොස් නතර වේවි. ඔබ බලෙන් ඌ ගෙන යන්න හැදුවොත් එය මග හැර යන්න ඌ වලිකාවි. හදිසියේ ම ඊට ඉහළින් පියාඹා යන්න ආ කුරුල්ලන් එකවර ම හැරී වෙන අතකට යනවා පෙනේවි. ගස් පවා ඔබට පෙන්වා දේවි ගැළවී යන්න බැරි බලපෑමකට ඔවුන් නතු වී ඇති බව. එතැන කවාකාර ප‍්‍රදේශයක් පුරා ගුරුත්වාකර්ෂණයේ විකෘති වීමක් ඇති බව ඔබට පෙනී යාවි. ගස්වල අතු පහතට එල්ලා හැළෙනවා. ගස් චුම්බක උතුර දෙසට ඇල වී තියෙනවා. ඒ අවට ඇති ගස් කෙළින් ම උඩු අතට විහිදිලා.


මෙතැන ලෝක ප‍්‍රකටව ඇත්තේ ‘ඔරෙගන් සළාව’ Oregon Vortex කියායි. (‘සළාව’ කියන්නේ සුළියක් වැන්නකටයි) එය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ඔරෙගන් ප‍්‍රාන්තයේ ග‍්‍රන්ට්ස් පාස්හී සිට සැතැපුම් 30ක් පමණ ඈතින් (සාර්ඩින් ක්‍රීක්). මේක ඇමරිකාවේ ඇති හරිම ප‍්‍රසිද්ධ තැනක්. ඒත් මෙතැන මෙහෙම වෙන්නේ ඇයි ද යන්න තවමත් නොවිසඳුණු අබිරහසක්.

0

මොනවද මේ දියමන්ති? : දැන මුතු

දියමන්ති යනු ඛනිජයකි. මෙය අයත් වෙන්නේ කාබන් මූල ද්‍රව්‍ය කාණ්ඩයටයි. දියමන්ති අපට හුඟක් සමීප නැති වුනත් අප අතර බහුල ව භාවිත වන දියමන්තියේ නෑයන් ලෙස සැලකිය හැකි කාබන් විශේෂ තිබේ. අඟුරු ඉන් ප‍්‍රධානය. අපට වඩාත් සමීප අනෙක් විශේෂය මිනිරන්ය. අප ලිවීමට භාවිත කරන පන්සලෙහි කූර සාදා ඇත්තේ මිනිරන්වලිනි. අඟුරු, මිනිරන්, දියමන්ති ආදී මේ සියල්ල හැඳින්වෙන්නේ පිරිසිදු කාබන් විශේෂ ලෙසයි. මේවා එකිනෙකින් වෙනස් වන්නේ මේවායේ කාබන් අණු පිහිටා ඇති ආකාරයන් අනුවය.



7

පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පැමිණි අමුත්තෝද? : පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතාව

අප දන්නා විධියට නම් ඉපැරණි මිසර ජාතිකයන් පිරමීඩ නිර්මාණය කළේ දෙවියන් උදෙසායි. මිසර වැසියන් දෙවියන් කියලා හැඳින්වූයේ අහසින් පොළොවට සම්ප‍්‍රාප්ත වූ පිරිසක්. ටොන් ගණනක් බර මිලියන 250 කට වඩා යෝධ හුණුගල් කුට්ටිවලින් පිරමීඩ නිර්මාණය කරන්න නම් මිසර වැසියන්ට දියුණු තාක්ෂණයක් තිබෙන්න  ඕනෑ. එවැනි දියුණු තාක්ෂණයක් ඔවුන්ට ලැබුණේ කොහොමද? ඒ වගේමයි ප‍්‍රාග් ඓතිහාසික මිනිසා කොහොමද යෝධ ස්ටෝන්හෙන්ජ් ගල් ස්මාරක නිර්මාණය කළේ? කුස්කෝව්හි පැරණි නිර්මාණකරුවන්, පුංචි හෝ හිඩැසක් නොමැතිව එකිනෙකට ඉතා ළඟින් ගල් කුට්ටි සවි කරන්න සමත් වුනේ කොහොමද ? පුරාණ ලෝකයේ අබිරහස් හුඟක් තියෙනවා. ඒවා තේරුම් බේරුම් ගන්න, ඒවා විසඳා ගැනීම පහසු නැහැ. පැරැන්නෝ ස්මාරක හදන්න ගත් ටොන් ගණනක් බර ගල් කුට්ටි ප‍්‍රමාණයෙන් දුම්රිය පෙට්ටියක් තරම්. පේරු රටේ, මෙක්සිකෝවේ හා ඊජිප්තුවේ අපට දකින්න ලැබෙන්නේ මෙවැනි ගල් කුට්ටි තමයි. කොහොමද අපේ පැරැන්නෝ මෙවැනි යෝධ ගල් කුට්ටි ඇදගෙන ගිහිල්ලා ගොඩ ගහලා පිරමීඩ වැනි යෝධ ගොඩනැගිලි නිර්මාණය කළේ? ඇයි ඔවුන් මෙවැනි නිර්මාණ කළේ?
3

ලෝකයේ විශාලතම තල්මස් රංචුව ශී‍්‍ර ලංකාවේ? : දැනමුතු


ඉන්දියන් සාගරයේ ශී‍්‍ර ලංකාව ආශි‍්‍රත මුහුදේ තල්මසුන් හා ඩොල්පින් රංචු ගැවසෙන බව ලෝපතල කරුණක්. ඒත් ලොව විශාලතම තල්මස් ගහණය ජීවත්වන්නේ ශී‍්‍ර ලංකාව ආශි‍්‍රතව බව හෙළිවුණේ මේ මෑතකදියි. ඒ තල්මසුන්ගේ ‘කල්කිරියාව’ හොයන්නට ශී‍්‍ර ලංකා නිල් තල්මස් ව්‍යාපෘතිය ආරම්භ කළාට පසුවයි. මේ ව්‍යාපෘතිය යටතේ කළ සමීක්ෂණ අනුව මේ තොරතුරු හෙළිකළේ සාගරජීව විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස් (Asha de Vos) ශී‍්‍ර ලාංකික කාන්තාවක් වන ඇය දැනට බටහිර ඔස්ටේ‍්‍රලියානු විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යායතනයේ ආචාර්ය උපාධියක් සඳහා අධ්‍යයන කටයුතුවල යෙදෙනවා. ඇය කලින් සැන්ට් ඇන්ඞ්රූස් හා ඔක්ස්ෆර්ඞ් යන විශ්ව විද්‍යාලවල උපාධිධාරණියක්. නිල් තල්මස් ව්‍යාපෘතිය ආරම්භ කරන්නට පෙර ඇය ලොව පුරා සාගරජීවි පර්යේෂණ ගණනාවකට සහය වී තියෙනවා. තල්මසුන්ගේ හැසිරීම් රටා පමණක් නොව ඔවුන් නිකුත් කරන ශබ්ද පිළිබඳවත් ඇය පර්යේෂණ කර තියෙනවා.

මරු පෙනි පෙනී අන්දරේ කියූ කවිය : අන්දරේගේ තවත් කතාවක්

අන්දරේ දවසක් රජ්ජුරුවොත් එක්ක මහවැලි ගෙඟ් යාත‍්‍රා කරමින් හිටියා. රජුගේ ආරක්ෂාවට ඒ යාත‍්‍රාවේ රාජපුරුෂයොත් ගියා. අවට සිරි නරඹමින් ගිය රජතුමාට එක්වර ම අමුතු අදහසක් පහළ වුණා. රජ්ජුරුවො අන්දරේ දිහාට හැරිල මෙහෙම ඇහුවා:

”හැබෑට ම අන්දරේ නුඹට  ඕනැම තැනකදි හිටිවන කවි කියන්න පුළුවන්ද?”

”කවි කියන්න දක්ෂ මිනිහකුට තැන ප‍්‍රශ්නයක් නෑ.  ඕනෑම තැනක කවි කියන්න පුළුවන්. මරු කටේ ඉඳන් වුණත් හිටිවන කවි කියතෑකි” අන්දරේ ආඩම්බර හිනාවක් දාලා කිව්වා.

”හොඳයි, අපි බලමු අන්දරේගෙ හපන්කම්” කී රජතුමා රජපුරුෂයන් දෙසට හැරුණා. හැරිලා මෙහෙම කිව්වා:

”රාජපුරුෂයිනි, මේ අන්දරේව දෙපා බඳලා ගඟට දාපල්ලා”

තම මරණය සිහිනෙන් දුටු අගමැතිවරයා : දැන මුතු

ඔබ සිහින ගැන දන්නේ මොනවාද? සිහින තුළින් අනාගතය දැකිය හැකිද? සිහිනෙන් දකින දෑ පසුව සැබෑ වූ අවස්ථා ඔබ අත්විඳ තියෙනවාද? රාති‍්‍රයේ දකින සිහින බොහොමයක් පසුවදා වන විට අපට අමතක වී යයි. එහෙත් ඉඳහිට දකින සිහිනයක් සැබෑ වෙයි. මේ මීට හරියට ම අවුරුදු දෙසීයකට පෙර සිදු වූ එවැනි අවස්ථාවක්.

1812 වසරේ එක් උදෑසනක එංගලන්තයේ අගමැති ස්පෙන්සර් පර්සිවල් කලින් දා රෑ තමන් දුටු භයානක සිහිනයක් සිය පවුලේ අයට කීවේය. ඒ සිහිනයට අනුව ඔහු පාර්ලිමේන්තුවේ ආලින්දය හරහා යමින් සිටියේය. හදිසියේ ම දිලිසෙන පිත්තල බොත්තම් ඇල්ලූ තද කොළ පැහැති කබායක් හැඳ සිටි මිනිසෙක් ඔහු ඉදිරියේ මතු විය. ඒ මිනිසා පිස්තෝලයක් ඇද එක්වරම තමාට වෙඩි තැබුවේය. තමා අවට සියල්ල අඳුරු වී යනු ඔහුට පෙනුනේය. එයින් අදහස් කෙරුණේ තමන් මරණයට පත් වුණු බව යයි ඔහු තේරුම් ගත්තේය.

0

දඩයමේ යද්දී අහම්බෙන් හමු වූ ඉපැරණි බොදු සිතුවම් : ලෝක උරුම

ඉන්දියාවේ ඖරංගබාද් සිට කි.මී. 104ක් දුරින් පිහිටි පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලන, යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් (World Heritage Site) ලෙස පිළිගෙන ඇති ස්ථානයකි. අජන්තා ලෝක ප‍්‍රකට වී ඇත්තේ එහි පිහිටි ඉපැරණි ලෙන් විහාර හා බිතුසිතුවම් නිර්මාණ නිසාය.


0

පැරණිම බටහිර ළමා ගීය කුමක් ද? : ළමා ගී

බටහිර ළමා පද්‍ය සාහිත්‍යය ඇරඹුණේ 17 වැනි සියවසේ දී නැලවිලි ගී සමග යැයි දක්වේ. ළමයින් නැලවීමට යොදා ගන්නා ‘ලා ලා’ යන්න හා ‘බයි බයි’ යන්න එක්වීමෙන් දරු නැලවිලි ගීය හැඳින්වෙන  ‘ලලබි’ (lullaby) යන ඉංගිරිසි වදන හැදෙන්නට ඇතැයි සිතිය හැකිය. හීබ්රූ බසින් ‘ලිලිත් බායි’ (යකා යන්න ගියා) යන්නෙන් බිඳී එන්නට ඇතැයි යනු තවත් මතයකි. ලිලිත් යනුවෙන් හීබ්රූ බසින් හැඳින්වෙන්නේ ළමයින් ගෙන යන්නට එන යක්ෂයාය. මේ අදහස ලියූ ඵලක ළමයා නිදා ගන්නා කාමරයේ සිව් කොනේ එල්ලා තැබීම එකල යුදෙව් ජාතිකයන්ගේ සිරිත විය.

7

අහසින් බැලූ විට පමණක් පෙනෙන දෙවියන් වෙනුවෙන් ඇදපු නස්කා චිත‍්‍ර The Nazca Lines: ලෝකයේ නොවිසඳුණු අභිරහස්

අද අප සූදානම් වෙන්නේ අපේ මේ මිහිමව විසින් සඟවා ගෙන ඇති තවත් අභිරහසක් ගැන හෙළි දරව් කරන්නටයි. ඒ තමා දකුණු ඇමෙරිකා මහාද්වීපයේ දී අපට හමුවන නස්කා රේඛා (The Nazca Lines).

මොනවද මේ නස්කා චිත‍්‍ර ?
පේරු දේශයේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා නිර්මාණය කර ඇත්තේ නස්කා Nazca  නමින් හැඳින්වෙන ඈත අතීතයේ විසූ ගෝත‍්‍රිකයන් පිරිසක් බව විශ්වාස කෙරේ. පොළෝ මට්ටමේ සිට බැලූ විට මේවා නිකම්ම නිකම් අගල් කීපයක් පමණයි. ඒත් අහසේ සිට බලද්දී පෙනෙන දේ විස්මය ජනකයි. රේඛාවලින් නිරූපණය වෙන්නේ අති දැවැන්ත අපූරු චිත‍්‍රයි. මෙම චිත‍්‍ර අතරේ සත්ත්ව රූප හා නොයෙක් විධියේ අමුතු සංකේත හා රටාවන් තිබේ. අහසින් යාමට සිහිනයකින්වත් නොසිතූ දුරාතීතයේ මේ පළාතේ ජීවත් වූ මේ නස්කාවරුන් නමින් හැඳින්වෙන ගෝත‍්‍රික ජනයා අහසේ සිට පමණක් පැහැදිලිව දැකිය හැකි එසේත් නැතිනම් අහසට පමණක් හොඳින් පෙනෙන දැවැන්ත සිතුවම් ඇන්දේ කුමක් නිසා? ඔවුන් ඒවා ඇන්දේ කාට පෙනෙන්නද ? දෙවියන්ට පෙනෙන්නද ? කවුරුන්ද මේ දෙවියන් ? නස්කාවරුන් දෙවියන් ලෙස සැලකුවේ පිටසක්වළින් පැමිණි අමුත්තන් පිරිසකටද ?

2

අන්තිම දා : සූෆි කතාවක්

එක් මිනිසෙක් මිනිස් වර්ගයාගේ අවසානය සිදු වන දිනය පිළිබඳ ව දැන ගත්තේය. ඒ දිනය ළංවෙත් ම ඊට මුහුණ දිය යුතු හොඳම විධිය ගැන ඔහු කල්පනා කළේය.

ඔහු තමන්ගේ බහට අවනත වන හැම කෙනකු ම එක තැනකට රැස් කර ගත්තේය. එදා අන්තිම දා ඔහු ඒ හැම දෙනා ම කැටුව එක්තරා කන්දක් මුදුනට නැග්ගේය. ඔවුන් හැම දෙනා ම කඳු මුදුනට එක් රැස් වූ වහාම ඔවුන් සැම දෙනාගේ ම බර එකතු වී ඇති කෙරුණු බලපෑම නිසා කඳු මුදුනේ පස් තට්ටුව පුපුරා ඔවුන් හැම දෙන ම ඒ කඳු මුදුනේ වූ ගිනි කන්ද තුළට කඩා වැටුණේය. ඇත්තෙන් ම ඒ ඔවුන්ගේ අන්තිම දා විය.

(පර්සි ජයමාන්නගේ ‘සූෆි උපමා කතා’ නම් ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 1990)
4

ඇමෙරිකාව නිජබිම කරගත් බිග්ෆුට් Big Foot: ලෝකයේ නොවිසඳුණු අබිරහස්

බිග්ෆුට් ලොව පුරා විවිධ නම්වලින් හැඳින්වෙනවා. කැනඩාවේ හැඳින්වෙන්නේ ‘සැස්කොච්’ කියායි. කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා ප‍්‍රාන්තයේත් ඇමෙරිකා එක්සත් ජනපදයේ වයඹදිග පැසිපික් කලාපයේත් වනාන්තරවල මේ බිග් ෆුට් ජීවත්වෙන බවට විශ්වාස කෙරෙනවා. උතුරු විස්කොන්සින්හි ලැකෝටා ඉන්දියානුවන් මේ යෝධයා හැඳින්වූයේ ‘චියේ-ටන්කා’ හෙවත් ‘යෝධ ලොකු අයියා’ යන නමිනුයි. නේපාලයේ හා ටිබෙටයේ ‘යෙටී’ කියාත්, චීනයේ ‘යෙරන්’ කියාත්,  ඕස්ටේ‍්‍රලියාවේ ‘යෝවී’ කියාත් හැඳින්වෙන්නේ මේ බිග්ෆුට් ම හෝ ඔහුගේ නෑයකු බව පැවසෙනවා.


බිග් ෆුට් නම මෙන් ම ‘සැස්කොච්’ නමත් සඳහන් කරමින් ‘බිග් ෆුට්’, ‘බිග් ෆුට් ඇන් ද වයිල්ඞ් බෝයි’ යනුවෙන් ටෙලිවිෂන් චිත‍්‍රපට මාලාවක් ද කලකට ඉහත දී ලොව පුරා විකාශය වුණා. අපේ රූපවාහිනයෙන් ද මෙම චිත‍්‍රපට මාලාව විකාශය වුණා. ළමයින්ට කරුණාව දක්වන, නොසිතූ මොහොතේ ළමයින් අනතුරුවලින් ගලවා ගන්නට එන කරුණාවන්ත සත්වයකු ලෙසයි, ඒ වැඩ සටහන්වලින් නිරූපණය වුණේ.

ජේන් ගුඩෝල් අදහස් දක්වයි
”මට නම් හොඳටම සහතිකයි. බිග්ෆුට් කියන්නේ හැබෑම සත්වයෙක්” මෙහෙම කියන්නේ ජේන් ගුඩෝල්. ජේන් ගුඩෝල් කියන්නේ පි‍්‍රමාටේස් හෙවත් අගේ‍්‍රශයන් ගැන අද ලෝකයේ ඉන්නා ප‍්‍රමුඛ පෙළේ විශේෂඥවරියක්. පි‍්‍රමාටේස් කියලා කියන්නේ වානර පවුලේ සතුන්ටයි. ජේන් විශ්වාස කරන විදියට ‘බිග් ෆුට්’ කියන්නේ වානරයෙක්. ‘බිග්ෆුට්’ යන්නේ තේරුම ‘යෝධ පා ඇත්තා’ යන්නයි. ඌ සාමාන්‍ය වානරයන්ට වඩා ප‍්‍රමාණයෙන් විශාල, ලෝමවලින් මුළු සිරුර ම වැසුණු දෙපයින් ඇවිද යා හැකි සත්වයෙකු බවයි පැවසෙන්නේ. ”මේ වන විට බිග්ෆුට් ලොව පුරා ජනප‍්‍රිය වීමට හේතුව රූපවාහිනී වැඩසටහන්වලින් හා  ඕපාදූපවලට මුල්තැනක් දෙන ජනපි‍්‍රය සඟරාවලින් ලැබෙන දැවැන්ත ප‍්‍රසිද්ධියයි. මේ නිසාම විද්‍යාඥයන් තුළ බිග්ෆුට් ගැන විශ්වාසයක් නැතිවී ගිහින්” ජේන් ගුඩෝල් වැඩිදුරටත් අදහස් දක්වමින් කියයි.

බිග්ෆුට් සොයා යාමට ලොකු උනන්දුවක්
ලෝකයේ පිළිගත් විද්‍යාඥවරියක් ලෙස සැලකෙන ගුඩෝල්ගේ අදහස් පහසුවෙන් බැහැර කළ නොහැකියි. ඇය කියන්නේ බිග්ෆුට් පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් හා ගවේෂණයක් කිරීම කළ යුත්තක් බවයි. ගුඩොල්ගේ අදහසට එකඟ වන තවත් දෙන්නෙක් ඉන්නවා. ඉන් එක් කෙනෙක් තමා ජෝජ් ෂාලර්. ඔහු ඇමෙරිකානු වන ජීවී සංරක්ෂණ සමාජයේ විද්‍යා අංශයේ අධ්‍යක්ෂකවරයායි. අනෙක් කෙනා තමා ලෝක පි‍්‍රමාටේසයන් සුරැකීමේ සංවිධානයේ රසල් මිටෙමියේර්. ඔහු පසුගිය 10 වසරක කාලයක් තුළ නව පි‍්‍රමාටේස් විශේෂ 10 ක් සොයා ගැනීමට සමත් වී තියෙනවා. මීට අමතරව බිග්ෆුට් ගවේෂණයක් සිදු කිරීමට උනන්දුවක් දක්වන විද්‍යාඥයන් ගණනක් සිටිනවා.

උනන්දුවක් ඇතිවීමට හේතුව ?
බිග්ෆුට් ගැන විද්‍යාඥයන් මෙතරම් උනන්දුවක් දක්වන්නේ වඳ වී ගියා හෝ මිථ්‍යා කතාවලට පමණක් සීමා වුණා යැයි සිතූ ජීවීන් කිහිප දෙනෙකු ම හැබෑවට ම ඉන්නා බව මේ වන විට තහවුරු වී ඇති හින්දයි. ඒ සත්වයන් තමා යෝධ දැල්ලා, කඳුකර ගෝරිල්ලා, යෝධ පැන්ඩා, ඔකාපි, සීලකානත් මාළුවා සහ ඇත් දළ හොටක් ඇති කෑරලා.

රතු ඉන්දියානු භාෂාවට අනුව
අතීතයේ සිට ඇමෙරිකාවේ ජීවත් වන ස්වදේශීය ජනයාගේ, ඒ කියන්නේ රතු ඉන්දියානුවන්ගේ,  භාෂා ව්‍යවහාරයේ තියෙනවා, ‘යෝධ වානරයා’ යන අරුත් දෙන වදනක්. ඒත් උතුරු ඇමෙරිකාවේ වනගතව වඳුරන් හෝ වානරයන් ඒ කියන්නේ චිම්පන්සීන් සහ ගෝරිල්ලන් ඇත්තේ නෑ. කෙටි දුරක් හෝ දෙපයින් ඇවිද යාමට හැකි එකම සත්වයා තමයි වළහා. ඇමෙරිකාවේ වළසුන් වර්ග කිහිපයක්ම ඉන්නවා.

රතු ඉන්දියානු චිත‍්‍රවලින් හමුවූ දේ
ඇමෙරිකාවේ බටහිර ප‍්‍රදේශවල කැණීම් කළ පුරාවිද්‍යාඥයන්ට එකිනෙකා හා සම්බන්ධ නොවූ පළාත් ගණනාවක වාසය කළ ස්වදේශීක රතු ඉන්දියානු ගෝත‍්‍රිකයන් ගල්වල කෙටූ චිත‍්‍ර හා රූප සටහන් හමුවී තියෙනවා. ඒ රූපසටහන්වල ඇමෙරිකාවේ වනගත ප‍්‍රදේශවල රතු ඉන්දියානුවන්ට හමුවූ නොයෙක් නොයෙක් සතුන්ගේ රූප කොටා තියෙනවා. මේ රූප අතරින් එක් රූපයක් පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කළා. ඒක දෙපයින් නැගී සිටින යෝධ වානරයෙකුගේ රූපයක්. වඳුරන් හෝ වානරයින් ජීවත් නොවන උතුරු ඇමෙරිකාවේ ස්වදේශීක ජනයා වානරයෙකුගේ රූපයක් ගල්වල කොටා තිබීම පුරාවිද්‍යාඥයින් මවිතයට පත් කළ කාරණාවක් වුණා. කිසිදාක එකිනෙකා හමුවී හෝ කතාබහ හෝ නොකළ එකිනෙකට වෙනස් ගෝත‍්‍රික ජනයා එක හා සමාන වානරයෙකුගේ රූපයක් ඔවුන් හැමෝම චිත‍්‍ර ඇන්ද ලෙන් චිත‍්‍රවලට ඇතුළත් කර තිබීම ඇත්තෙන්ම පුදුමයට කරුණක්. ඒ වගේමයි මේක බිග්ෆුට් ඇත්තම ජීවියෙක් විය හැකියැයි යන්නට ඉතා ප‍්‍රබල සාක්ෂියක්. ඒ සිතින් මවා ගත් සත්වයෙකු නොවේ. ස්වදේශීකයින් සිතුවමට නැඟුවේ ඔවුන් ඇසින් දුටු සත්වයනුයි. අනෙක් අතට එකිනෙකට සම්බන්ධයක් නැති ගෝත‍්‍රික කණ්ඩායම් කිහිපයක්ම එකම සත්වයෙකුගේ මනඃකල්පිත චිත‍්‍රයක් අඳින්නේ කොහොමද ?

ස්කූකම් පා සලකුණ
බිග්ෆුට්ව ඇසින් දුටු බවට ඇති සාක්ෂි 1820 වසර දක්වා දිවෙනවා. 1900 දී පටන් බිග්ෆුට් දුටු වාර්තා 2,500 කට වඩා ලැබී තියෙනවා. ඒ වගේමයි මෑත කාලයේ දී වඩාත් පිළිගත හැකි අධිකරණ විද්‍යා සාක්ෂි පවා ඉදිරිපත් වී තියෙනවා. ඒවායින් වඩාත් ප‍්‍රසිද්ධතම සාක්ෂිය ලෙස සැලකෙන්නේ ස්කූකම්ගේ පා සලකුණක අච්චුවක්. මෙම පා සලකුණේ ලබා 2000 වසරේ දී ශාන්ත හෙලන්ස් මිටියාවතේ මඩෙහි සටහන් ව තිබියදීයි. බිග්ෆුට් සෙවීමේ ආශාවෙන් පෙළුණු පළපුරුද්දක් නැති එක් පුද්ගලයෙක් මිටියාවතේ තැනින් තැන පලතුරු ගොඩ ගසා තිබුණා, බිග්ෆුට්ව අල්ලා ගන්න ඇමක් හැටියට. මෙම පා සලකුණ මඩෙහි සටහන් වූයේ ඒ පලතුරු කන්න පැමිණි බිග්ෆුට්ගෙන් බවයි, පැවසෙන්නේ. එහෙත් සමහර විද්‍යාඥයින් කියන්නේ නම් මෙය විශේෂඥයින් පිරිසක් විසින් නිර්මාණය කළ බොරු පා සලකුණක් බවයි.

බිග්ෆුට් ගැන බොරු හෙළිවෙයි
අවාසනාවකට බිග්ෆුට් සම්බන්ධයෙන් මෑතදී ඉදිරිපත් වූ සාක්ෂි බොහොමයක් බොරු ඒවායි. 1958 වසරේදී මහා වානරයෙකුගේ අඩි සලකුණක් යැයි කියමින් රේ වොලන්ස් ඉදිරිපත් කළ සාක්ෂිය ඔහු විසින් විනෝදය සඳහා කළ බොරුවක් බවත්, ඒ ගැන මැරෙන මොහොතේ ඔහු පාපොච්චාරණයක් කළ බවත් ඔහුගේ මරණින් පසු ඔහුගේ දරුවන්ගෙන් හෙළිවුණා. 1958 දී රේ වොලන්ස් ඉදිරිපත් කළ සාක්ෂියට අනුව පුවත්පත් සියල්ලකම වාගේ ප‍්‍රධාන සිරස්තලය වූයේ බිග්ෆුට් ගැන ප‍්‍රවෘත්තියයි. බිග්ෆුට් පසුපස හැරෙමින් ඇවිද යන වීඩියෝ දසුන් පෙළක් ඔහු විසින් රූගත කර තියෙනවා. ඒක ලොව පුරා ප‍්‍රසිද්ධියට පත්වුණා. බිග්ෆුට් ගැන රූපවාහිනී වැඩසටහනක් විකාශය වුනොත් මෙම වීඩියෝ දසුන් පෙළ නිසැකවම ඊට එක් වෙනවා. මෙම දසුන් ප‍්‍රබල සාක්ෂියක් ලෙස කලක් පිළිගැනීමට ලක් වුණා. 2004 වසරේදී පෙප්සි සමාගමේ බෝතල් නිෂ්පාදකයෙක් ලෙස සේවය කළ විශ‍්‍රාමික බොබ් හිරෝනිමස් ප‍්‍රකාශ කළා සුප‍්‍රකට බිග්ෆුට් දසුනේ බිග්ෆුට් ලෙස පෙනී සිටියේ ගෝරිල්ලාවකුගේ ඇඳුමකින් සැරසුණු තමා බව.

බිග්ෆුට් ඇත්තටම බොරුවක්ද ?
බිග්ෆුට් ගැන සොයමින් ගවේෂණයක් කිරීමට උනන්දු පිරිසක් මෙන්ම, බිග්ෆුට් බොරු යැයි කියමින් ඒ බව ඔප්පු කිරීමටද විද්‍යාඥයින් හා විද්වතුන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් ඉදිරිපත් කරන ප‍්‍රධානම තර්කය වන්නේ බිග්ෆුට් සත්වයෙකුගේ හෝ ඊට සමාන කිසිම සත්වයෙකුගේ කිසිම සිරුරු කොටසක් හෝ පොසිලකරණයට ලක්වූ සිරුරු කොටසක් හෝ හමු නොවීමයි. ඒ වුනත් උතුරු ඇමෙරිකාවේ ජීවත් වූ අයිස් යුගයට අයත් මැමත් සතුන්ගේ හා අවුරුදු මිලියන 65 කට පෙර ජීවත් වූ ඩයිනසෝරයින්ගේ පවා පොසිල හා ඇටකටු නිතරම හමුවේ.


ෂාලර්ගේ නිගමනය
තර්ක විතර්ක කොතරම් ඉදිරිපත් වුණත් ඇමෙරිකානු වන ජීවී සංරක්ෂණ සමාජයේ විද්‍යා අංශයේ අධ්‍යක්ෂක ජෝජ් ෂාලර් නම් බිග්ෆුට් කියන්නේ හැබෑම සත්වයෙක් විය හැකි යැයි දැඩි ලෙස විශ්වාස කරනවා. ඒ ගැන ඔහු මෙන්න මෙහෙම අදහස් දක්වනවා. ”පසුගිය වසර ගණනාව පුරා බිග්ෆුට් දැටුවායැයි සාක්ෂි ලැබී තියෙනවා. ඒවායින් සියයට 95 ක්ම බොරු කියලා ඉවත දමන්න පුළුවන්. ඒත් අනෙක් සියයට 5 බොරු යැයි කියන්න පවා බැරි අවස්ථා තියෙනවා. ඒ ගැන සාධාරණ පිළිගත හැකි පැහැදිලි කිරීමක් තියෙන්න  ඕනෑ. පා සලකුණු ගැන කියන්න තියෙන්නෙත් එපමණයි. ඒ නිසා මේ වගේ දේවල් ගැන හොඳට ඇහැ ඇරලා බලන්න  ඕනෑ. ඇත්ත මොකක්ද බොරුව මොකක්ද තේරුම් ගන්න  ඕනෑ”


විද්‍යාඥයන් මොනවා කීවත් මේ ‘බිග් ෆුට්’ කෙතරම් ජනපි‍්‍රය ද යත් 2010 දී කැනඩාවේ වැන්කූවර්වල පැවැත්වූ වින්ටර් ඔලිම්පික් උළෙලේ සංකේතය ලෙස තෝරා ගත්තේ බිග්ෆුට් හෙවත් සැස්කොච්ගේ රූපයක්. මේ රුව හැඳින්වෙන්නේ ‘කොචී’ නමිනුයි.
13

බර්මියුඩා ති‍්‍රකෝණයේ අබිරහස Bermuda Triangle : ලෝකයේ නොවිසඳුණු අබිරහස්

ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් අග්නිදිග අත්ලාන්තික් වෙරළ තීරයේ එක්තරා ප‍්‍රදේශයක සිදුවන සිදුවීම් නිසා ලොව පුරා කවුරුත් මවිතයට පත්වී සිටිති. මේ කලාපයට ඇතුලූ වන නැව් මෙන් ම මේ කලාපයට ඉහළින් අහසේ ගමන් ගන්නා ගුවන් යානා ද අතුරුදන් වී තිබේ. සමහර ගුවන් යානා සහ නැව් අතුරුදන් වී ඇත්තේ කිසිදු හෝඩුවාවක් හෝ ඉතිරි නොකරයි. මේ නැව් සහ ගුවන් යානාවලට මොකද වුණේ? ඒවායේ ගමන් කළ අයට මොකද වුණේ? ඔවුන් කොහෙද ගියේ? මේ ප‍්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා දෙන්න විද්‍යාවට තවමත් හැකිවී නැහැ. ඈත අතීතයේ පටන් නාවිකයන් මේ ති‍්‍රකෝණාකාර ප‍්‍රදේශය හැඳින්වූයේ ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’ යන නමිනුයි. ඒත් අපි කවුරුත් එය හඳුන්වන්නේ ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ යනුවෙනි.

මොකක්ද මේ බර්මියුඩා ති‍්‍රකෝණය ?

ශතවර්ෂ ගණනාවක් තිස්සේ නාවිකයන් විසින් ඔවුනට මුහුණ පාන්නට සිදුවුණු පැහැදිලි කළ නොහැකි අත්දැකීම් විස්තර කර තිබේ. ඒත් බර්මියුඩා ති‍්‍රකෝණය ගැන ඔවුන් කියන කතා මුහුද සම්බන්ධයෙන් ගෙතූ උපමා කතාවලට බොහෝ සෙයින් සමාන කමක් දක්වනවා. ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’ට Devil's Triangle නැතිනම් ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ට Bermuda Triangle අයත් ප‍්‍රදේශය වන්නේ බර්මියුඩාව, ෆ්ලොරිඩාවේ මයාමි සහ පුවර්ටෝ රීකෝවේ සැන් යුවාන් යන ප‍්‍රදේශයි. මෙම ප‍්‍රදේශයට අප බර්මියුඩා ති‍්‍රකෝණය කීවත් එය ඇමෙරිකානු භූ කලාප නම් කරන මණ්ඩලයේ The U. S. Board of Geographic Names නිල නාමාවලියට එය ඇතුළත් කර ගෙන නැත. මෙම කලාපය ජපාන හා පිලිපීන ධීවරයන් විසින් හඳුන්වනු ලබන්නේ ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’කියාය. ඊට හේතුව මෙවැනි ම කලාපයක් ජපානයට නැගෙනහිර මුහුදේ තිබීමයි. ජපාන සහ පිලිපීන ධීවරයින් එම කලාපය හඳුන්වන්නේ ‘යක්ෂයාගේ මුහුද’ Devil's Sea කියාය. ඒ අනුව ඔවුහූ බර්මියුඩා ති‍්‍රිකෝණයට ‘යක්ෂයාගේ ති‍්‍රකෝණය’කියා කියති. එහෙත් බර්මියුඩා ති‍්‍රකෝණය තරමට මෙම කලාපය ප‍්‍රසිද්ධියට පත්වී නොමැත. බර්මියුඩා ති‍්‍රකෝණයට අයිති කලාපයේ ඇති අසාමාන්‍ය චුම්බක ධාරා මෙන්ම අබිරහස් අතුරුදන්වීම් ද ‘යක්ෂයාගේ මුහුද’ යනුවෙන් හැඳින්වෙන කලාපයේ දැකිය හැකිවේ.


ක‍්‍රිස්ටෝපර් කොලම්බස් දුටු දේ
බර්මියුඩා ති‍්‍රකෝණයේ අබිරහස පිළිබඳ මුල්ම ලිඛිත වාර්තාව සටහන් වී ඇත්තේ 1492 දීය. එය සුප‍්‍රකට ස්පාඤ්ඤ ජාතික දේශගවේෂක ක‍්‍රිස්ටෝපර් කොලම්බස් විසින් ලියූ වාර්තාවකි. එම වාර්තාව සටහන් කර ඇත්තේ ඔහු ‘නව ලොවක්’ සොයා ගමනේ දී මුලින්ම ඇමෙරිකාවට පය තැබූ අවධියේදීය. ක‍්‍රිස්ටෝපර් කොලම්බස් ඇමෙරිකාවට ගොඩ බැස්සේ ‘සැන්ටා මරීයා’ නැවෙනි. ‘සැන්ටා මරීයා’ නැව බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් කලාපය හරහා යද්දී ඔවුන්ගේ මාලිමා යන්ත‍්‍ර අසාමාන්‍ය අයුරින් හැම පැත්තටම කැරකෙන්න පටන් ගත් බවත් ක්ෂිතිජයේ කෙළවර දීප්තිමත් ආලෝකයක් දුටු බවත් ගිනි බෝලයක් අහසේ සිට ඇවිත් මූදට වැටුණු බවත් ක‍්‍රිස්ටෝපර් කොලම්බස් දුටු බව එම වාර්තාවේ සටහන් ව ඇත.

ති‍්‍රකෝණයේ අබිරහස
එදා පටන් අද දක්වාම දහස් ගණනින් අතුරුදන්වීම් මෙම කලාපය ආශ‍්‍රිතව අසන්න ලැබේ. මේ සෑම අතුරුදන්වීමක දී ම වහාම කි‍්‍රයාත්මක වන්නේ වෙරළාරක්ෂක නිලධාරීන්ය. බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් වන ප‍්‍රදේශයේ සිටින වෙරළාරක්ෂක නිලධාරීන් එහි දී අතුරුදන් වූවන් සොයමින් සෑම අවස්ථාවක දී ම මුහුදේ සෝදිසි මෙහෙයුම් දියත් කිරීම හේතුවෙන් ඔවුන් කොතරම් වෙහෙස මහන්සි වෙනවා ඇත්දැයි ඔබට හිතා ගන්න පුළුවන් වේවි. බර්මියුඩා ති‍්‍රකෝණයේ කිසියම් අද්භූත සංසිද්ධීන් සිදුවන බවත් එහි කිසියම් අබිරහසක් ඇති බවත් ලොව පුරා ප‍්‍රචලිත වීමට හේතු වූයේ ෆ්ලයිට් 19 (Flight 19)  ගුවන් යානා අතුරුදන්වීමය. ඊට පෙරාතුව 1918 මැයි මාසයේ 306 දෙනෙක් රැගත් යූ.එස්.එස්. සයික්ලොප්ස් (USS CYCLOPS) නෞකාව අතුරුදන්වීමත් සිදුවිය.


‘ෆ්ලයිට් 19’
1945 දෙසැම්බර් 5 වැනිදා ‘නේවි ඇවෙන්ජර්ස්’ නම් නාවික හමුදාවේ බෝම්බ හාරක ‘ෆ්ලයිට් 19’ නම් ගුවන් යානා පහක් ලොඩර්ඬේල් නාවික හමුදා කඳවුරෙන් ගුවන් ගත වූයේ සාමාන්‍ය පරිදි පැය 3 ක කාලයක් පුරා සිදුකෙරෙන යුද අභ්‍යාසයකට සහභාගීවීම සඳහායි. මේ ගුවන් යානා සමඟ ගුවන් හමුදා භටයෝ 14 දෙනෙක් ගමන් කළහ. ඔවුහූ ෆ්ලොරීඩා වෙරළ තීරය අවට බෝම්බ දැමීමේ පෙරහුරුවකට සහභාගී වූහ. පැය කිහිපයක් ගතවූ පසු ගුවන් යානා සමඟ ගමන් කළ මෙහෙයුම භාර අණ දෙන නිලධාරියා ලූතිතන් චාර්ල්ස් ටේලර් ලොඩර්ඬේල් නාවික හමුදා කඳවුර අමතමින් කියා සිටියේ ඔවුන්ගේ මාලිමා යන්ත‍්‍ර නිසි ලෙස ක‍්‍රියා නොකරන බවත් ඔවුන්ට මඟ සොයා ගැනීමට නොහැකිවී අතරමං වී ඇති බවත්ය. ඊට පසු ‘ෆ්ලයිට් 19’ ගුවන් යානාවලින් කිසිදු හෝඩුවාවක් අසන්න නොලැබිණි. ඊට පැය කිහිපයකට පසු ‘ෆ්ලයිට් 19’ ගුවන් යානා සෙවීමට තවත් ගුවන් යානා 100 ක් පිටව ගියහ. ඒ අතුරින් 13 දෙනෙකුගෙන් සමන්විත ‘මාටින් මැරීනර්’ (Martin Mariner) ගුවන් යානාව ද යළි දකින්නට ලැබුණේ නැන. මේ යානා එකකවත් සුන්බුන් හෝ මළ සිරුරු දකින්න හමුවුණේ ද නැත.

චාර්ල්ස් බර්ලිට්ස් සහ ඊ.වී.ඩබ්ලිව්. ජෝන්ස්

මේ අබිරහස ගැන උනන්දුවක් ඇති වූ එක් තරුණ හමුදා නිලධාරියෙක් වූයේ චාර්ල්ස් බර්ලිට්ස්ය. ඔහු දසක ගණනක් තිස්සේ මුහුදේ සිදුවූ මෙවැනි අද්භූත අසාමාන්‍ය සිදුවීම් ගැන උනන්දුවෙන් පර්යේෂණ පැවැත්වූ අයෙකි. ඔහු ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් සේවාවේ පුවත් වාර්තාකරු ඊ. වී. ඩබ්ලිව්. ජෝන්ස් සමඟ මිත‍්‍රත්වයක් ඇති කර ගත්තේය. 1950 වසරේ සැප්තැම්බරයේ රසවත් හා උණුසුම් පුවත් නොමැතිව හෙම්බත් වී සිටිද්දී මුහුදේ සිදුවන අබිරහස් දේ ගැන ලිපියක් පළ කරන්නට ජෝන්ස් ඔහුගේ කර්තෘවරයා කැමැති කරවා ගත්තේය. අත්වැරදීමක් නිසා සිදුවූ අවාසනාවන්ත ඛේදනීය අනතුරු ලෙස සැලකූ අසාමාන්‍ය සිදුවීම් ලෙස නම් කර පුවත්පත් ලිපියකින් මේ තොරතුරු ප‍්‍රථම වතාවට පළ විය.


බර්මියුඩා ත‍්‍රිකෝණයට ප‍්‍රසිද්ධියක් ලැබේ
අබිරහස් අතුරුදන්වීම් සිදුවන මෙම කලාපය බර්මියුඩා ති‍්‍රකෝණය යනුවෙන් නම් කර ඒ ගැන විශේෂංගයක් පළ කළේ 1964 දී වින්සන් ගැඩිස් විසිනි. ඔහු ලියූ මෙම විශේෂංගය පළවූයේ ආගෝසි (Argosy)  සඟරාවේ මුල පිටුවේය. ඉන් වසර 10 කට පසු චාර්ල්ස් බර්ලිට්ස්, 1945 වසරේ සිට සොයා එක්රැුස් කළ සියලූම පර්යේෂණ වාර්තා හා තොරතුරු එකතු කර ‘බර්මියුඩා ති‍්‍රකෝණය’ යන නමින් පොතක් පළ කළේය. මේ පොත ආදායම් වාර්තා බිඳ හෙළමින් අළෙවි විය.

පිටසක්වළ ජීවීන් සහ අත්ලාන්තිස් නගරය ?
චාර්ල්ස් බර්ලිට්ස්ගේ පොත ප‍්‍රකාශයට පත්වීමත් සමඟ අබිරහස් අතුරුදන්වීම් ගැන නොයෙක් නොයෙක් අපූරු පැහැදිලි කිරීම් ඉදිරිපත් විණි. මෙම අතුරුදන්වීම් පසුපස පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසිවල සම්බන්ධයක් ඇතැයි සමහරු අදහස් පළ කළහ. තවත් සමහරුන් කීවේ පුරාණයේ ගිලී ගියා යැයි සැලකෙන අත්ලාන්තික් මහාද්වීපයේ අත්ලාන්තික් නගරයෙන් පිටවන කිසියම් ශක්ති ධාරාවක් නිසා අද්භූත සංසිද්ධීන් සිදුවන බවයි.

මාලිමා යන්ත‍්‍ර පිස්සු වට්ටවන ති‍්‍රකෝණය
බර්මියුඩා ති‍්‍රකෝණයට අයත් කලාපයේදී මාලිමා යන්ත‍්‍රවල කටු උතුරු දිශාවට යොමු නොවන බව ඇමෙරිකානු නාවික හමුදාව මෙන්ම වෙරළාරක්ෂක නිලධාරීහු ද පවසති. මෙම ප‍්‍රදේශයේ ඇති අසාමාන්‍ය චුම්බක ශක්ති ධාරාවන් නිසා මාලිමා කටු කැරකෙන්නේ චුම්බක උතුරු දෙසටය. මේ අනුව මෙම මුහුදු කලාපය හරහා ගමන් කර නැව් සහ ගුවන් යානා මඟ සොයා ගැනීමට නොහැකිව අනතුරට පත්වීමේ අවදානමක් ද තිබේ.

වායු ධාරා ගැන ඉදිරිපත් වූ න්‍යායය
මෑතදී ඉදිරිපත් වූ එක් විද්‍යාත්මක පැහැදිලි කිරීමකට අනුව බර්මියුඩා ති‍්‍රකෝණයේ අතුරුදන්වීම් වලට පිළිගත හැකි නිගමනයක් පළ විය. ඒ අනුව මුහුදේ ඇති සාමාන්‍ය අයිස් කුට්ටිවල සමාන වුවත් ඒවා තුළ සිර කර ගෙන ඇති රසායනික සංයුතියෙහි වෙනසක් ඇති වායුවක් උෂ්ණත්වයේ හා පීඩනයේ ඇති වන වෙනස්කම් අනුව මුදා හැරෙන බැව් ඒ මතයෙන් කියැවිණ. තවමත් නිසි ලෙස හඳුනා නොගත් කිසියම් වායු සංයෝගයක් බර්මියුඩා ති‍්‍රකෝණය අයත් කලාපයේ මූදු පත්ලට මුදා හැරෙන බවත් ඉන් පැහැදිලි කෙරිණ. මෙම වායුව සිර වී ඇති අයිස් කුට්ටි හා එයින් නිකුත් කෙරෙන වායුව හැඳින්වෙන්නේ ‘ක්ලැතරේට්ස්’ යනුවෙනි. මේ පිළිබඳ ව වැඩිදුර පර්යේෂණ කළ විද්‍යාඥයන්ට බර්මියුඩා ති‍්‍රකෝණය ආශ‍්‍රිත මූදු ජලයේ මීතේන් වායුව මිශ‍්‍ර වී ඇති බව ද සොයා ගත හැකි වී තිබේ. උෂ්ණත්වය ඉහළ යෑමේදී සහ පීඩනයේ වෙනස්වීම්වලදී ‘ක්ලැතරේට්ස්’වලින් මුදා හැරෙන වායුව බුබුළු දමමින් ඉහළට මතු වෙයි. භූ රසායන විද්‍යාඥ රිචර්ඞ් මැකෙල්වර් පවසන්නේ මුහුදු ජලය හරහා ඉහළට පැමිණෙන වා බුබුඵ නිසා නැවක් පාවී යාමට ආධාර වන ජල ඝනත්වය අඩු වී යාම නිසා එතැනින් ගමන් ගන්නා නැව් ගිලී යාමට ඉඩ ඇති බවයි. එසේ ම ඉහළට එන ‘ක්ලැතරේට්ස්’ වායු ධාරාවන් නිසා දිය සුළි ඇතිවීමක් ද සිදු විය හැකියි. එමෙන් ම මෙම වායුව මූදු ජලයෙන් මතුපිටට පැමිණ විශාල වශයෙන් වායුගෝලයට එක් වූ විට වාසුළි ඇතිවීමටත් ඒවා නිසා වායුගෝලයේ ඇති ඔක්සිජන් සංයුතියේ වෙනස් වීම නිසා නියමුවන්ට ශ්වසන අපහසුතා ඇති වීමෙන් ගුවන්යානා පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් හෝ ගුවන් යානාවල එන්ජින් එක්වරම රත්වී ගිනිගෙන පුපුරා යාමෙන් විනාශ වීම ද සිදු විය හැකි බව ඔහුගේ මතයයි.

අබිරහස තව තවත් අබිරහසක් වෙයි
බර්මියුඩා ති‍්‍රකෝණය සම්බන්ධයෙන් මතු වන ප‍්‍රශ්න ප‍්‍රමාණය ලැබෙන පිළිතුරුවලට වඩා වැඩි වෙමින් පවතී. 1991 වසරේ මැයි මාසයේ කවුරුත් සිතුවේ ත‍්‍රිකෝණය හා සම්බන්ධ වූ එක් අබිරහසකට පිළිතුරු ලැබුණි යැයි කියාය. ඒ ති‍්‍රකෝණයට අයත් වන ප‍්‍රදේශයේ මූදු පතුල ගවේෂණය කළ කණ්ඩායමකට අඩි 600 ක් ගැඹුරේ තිබී නාවික හමුදාවට අයත් ‘ඇවෙන්ජර්ස්’ ගුවන් යානා පහක සුන්බුන් හමුවීමත් සමඟයි. මේ සුන්බන් හමුවූයේ ලොඩර්ඬේල් නාවික හමුදා කඳවුරේ සිට සැතපුම් 10 ක් දුරින් මුහුදේදීය. කවුරුත් සිතුවේ මේ හමුවුණේ ‘ෆ්ලයිට් 19’ නම් ගුවන් යානා 5 කියලයි. ඒත් ඒ ගැන වැඩිදුර පරීක්ෂා කිරීමේදී සොයාගත් තොරතුරු හැමෝම මවිතයට පත් කිරීමට සමත් විය. ඒ අබිරහස තවත් ලොකු අබිරහසක් බවට පත්විය. මූදු පතුලේ තිබී සොයාගත් මෙම යානා 5 ‘ෆ්ලයිට් 19’ කණ්ඩායමට අයත් 1945 දෙසැම්බර් 5 වැනිදා අතුරුදන් වූ යානා 5 නොවීය. එහෙත් ඇමෙරිකානු නාවික හමුදාවට තවත් ‘ඇවෙන්ජර්ස්’ ගුවන් යානා 5ක් මෙම කලාපයේ දී අතුරුන් වූ බවට කිසිදු වාර්තාවක් ද නොමැත. එසේ නම් ඒ ගුවන් යානා එතැනට ආවේ කෙසේ ද?
8

ලොක්නෙස් විලේ අද්භූත සත්වයා The Loch Ness Monster (ලෝකයේ නොවිසඳුණු අභිරහස්)

සත්ව විද්‍යාඥයන්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අභිරහසක් වූ සමහර ජීවීන් මෙලොව සිටිනවා යැයි අපට විටින් විට නොයෙක් අපූරු තොරතුරු ලැබෙනවා. මේ එවැනි සතෙක් ගැනයි. ඒ තමයි ‘ස්කොට්ලන්තයේ ලොක්නෙස් විලේ මෘගයා’ එහෙමත් නැතිනම් ‘ලොක්නෙස් විලේ බිහිසුණු රකුසා’. මෘගයෙක් හා රකුසෙක් කීවට ස්කොට්ලන්ත ජාතිකයින් නම් මේ අද්භූත සත්වයාට හරිම ආදරෙයි. ඔවුන් ආදරේට කියන්නේ ‘නෙසී’ කියලයි. මේ විස්තර ‘නෙසී’ ගැනයි.


පික්ට්ස් ගෝත‍්‍රිකයින් දුටු මෘගයා
ස්කොට්ලන්තයේ උස් කඳුකරයේ ජීවත්වන අයට කියන්න අපූරු කතාවක් තියෙනවා. ඒ කතාන්දර හා විස්තර බැඳී තියෙන්නේ ස්කොට්ලන්තයේ බොර පාට වතුර පිරුණු විශාල ගැඹුරු ලොක්නෙස් නම් විලේ ඉන්නා අද්භූත සත්වයා වටායි. මෙම සත්වයා ගැන මුලින්ම ලිඛිත වාර්තා අතීත විස්තරවලට එක්වන්නේ පික්ට්ස් ගෝත‍්‍රිකයින්ගෙන්. පික්ට්ස් ගෝති‍්‍රකයින් කියලා කියන්නේ 1 වැනි ශතවර්ෂයේදී රෝමන්වරුන් ස්කොට්ලන්තය ආක‍්‍රමණය කළ විට එහි ජීවත් වූ ගෝත‍්‍රිකයින් පිරිසක්. මේ පික්ස් ගෝත‍්‍රිකයෝ දක්ෂ ගල් වඩුවන් වුණා. ඔවුන් වටපිටාවේ ඇති දේවල් සහ ඔවුන්ගේ ප‍්‍රදේශයට ආවේණික වූ සතුන් ගල්වල කැටයම් කළා. ඔවුන්ගේ ගල් කැටයම් බොහොමයක්ම වගේ පුරා විද්‍යාඥයින්ටත් සත්ව විද්‍යාඥයින්ටත් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වී තියෙනවා. එහෙත් එක් සත්වයෙක් හැර. මේ සත්වයාගේ පෙනුම අමතුයි. බෙල්ල දිගයි. දිගුවලිගයක් සහ විශාල සිරුරකින් සමන්විතයි. පාද නෑ ඒ වෙනුවට ඇත්තේ වරල්ය. මේ සත්වයා වතුරේ සිටින සත්වයෙක් ලෙසයි, මේ ගල් කැටයම්වල දැක්වෙන්නේ.


කොලම්බා ශාන්තුවරයා මෘගයා පලවා හැරීම
මීට ශතවර්ෂ පහකට පසු කොලම්බා ශාන්තුවරයා ක‍්‍රිස්තියානි ධර්මය ස්කොට්ලන්තයේ ප‍්‍රචාරය කිරීමේ අරමුණින් ස්කොට්ලන්තයට ආවා. ඒ අවස්ථාවේදී පික්ට් ගෝති‍්‍රකයන් විලේ ජීවත්වන මෘගයෙක්, එසේත් නැතිනම්, රකුසෙක් ගැන ගැන කොලම්බා ශාන්තුවරයාට පැමිණිලි කර තියෙනවා. ශාන්තුවරයා ලොක්නෙස් විලට ගිහින් දෙවියන්ගේ නාමයෙන් එතුමාගේ ශුද්ධ වූ හස්තය අහසට දිගු කර විලේ සිට මෘගයාට අභියෝග කර ඌව බය ගැන්වූවා. අන්තිමේදී මෘගයා බයේ යන්න ගියා. පික්ට්ස් ගෝති‍්‍රකයන්ට උගෙන් කරදරයක් වුණේ නෑ. ශාන්තුවරයා ගැන භක්තියක් ඇති වූ පික්ට් ගෝති‍්‍රකයින් එසැණින්ම කි‍්‍රස්තියානි දහම වැළඳ ගත්තා. මෘගයා ගැන ඇත්ත නැත්ත මොකක් වුනත් ඌ කොලම්බා ශාන්තුවරයාට කි‍්‍රස්තියානි ධර්මය ස්කොට්ලන්තය පුරා පැතිරවීමට ඌ උදව්වක් වුණා. මේ විස්තර සඳහන් වෙන්නේ ඊට සියවසකට පසු කොලම්බා ශාන්තුවරයා ගැන ලියැවුණු සටහනකයි.

ලොක්නෙස් විල ගැන තොරතුරු බිඳක් ...
නෙසී ඉන්නවා යැයි කියන ලොක්නෙස් විල ස්කොට්ලන්ත කඳුකරයේ පිහිටා ඇති විශාල, ගැඹුරු මිරිදිය විලක්. ඉවර්නස් පළාතට නිරිතදිගින් පිහිටා ඇති මෙම යෝධ විල කිලෝ මීටර 37 ක්, ඒ කියන්නේ සැතපුම් 23 ක්, විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරී පවතිනවා. එය පිහිටා තියෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩු 52 ක්, ඒ කියන්නේ මීටර 15.8 ක්, ඉහළිනුයි. ලොක්නෙස් අද්භූත සත්වයා නිසා ලොක්නෙස් විලත් ස්කොට්ලන්තයත් අද මුළු ලෝකයේම ප‍්‍රසිද්ධියට පත් වී තියෙනවා. ඒ සම්බන්ධව පොත්පත, ලිපි ලේඛන, වාර්තා වැඩසටහන් හා චිත‍්‍රපට නිර්මාණය වී තියෙනවා. එංගලන්තයටත් වේල්ස්වලටත් වඩා විශාල මිරිදිය ප‍්‍රමාණයක් ජලය එක්රැස් කර ගැනීමට ලොක් නෙස් විලට පුළුවන්. ලොක්නෙස් විලේ ඉන්නවා යැයි කියන මේ අද්භූත සත්වයාට ස්කොට්ලන්ත වැසියන් හරිම ආදරෙයි. කොතරම් ආදරේද කියනවා නම් ඌට කියන්නේ ‘නෙසී’ කියලයි. ඒ වගේමයි ‘ලොක් නෙස් විලේ ආර්යාව’ කියලත් ගෞරවයෙන් හඳුන්වනවා.

වෙදරල් කළ බොරුව
‘20 වැනි සියවසේ නෙසී’ ඒ කියන්නේ 1933 වසරේදී ඡායාරූපයක්. ඒ නිසා ‘නෙසී’ යළිත් කාගේත් කතාබහට ලක් වූ කෙනෙක් බවට පත්වුණා. ඒක සිද්ධ වුණේ මෙන්න මෙහෙමයි. මේ අද්භූත සත්වයා ගැන තිබුණු ජනප‍්‍රවාද නිසා එක්තරා එංගලන්ත  ඕපාදූප පුවත්පතක් කල්පනා කළා, ඔවුන්ගේ පුවත්පතේ අලෙවිය වැඩි කර ගන්න මෙම සතා පිළිබඳ සිදුවීම උදව්වක් කර ගන්න. පුවත්පතට  ඕනෑ වුණා, අපූරු විදියේ සොයා ගැනීමක් පළ කරන්න. ඒ නිසා ඔවුන් මාමඩූක් වෙදරෙල් නම් දඩයක්කරුවකු කුලියට ගත්තා. ඒ දඩයක්කාරයා කළ අපූරු සොයා ගැනීමක් ගැන ඒ පුවත්පතේ පළ වුණා. ඒක තමයි විල් ඉවුරේ මඩෙහි යෝධ සත්වයකුගේ අඩි සලකුණු තිබී ඒවා හමුවීම ගැන විස්තර. වැඩිදුර පරීක්ෂණ සඳහා මේ අඩි සලකුණුවල සටහන් ලබාගෙන ලන්ඩනයේ ස්වභාව විද්‍යා කෞතුකාගාරයට යවනු ලැබුවා. අන්තිමේදී හෙළි වුණා, ඒවා නිවෙස්වල අලංකාරණයට තියෙන පුළුන් පිරවූ හීපෝ කෙනෙකුගේ අඩි සලකුණු කියලා.

වෛද්‍යවරයාගේ ඡායාරූපය
‘අඩි සලකුණු’ බොරු කියලා ඔප්පු වුනත් නෙසී සම්බන්ධ විස්තර ඇත්තක් යැයි ඔප්පු කිරීමට වෙදරෙල් හුඟක් මහන්සි ගත්තා. ඔහුත් ඔහුගේ පුතුන් දෙදෙනාත් එක්වී ලොක්නෙස් සත්වයාගේ ව්‍යාජ ඡායාරූපයක් නිර්මාණය කළා. අද ලෝකය පුරා ප‍්‍රසිද්ධියට පත් ලොක්නෙස් මෘගයාගේ ඡායාරූපය ලෙස සැළකෙන්නේ එයයි. ඔවුන් කළේ සෙල්ලම් සබ්මැරීනයකට සෙල්ලම් මුහුදු නාගයෙකුගේ හිසක් සවි කිරීමයි. ඈත සිට බැලූ විට එය හැබෑ සත්වයෙක් වගේ පෙනුණා. ඔවුන් ලබා ගත් ඡායාරූපය පිරිසිදු කිරීමට ලබා දුන්නේ අද්භූත සත්වයා ගැන උනන්දුවක් දැක්වූ ලන්ඩන් නුවර නාරි වෛද්‍ය රොබර්ට් විල්සන්ටයි. ඔහු එම ඡායාරූපය පිරිසිදු කර මුද්‍රණය කර ඔහු විසින් ගත් ඡායාරූපයක් හැටියට පුවත්පත්වලට ලබා දුන්නා. ලොව පුරා ආන්දෝලයක් ඇති වූයේත් නෙසී ගැන ගවේෂණ ඇරඹුණේත් ඉන්පසුවයි.


මරණ මංචකයේදී රහස හෙළි කරයි
මෙම ඡායාරූපය පුවත්පත්වල මුලින්ම පළ වී අවුරුදු 61 ක් ගත වූ පසු එය 1933 අපේ‍්‍රල් පළමුවැනිදා ‘මෝඩයන්ගේ දිනයේ කළ විහිළුවක්’ බව හෙළි වුණා. ඒ 1994 දී මරණ මංචකයේ සිටි වෙදරෙල් කළ ප‍්‍රකාශයක් අනුවයි. ඔහු තම පුතුන් දෙදෙනාත් සමඟ එදා කළේ බොරුවක් බවත් එය කළ ආකාරයත් සම්බන්ධයෙන් සියලූම විස්තර පාපෝච්චාරණය කළා. ඒත් ලෝකයේ ම අවධානය දිනා ගැනීමට මෙම ඡායාරූපය සමත්වේවි යැයි තමා කිසි දිනෙක නොසිතූ බව පැවසූ රොබට් විල්සන් එය බොරුවක් යැයි එකවරම පිළිගත්තේ නෑ. එම ඡායාරූපය ඇත්තක් දෝ යන සැකයක් තමා තුළ ඇති බව ඔහු මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කරමින් කීවා.

නෙසී නිසා සංචාරක කර්මාන්තයට වාසි
පුරාවෘත්ත සහ ජනකතා නිසා අද නෙසී වීරයෙක් බවට පත් වෙලා. නෙසී නිසා ස්කොට්ලන්තයේ සංචාරක කර්මාන්තය හුඟක් දියුණු වුණා. නෙසීට බෙහෙවින්ම ආදරේ කරන්නේ නෙසීගේ පිහිටෙන් ජීවත් වන වෙළෙඳුන්. මනඃකල්පිත හෝ අද්භූත සතෙක් හෝ වේවා නෙසී නිසා හැම වසරකම ප‍්‍රදේශයේ ආදායමට ඩොලර් මිලියන 40 ක් එක් වෙනවා.


නෙසී සොයමින් කළ සෝනාර් ගවේෂණ
පහුගිය වසර කිහිපය පුරා සෝනාර් උපකරණ යොදා ගනිමින් විවිධ ගවේෂණ කණ්ඩායම් නෙසී සොයමින් ලොක් නෙස් විලේ හැම අස්සක් මුල්ලක් නෑරම ගවේෂණය කළා. එයින් පළමු සෝනාර් ගවේෂණය සිදු කළේ 1967 සහ 1968 වසරවලදී එංගලන්ත මහාචාර්ය ඞී. ජී. ටකර් ප‍්‍රමුඛ එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ විදුලි ඉන්ජිනේරු පීඨයේ පර්යේෂකයින් කණ්ඩායමක් විසිනුයි. ඉන්පසු ඇමෙරිකා නිව්යෝක් නුවර සාගර ජීව විද්‍යාඥයෙක් වූ ඇන්ඩෲ කැරොල් 1969 දී ලොක් නෙස් විලට පැමිණ සෝනාර් ගවේෂණයක් සිදු කළා. 1969 වසරින් පසු වයිපර් ෆිෂ් සහ ඞීප් ස්ටාර් 3 යන කුඩා ගවේෂණ සබ්මැරීන මගින් ලොක් නෙස් විලේ පතුළ පරීක්ෂා කෙරුණා. නෙසී සොයමින් සිදු කළ විශාලතම ගවේෂණ චාරිකාව සිදු කළේ ඇමෙරිකා චිකාගෝ සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය රෝයි මැකේල් ප‍්‍රමුඛ ගවේෂණ කණ්ඩායමයි. ඒ 1970 වසරේදීයි. ඔහු ගවේෂණ කටයුතු සඳහා හයිඩ‍්‍රෆෝන්ස් නැතහොත් ගැඹුරු විල් පතුළේ ඇතිවන ශබ්ද තරංග සටහන් කර ගන්නා මයික‍්‍රෆෝන්ස් භාවිතා කළේය. අඩි 300 ක් හා 600 ක් ගැඹුරු විල් පතුළට ඔහු මෙම හයිඩ‍්‍රෆෝන් යවා ගවේෂණ කටයුතු සිදු කළා.

නෙසීට සත්ව විද්‍යාත්මක නමක් හිමිවෙයි
1972, 1975 සහ 2001 දී ගවේෂක රොබර්ට් එච්. රයින්ස් ප‍්‍රමුඛ කණ්ඩායම් කළ ගවේෂණවලදී විල් පතුළේ ඡායාරූප ගැනීමත් සිදු කෙරුණා මෙහිදී ගත් එක් අපැහැදිලි ඡායාරූපයක වරලක් සටහන් වී තිබෙනවා. 1975 දී මෙම ඡායාරූපය විශ්ලේෂණය කළ බි‍්‍රතාන්‍ය ජාතික පීටර් ස්කොට් නම් ස්වභාවවේදියා නෙසීව විද්‍යාත්ම නාමයකින් හැඳින්වූවා. ඒ විද්‍යාත්මක නාමය තමයි නෙසිටෙරාස් රොම්බොප්ටෙරික්ස් Nessiteras rhombopteryx. ගී‍්‍රක බසින් එහි තේරුම වන්නේ දියමන්තියක හැඩයක් ගත් වරලක් ඇති ලොක් නෙස් විලේ අද්භූත සත්වයා යන්නයි. එහෙත් එයින් මහා බොරුවක් කළේ යැයි පීටර් ස්කොට්ට චෝදනා ද එල්ල වුණා.

නවීන යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගෙන කළ ගවේෂණයන්
1993 වසරේදී ඩිස්කවරි සන්නිවේදන ජාලය මගින් ලොක්නෙස් විලේ ගවේෂණයක් ඇරඹුවා. මෙහිදී ඔවුන් නෙසී සෙවීමට අමතරව ලොක්නෙස් විලේ ජීවත් විය හැකි මෙතෙක් හඳුනා ගැනීමට අපොහොසත් වූ අලූත් ජීව විශේෂ ගැන අවධානය යොමු කළා. නෙසී ගැන අවසන් වතාවට විද්‍යාත්මක පදනමකින් යුත් අති නවීන තාක්ෂණික උපකරණ හා යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගනිමින් දැවැන්ත ගවේෂණයක් සිදු කළේ 2001 දීයි. ඒ ජගත් ගවේෂණ කිමිඳුම් කණ්ඩායමක් කළ ගවේෂණයක්. එක් දිනක් ? මෙම ගවේෂණ කණ්ඩායමේ සෝනාර් තිරයේ කිසියම් දෙයක් සටහන් වූ බව පෙනුණා. ඒත් එය පැහැදිලි වුණේ නෑ. පසුව මෙම ගවේෂණ චාරිකාවේ විස්තර ඇතුළත් වූ වාර්තාමය වැඩසටහනක් ද නිර්මාණය කෙරුණා.


නෙසී ගැන අපැහැදිලි නිගමනයන්
සිදුකළ මේ සියලූම ගවේෂණවලින් සහ ලැබුනූ සොනාර් සටහන් අතර අපැහැදිලි රූ සටහන් කිහිපයක්ම තිබෙනවා. ඒවා වතුරේ පිහිනා ගිය විශාල සැමන් මසුන් රංචුවක් හෝ වෙනත් දෙයක් වීමේ ඉඩකඩ තියෙනවා. ඒත් නෙසී සිටිනා බව පැහැදිලිව ඔප්පු කිරීමට ප‍්‍රමාණවත් තරම් ප‍්‍රබල සාක්ෂියක් නම් හමුවුණේ නෑ.

නෙසී ගැන අලූත් අදහසක්
2003 වසරේදී ලොක් නෙස් විල් ඉවුරේ කළ කැණීම්වලදී පොසිලකරණයට ලක් වූ සර්ව සම්පූර්ණ කොදු නාරටි 4 ක ඇටසැකිළි හමුවුණා. මේ අස්ථි පේලියෝසෝර් නම් පුරාණ ඩයිනසෝර විශේෂයට අයත් බව පසුව හඳුනා ගැනුණා. පේලියසෝර් කියන්නේ ඈත අතීතයේ ජීවත් වූ ජලජ ඩයිනසෝරයෙක්. උගේ හිස පොඩියි. දිගු බෙල්ලක් සද්දන්ත සිරුරක් සහ වරල්වලින් සමන්විත වූ පාද හතරක් හා දිගු වලිගයක් තියෙනවා.

නෙසී කියන්නේ පේලියසෝර් සත්වයෙක්ද ?
මේ පොසිල ලොක්නෙස් ඉවුරේ තැන්පත් වූයේ කෙසේදැයි පොසිල විද්‍යාඥයින්ට ගැටලූවක්. නෙසී ගැන ඇති ජනප‍්‍රවාද හා ඇසින් දුටුවායැයි කියන සාක්ෂිවලින් විස්තර කෙරෙනුයේ අඩි 35 ක් තරම් විශාල පේලියසෝර් ඩයිනසෝරයෙක්. ඒත් නෙසී යනු පේලියසෝර් ඩයිනසෝරයෙක් බව ඔප්පු කිරීම පහසු කාර්යයක් වී නෑ. ඊට හේතුව පේලියසෝර් ඩයිසසෝරයින් ජීවත් වුණේ කරදියේ. ඒ කියන්නේ සාගරයේ. එහෙම නැතිව මිරිදිය විල්වල නොවේ. ලොක් නෙස් විල මුහුදට සම්බන්ධ වුනත් එය පිරී තියෙන්නේ මිරිදිය ජලයෙනුයි. පේලියසෝර් සත්වයින් යනු උප නිවර්තන කලාපයට අයත් චලතාපී ජීවීන් විශේෂයක්. උන්ට ලොක් නෙස් වැනි ගැඹුරු අධික ශීතලකින් යුත් විලක ජීවත් වීමට නොහැකියි. අනෙක් වැදගත්ම කාරණාව වන්නේ පේලියසෝර් ඇතුළු අනෙකුත් ඩයිනසෝරයින් ජීවත් වුණේ වසර මිලියන 65 ක් ඈත අතීතයේයි. ලොක් නෙස් විල නිර්මාණය වී තිබෙන්නේ අන්තිම අයිස් යුගයේදීයි. ඒ කියන්නේ අවුරුදු 10,000 ක් තරම් ඈත අතීතයේ පමණි.

නෙසී ගැන අලූත්ම චිත‍්‍රපටය: වෝටර් හෝස්
ලොක්නෙස් විලේ අද්භූ. සත්වයා නෙසී සම්බන්ධයෙන් චිත‍්‍රපට කිහිපයක් නිර්මාණය වී තියෙනවා. නෙසී සම්බන්ධව නිර්මාණය කෙරුණු එක් චිත‍්‍රපටයක් වන්නේ වෝටර් හෝර්ස්: ලෙජන්ඞ් ඔෆ් ද ඞීප්.

 
2007 වසරේ දෙසැම්බරයේ එළිදැක්වූ විශේෂ පරිගණක ප‍්‍රයෝගවලින් හැඩගැන්වූ මෙම චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ජේ. රසල් වන අතර චිත‍්‍රපටයේ කතාව ඇරඹෙන්නේ 2 වැනි ලෝක යුද්ධය සමයේ ඇග්නස් නම් පිය සෙනෙහස අහිමි වූ කුඩා ළමයකුට ලොක් නෙස් විලේ අද්භූත සත්වයාගේ බිත්තරයක් හමුවීමත් සමඟයි. බිත්තරයෙන් එළියට පැමිණෙන මේ අපූරු සත්වයා රැක බලා ගන්නේ ඇග්නස් විසින්. ඔවුන් දෙදෙනා අපූරු අත්දැකීම් රැසකට මුහුණ දේ.

නොවිසඳුණු අභිරහස
නෙසී ගැන වාද විවාද තර්ක විතරක් තවමත් තියෙනවා. අලූතින් තර්ක විතර්ක මෙන්ම පැහැදිලි කිරීම් ද එළිදැක්වෙනවා. මේ හැමදේම සිදුවෙද්දී රංචු පිටින් සංචාරකයෝ ලොක් නෙස් විල වෙත ඇඳී එන්නේ නෙසීගේ හෙවණැල්ලක් හරි දැක ගන්න ලැබේවි යන අදහසිනුයි. සංචාරකයින් හිස් අතින් ආපහු ගියත් ලොක් නෙස්විල ආශි‍්‍රත සංචාරක කර්මාන්තය නම් නෙසී නිසා දිනෙන් දින දියුණුවට පත්වෙනවා.
3

සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට යන නිවුන්නු - වොයේජර් 1, 2 (ගවේෂණ)


පෘථිවියෙන් නිකුත්ව වසර 30කට පමණ පසු වොයේජර් - 1 යානය දැන් ටිකෙන් ටික අපේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට ගමන් ඇරඹීමට ළඟයි. නාසා ආයතනය විසින් උඩු ගුවනට යැවුණු වැදගත් අභ්‍යවකාශ යානයක් වන එය දැනට සූර්යයාගෙන් සැතැපුම් බිලියන 11ක් දුරින් ගමන් කරනවා. එය පසුගිය හය වසර තිස්සේ ම, එනම් 2004 සිට ම, සෞරග‍්‍රහ මණ්ඩලයේ ආන්ත දාරයේ ගවේෂණ කටයුතුවල යෙදෙමින් අපට තොරතුරු එව්වා.

පසුගියදා මෙම අභ්‍යවකාශ යානය අලූත් කලාපයකට පිවිසීම ඇරඹුවා. එය හැඳින්වෙන්නේ නිසලන කලාපය කියායි. එය පිහිටා ඇත්තේ අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ආන්ත දාරයේ කෙළවරයි. සක්වළ සිට එන්නකුට අපව දිස් වෙන ආකාරය වොයේජර් 1 මගින් ප‍්‍රථම වරට අපට දැක ගන්නට ලැබෙන්නේ මේ අවස්ථාවේදියි.
වොයේජර් -1 යානයට අපේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් සම්පූර්ණයෙන්ම ඉවතට යාමට ඇත්තේ ටික දුරක් විතරයි. මිනිසා විසින් තනන ලද යානයක් අපේ අන්තරීක්ෂ අවකාශයට, එනම් අපත් තරුත් අතර ඇති අති දැවැන්ත අවකාශය වෙතට පිවිසෙන පළමු වන වතාව මෙයයි.

මෙම යානය 2020 තෙක් කි‍්‍රයා කරන්නට එහි බැටරි බලය තියෙනවා. ඊට පළමු අන්තරීක්ෂ අවකාශයේ හැකිතාක් දුරට ගොස් ගවේෂණය කර තොරතුරු අපට එවාවි. එහි සේවය අපට තවත් මාස කීපයක් හෝ වසර කීපයක් හෝ ලැබෙනු ඇති.

නාසා ආයතනයට අයත් ජෙට් ප‍්‍රචාලන රසායනාගරයේ ප‍්‍රධාන විද්‍යාඥ එඞ් ස්ටෝන් කියන්නේ මේ කාලය නිශ්චිතව කිව නොහැක්කේ මීට පෙර කිසිම අභ්‍යවකාශ යානයක් මේ තරම් දුර නොයැවූ නිසා කියලයි.
‘වොයේජර් -1 යානය නොනවත්වා යාවි’ ස්ටෝන්, සැන් ෆ්රැන්සිස්කෝවේ පැවති ඇමරිකන් භූභෞතික සංගමයේ රැස්වීමක දී මේ ගැන සඳහන් කරමින් කීවා. පසුගිය වසර කීපය තුළ දී ‘වොයේජර් -1 යානය සෞරග‍්‍රහ මණ්ඩලයේ කෙළවර සිට එහි උපකරණ භාවිත කර මෙම නව කලාපය ගවේෂණය කර තොරතුරු එව්වා.

‘මෙය අන්තරීක්ෂ කිරණවලින් පිරුණු ප‍්‍රදේශයක්. හිරුගෙන් පැයට සැතැපුම් මිලියනයක තරම් වේගයකින් එන සූර්ය සුළං මේ කලාපය එන විට විශාල ලෙස අඩු වෙනවා. පිට සක්වළින් එන අධි බලශක්ති අංශු ඒ කලාපයට ටිකෙන් ටික ගලා එන්නට පටන් ගෙන තියෙනවා. ‘වොයේජර් -1 යානය අන්තරීක්ෂ අවකාශයට පිවිසෙන්නට ආසන්නව ඇති බව මේ ලකුණුවලින් අපට පෙනෙනවා.’ ඔහු කීවා.

අවසානයේ දී ‘වොයේජර් -1 යානය මේ කඩඉම පසු කරන විට තවත් වෙනස්කම් කීපයකට මුහුණ දෙනවා. එහිදී චුම්බක ක්ෂේත‍්‍රයේ වෙනසක් හා සුළංවල ස්වභාවයේ වෙනසක් ඇති වෙනවා. මෙහිදී හමුවන අන්තරීක්ෂ සුළං, සූර්ය සුළංවලට වඩා මන්දගාමීයි, සිසිල් බවින් යුක්තයි, ඝනත්වයෙන් ද වැඩියි.
යම් යම් දේ ගැන අපේක්ෂාවෙන් සිටියත් ඉදිරියේ දී නොසිතූවීරු දේ සිදුවිය හැකි යයි කියන ස්ටෝන්, ‘ඒවා අපට අනුමානය කළ නොහැකි දේවල්. මින් පෙර අත් නුදුටු ඒවා. සමහර විට අප අන්දමන්ද වෙන්නත් පුළුවන්’ ඔහු තවදුරටත් කියනවා.


‘වොයේජර් -1 යානයේ අනෙක් නිවුන් සොහොයුරා වූ ‘වොයේජර් -2 යානය උඩුගුවනට යවන ලද්දේ 1977 දීයි. එහි මූලික කාර්යභාරය වූයේ සෞරග‍්‍රහ මණ්ඩලය හරහා ගොස් බහිර්ග‍්‍රහයන් වූ බ‍්‍රහස්පතී, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් ගැන තොරතුරු එවීමයි. එය නිමා වූ පසු ‘වොයේජර් - 1,2 යානා දෙකම විරුද්ධ දිසාවලින් සෞරග‍්‍රහමණ්ඩලය සිසාරා ගොස් ඉන් ඔබ්බට ඇදී යාමට නියමිතව තියෙනවා.

‘වොයේජර් -2 යානය, ‘වොයේජර් -1 යානයට වඩා මන්දගාමී එකක් නිසා මේ මොහොතේ යමින් සිටින්නේ අපේ සූර්යයගෙන් සැතැපුම් බිලියන නවයක් ඈතිනි. තවමත් එය සෞරග‍්‍රහ මණ්ඩලයේ කෙළවරට පැමිණ නැහැ.
0

සිත්තරකු වූ සැදැල තනන්නා : විශිෂ්ටතම චරිත


චාල්ස් විල්සන් පීලේ Charles Wilson Peale දේශමාමක චිත‍්‍රශිල්පියෙකි. ඔහු ජාතියේ වීරයන්ගේ ආලේඛ්‍ය චිත‍්‍ර ඇඳීම නිසා ප‍්‍රසිද්ධියට පත් විය. ජෝර්ජ් වොෂින්ටන්, හැමිල්ටන්, ජෝන් පෝල් ජෝන්ස් ආදී විප්ලවයේ වීරයන්ගේ ඔහු ඇඳි චිත‍්‍ර ඉතා උසස් ඒවා ලෙස පිළිගැනේ. එහෙත් වැඩිහිටියකු වන තෙක්ම එවැනි සිත්තමක් දැක තිබුණේ නැත. පාසල් යන කාලේදිවත් චිත‍්‍ර ඇඳීම කර නැත. ඔහු මේරිලන්ඞ්වල ඇනාපෝලිස්හී සැදෑල තනන්නෙකි. එක දවසක් ඔහු සිය නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙන ඒමට නෝර්ෆෝක්වලට ගියේය. එහිදී සාප්පුවක අළෙවියට තබා තිබූ සිත්තම් කීපයක් දැක ගන්නට ලැබුණේය. ඒවා එතරම් හොඳින් ඇඳි චිත‍්‍ර නොවීය. ජීවිතයේ ඉන් පෙර කිසි දිනෙක ඔහු සිත්තමක් දැක තිබුණේ නැත. එහෙත් ඒවා දුටු විගස ඊට වඩා හොඳින් තමන්ට අඳින්නට හැකි යයි ඔහු සිතුණේය. ඒ ඉතාමත් නරක විදියට ඇඳ තිබූ ඒවාය. ඔහු ආපසු ගෙදර ආවේ චිත‍්‍ර අඳින ආම්පන්න ද රැගෙනය. ඔහු ගෙදර විත් කළේ චිත‍්‍ර අඳින්න පටන් ගැනීමය. ඉන් පෙර කවරදාත් චිත‍්‍ර ඇන්දේ නැති ඔහුගේ චිත‍්‍ර හොඳින් අළෙවි විය. චිත‍්‍ර ඇඳීම රැකියාව කර ගන්නට ඔහු කල්පනා කළේය. ඇමරිකාවේ බොස්ටන්හී ජෝන් සින්ගල්ටන් කොප්ලේගෙන් හා ලන්ඩනයේ බෙන්ජමින් වෙස්ට්ගෙන් චිත‍්‍ර අඳින්න ඉගෙන ගත්තේය.  ඕනෑම කෙනෙකුට චිත‍්‍ර ඇඳීම ඉගෙන ගත හැකි යයි ඔහු විශ්වාස කළේය. ඒ නිසා ඔහු සිය සොහොයුරන්ට සොහොයුරියන්ට, පුතුන්ට, දූරුන්ට, බෑණාවරුන්ට, ලේලිනට හා වෙනත් නෑයන්ට චිත‍්‍ර අඳින්න ඉගැන්නුවේය. ඔහුට දරුවන් 17 දෙනකු සිටියේය. ඒ අතරින් පුතුන් දෙදෙනෙක් හා සොහොයුරෙක් කීර්තිමත් චිත‍්‍රශිල්පීන් වූහ.  පුතුන් දෙදෙනා රැම්බ‍්‍රාන්ට් Rembrandt හා රෆායෙල් Raphaelle ය. සොහොයුරා ජේම්ස් විය.
3

කෙන්යාවේ අලි වනජීවියට එස් එම් එස් (SMS) යවති : විස්මිත සොයා ගැනීම්

අලි මිනිස් ගැටුමේ ඛේදවාචකයක් රැගත් අනුවේදනීය සිද්ධියක් විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ද පසුගිය දිනෙක අපට දකින්නට ලැබිණි. අලි මිනිස් ගැටුම අපේ රටේ පමණක් නොව අප‍්‍රිකාවේ රටවලත් සිදුවේ. අලිඇතුන් කෑම සොයා ගම් වැදීම නිසා දුකට පත් වන ගැමියන් ගැන වාර්තා අපේ රටෙන් පමණක් නොව ඒ රටවලින් ද අසන්ට ලැබේ. මේ අලි මිනිස් ගැටුම අව ම කර ගැමියන්ට සහනයක් ලබා දීමටත්, අලි ගහනය වඳ වී යාමේ තර්ජනයෙන් බේරා ගැනීමටත් වනජීවී නිලධාරීහු නොයෙක් උපක‍්‍රම භාවිත කරති. විදුලි වැට ඉදි කිරීම, වෙනත් වන රක්ෂිතවලට පලවා හැරීම ඉන් කීපයකි. එහෙත් මෙයට වඩා සම්පූර්ණයෙන් වෙනස් උපක‍්‍රමයක්  අප‍්‍රිකාවේ කෙන්යා වනජීවී නිලධාරීන් විසින් යොදා ගෙන තිබේ. කෙන්යාවේ වන රක්ෂිතවල ජීවත් වන සද්දන්ත අලි ඇතුන්ගෙන් මිනිසාටත් මිනිසාගෙන් එම අලි ඇතුන්ටත් සිදුවන හානිය අවම කිරීමට කෙන්යාවේ ඔල් පෙජෙටා වන රක්ෂිතයේ වනජීවී නිලධාරීන් භාවිතයට ගෙන ඇත්තේ අති නවීන තාක්ෂණික උපක‍්‍රමයකි.


කෙන්යාවේ අලි වනජීවී නිලධාරිනට ‘එස් එම් එස්’ යවන්නට පටන් ගෙන ඇත්තේ මේ නවීන තාක්ෂණික උපක‍්‍රමය නිසාය. මුලින් ම මෙම අති නවීන තාක්ෂණය යොදා ගෙන ඇත්තේ ‘කිමානි’ නම් දැවැන්ත දළ ඇතෙකුටය.

ගම්බිම් පාළු කරමින් මිනිසුන්ට පහර දෙන සද්දන්තයෙක් ලෙස ‘කිමානි’ නම් දළ ඇතා ප‍්‍රසිද්ධියට පත්වී සිටියි. කෙන්යාවේ ඔල් පෙජෙටා වන රක්ෂිතයේ වෙසෙන මේ කිමානිට ගැමි පවුලක් හයමාසයකට එක් රැස් කර ගෙන සිටින ධාන්‍ය එක් රැයකින් කා දමන්නට හැකිය. ඌ මේ වන විට රාති‍්‍ර කාලයේ දී ගම්බිම්වලට කඩා වැදී ගැමියන් බිය වද්දා ඔවුන්ගේ ආහාර පමණක් නොව ජීවිත රැසක් ද උදුරා ගෙන ඇත. නිමානි වැනි ගම් වදින සද්දන්තයන් කීප දෙනෙක් ම මේ වන රක්ෂිතයේ සිටිති.

කිමානි වැනි සද්දන්තයන්ගේ ජීවිත රැුක ගෙන ගැමියන්ට සහන සලසන මෙම අපූරු වැඩ පිළිවෙළ ආරම්භ වූයේ මීට වසර දෙකකට පෙරය. මේ සඳහා පුරෝගාමීව කටයුතු කළේ කෙන්යා වන ජීවී සේවාවයි. නැවැත්වීමට කොතරම් උත්සහ කළත් වගාබිම් පාළු කරන, මිනිසුන්ට කරදර කිරීමට වනාන්තර අද්දර පිහිටි ගම්බිම්වලට කඩා වදින, පුරුද්ද ඇති අලි ඇතුන් පස් දෙනකු නිර්වින්දනය කර අල්ලා ගන්නට වනජීවී නිලධාරීහූ කි‍්‍රයා කළහ. මේ සද්දන්තයන් අතර කිමානි ද සිටියේය.

වන ජීවී නිලධාරීන් විසින් නිර්වින්දනය කර අල්ලා ගත් මේ සද්දන්තයන්ගේ කරේ පටියක් පලඳවන ලදී. ජංගම දුරකතන ‘සිම් කාඞ්’ (SIM card) පතක් සවි කර ඇති මෙම කරපටිය නිසා  ගෝලීය ස්ථානගත පද්ධතිවල (GPS) හා චන්ද්‍රිකා තාක්ෂණයේ උදව්වෙන් වන ජීවී නිලධාරීන්ට කිමානි ඉන්නා තැනත්, යන එන තැන් ගැනත් කල් තියා දැන ගැනීමට හැකිවී තිබේ. මේ සඳහා රේඩාර් තාක්ෂණයත් ඔවුන්ට සහය වෙයි. කිමානි වනරක්ෂිතය අද්දර ගම්මාන හා වගාබිම් දෙසට පැමිණෙන්නේ නම් කරේ ඇති ‘සිම් කාඞ්’ පතෙන් ‘එස් එම් එස් ’ පණිවිඩයක් අනතුරු ඇඟවීමේ සංඥාවක් වශයෙන් ජීවී නිලධාරීන්ට ලැබේ. එවිට කඩිනමින් ක‍්‍රියාත්මක වන ඔවුහූ එහි පැමිණ කිමානිව වෙන පැත්තකට හරවා යැවීමට පියවර ගනිති.

අප‍්‍රිකානු අලි ගහනය ද මේ වන විට සීඝ‍්‍රයෙන් අඩුවෙමින් පවතී. උන් වඳවී යාමේ රතු දත්ත වාර්තාවට ඇතුළත් වීම වැළැක්වීමට වනජීවී නිලධාරීන් හා කෙන්යානු වැසියන් ගත් මෙම අපූරු උපක‍්‍රමය අලි මිනිස් ගැටුමට නව තාක්ෂණය යොදා ගනිමින් ඉදිරිපත් කළ සාර්ථක විසඳුමකි. මෙය අප‍්‍රිකාවේන් ලැබෙන පරන පුවතක් උනත් මෙය අපිට කාලොචිත එකක් ලෙස සිතන්න පුලුවන්.

තරුවක් කෑමට ගන්නා තරුවක් : විස්මිත සොයා ගැනීම්

තරුවක් තවත් තරුවක් කෑමට ගන්නා දර්ශනයක් අපට ගෙන එන්නට ලෝක තාරකා විද්‍යාඥයන් පිරිසක් සමත් වී තියෙනවා. තාරකා විද්‍යාඥයන් මේ සමර්ථකම කර ඇත්තේ චිලි රටේ පිහිටුවා ඇති යුරෝපීය දකුණු අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයේ ඇති දුරේක්ෂවල ආධාරයෙන්. මේ පින්තූරවලින් දක්වෙන්නේ ඒ අවස්ථා කීපයක්. තරුවක් තවත් තරුවකින් පෝෂණය වෙනවා දැක්වෙන පැහැදිලි පින්තූර පෙළක් පළ වූ මුල් ම වතාව මෙයයි.

මේ තරු දෙක එකිනෙකට සැතැපුම් මිලියන 92ක් එකිනෙකට ඈතින් තිබුණත් කුඩා තරුව ලොකු තරුව කෑමට ගන්නා හැටි ඔබටත් දැන් මේ පින්තූරවලින් නිරීක්ෂණය කරන්න පුලූවන්.


යුගල තාරකා වන මේවා නම් කර ඇත්තේ එස්එස් ලෙපෝරිස් SS Leporis කියායි. මේවා පිහිටා ඇත්තේ ලෙපුස් Lepus ඛැචමි තරු පන්තියේයි. මේ තරු දින 260කට වරක් එකිනෙකා වටා භ‍්‍රමණය වෙන ඒවායි.
මේ තරම් පැහැදිලි ලෙස ප‍්‍රතිබිම්බ ලබා ගෙන ඇත්තේ යුරෝපීය දකුණු අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයට අයත් පැරනල් නිරීක්ෂණාගාරයේ දුරේක්ෂ හතරකින් හසු කරගත් ආලෝකය ආධාරයෙන්. ඒ දුරේක්ෂ රඳවා ඇත්තේ අඩි 8600ක් උස කන්දකයි. මේ පින්තූර හබල් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ගත් පින්තූරවලට වඩා පනස් ගුණයකින් පැහැදිලි පින්තූර ලබා ගැනීමට ඔවුනට හැකි වී තිබෙනවා.

‘අපට දැන් මේ දුරේක්ෂ හතරම එකට යොදා ගෙන හසුකර ගන්නා ආලෝකයෙන් ඉතා පැහැදිලි පින්තූර ඉතා ඉක්මනට ගන්නත් පුලූවන්. ඒ විතරක් නොවෙයි, ඒ තරු එකිනෙකා වටා භ‍්‍රමණය වනවා පමණක් නොව ඒ තරු දෙකෙන් විශාල තරුවේ ප‍්‍රමාණය මැන ගන්නත් පුලූවන්.’ නිකලස් බ්ලයින්ඞ් කියයි. ඔහු තමා මේ වැඩසටහන ඉදිරිපත් කරන පිරිසේ නායකයා.

මෙහි විශාල තරුව එය ගිල ගන්නා සතුරු තරුවට වඩා සිසිල් එකක්. දැන් එහි ස්කන්ධයෙන් අඩකටත් වඩා ගිල ගෙන අවසන්.



‘අපි දැනගෙන සිටියා මේ යුගල තාරකාවල අමුත්තක් තියෙන බව. එහි එකක ද්‍රව්‍ය ගලා ගෙන ගොස් අනෙකට එකතු වෙනවා’ නිකලස්ගේ සගයා වූ හෙන්රි බොෆින් කියනවා. ‘අපි මේ ස්කන්ධ ගැල්ම දුටුවේ මින් දුටුවාට වඩා වෙනස් ආකාරයටයි. රතු යෝධයා කුඩා වී ඇති ආකාරයත් සතුරු තරුව විශාල වී ආකාරයක් පැහැදිලිව පෙනෙනවා.’ ඔහු තවදුරටත් කියනවා.

තාරකා විද්‍යාඥයන් දැන් සිතන්නේ මෙහිදී සිදුවන්නේ යෝධ තරුවෙන් හමන සූර්ය සුළං මගින් ගලා යන ද්‍රව්‍ය උනුසුම් තරුව මගින් හසුකර ගැනීමක් කියායි.
6

හිමාලයේ හිම මිනිසාගේ කතාව (Yeti) Abominable Snow Man : ලෝකයේ නොවිසඳුණු අභිරහස්

මේ මිහිතලයේ හැම අස්සක් මුල්ලක් නෑරම ජීවය පවතිනවා. දිනෙන් දින සත්ව විද්‍යාඥයින්ට අලූත් ජීවීන් හමුවෙනවා. ඒත් සමහර සත්ව විද්‍යාඥයින්ට මෙන්ම මුළුමහත් ලෝකයටම අබිරහසක් වූ ජීවීන් ද මෙලොව සිටිනවා යැයි අපට විටින් විට නොයෙක් අපූරු තොරතුරු ලැබෙනවා. එවැනි එක් ජීවියෙක් තමයි ‘යෙටී’ Yeti එහෙමත් නැතිනම් හිමාලයේ ‘පිළිකුල් සහගත හිම මිනිසා’ Abominable Snow Man කියලා කියන්නේ. ටිබෙට් ජාතිකයන් ‘යෙටී’ නමින් මෙම සත්වයා හැඳින්වූවත් ආසියාවේ තවත් රටවල් කිහිපයක ම මෙවැනි සත්වයන් සිටින බව කියැවෙනවා. ඒ ඒ රටවල විවිධ නම්වලින් මේ සත්වයා හඳුන්වනවා. එහෙත් යෙටී කියන නමයි, වඩාත්ම ප‍්‍රසිද්ධ වී තියෙන්නේ. ප‍්‍රධාන වශයෙන් යෙටී යන නමින් වූ සත්වයා ජීවත් වෙනවා යැයි කියන්නේ නේපාලයටත් ටිබෙට් දේශයටත් අයත් හිමාල කඳුකරයේ. යෙටී ගැන අපූරු විස්තර මහා ඇලෙක්සෙන්ඩර් අධිරාජ්‍යයාගේ සමයේ පටන් වාර්තා වී තියෙනවා. කි‍්‍රප්ටෝසූලොජිස්ට් cryptozoologists හෙවත් ගුප්ත සත්වවේදීන් අද පවා හිමාල අඩවිය ගවේෂණය කරන්නේ යෙටී ගැන සත්‍ය තොරතුරක් සොයමිනුයි.


මහා ඇලෙක්සෙන්ඩර්ට ඇසූ අපූරු කතාව
ක‍්‍රි.පූ. 326 දී මහා ඇලෙක්සෙන්ඩර් අධිරාජ්‍යයා ඉන්දියාව ආක‍්‍රමණය කළා. එහිදී ඔහුට සිත් ඇදගන්නාසුලූ කතාන්දරයක් අහන්න ලැබුණා. ඒක තමයි ප‍්‍රදේශවාසීන් නිතර කතාබහ කළ ප‍්‍රදේශයට ආවේණික වූ වානර මිනිසෙක් ගැන කතාවක්. මේ වානර මිනිසා ප‍්‍රමාණයෙන් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා විශාලයි. වලිගයක් නෑ. කෙළින් නැගී සිට දෙපයින් ගමන් කළා. මහා ඇලෙක්සෙන්ඩර් අධිරාජ්‍යයා ඔහුගේ සේනාංකයට අණ දුන්නා මේ අපූරු වානර මිනිසෙකු අල්ලාගෙන තමා ඉදිරියට රැගෙන එන්න කියා. ඒත් ඊට පිළිතුරු වශයෙන් ඔහුට අහන්න ලැබුණේ එම වානර මිනිසුන් ජීවත් වුණේ හුදෙකලා වූ කඳුකරයේ කඳු මුදුන්වල විතරයි කියලයි.

රෝම ඉතිහාසඥයාගේ සටහන
ඊට ශත වර්ෂ හතරකට පස්සේ ප්ලීනි නම් වයෝවෘද්ධ රෝමානු ඉතිහාසඥයා මෙම අපූරු වානර මිනිසුන් ගැන මෙසේ සටහනක් තැබුවා. ”මනුෂ්‍යයින් හා සමාන සිරුරුවලින් යුත් මෙම සත්වයින්ට හතර ගාතයෙන් මෙන්ම ගාත් දෙකකින්ද ඇවිද යාමට පුළුවනි. උන් ජීවත් වන්නේ නැගෙනහිර ඉන්දියාවේ කඳුකරයේ විතරයි”

අද්භූත සත්වයාට විවිධ නම් පටබඳියි

මිනිස් හැඩහුරුකම් පෙන්නුම් කළත් වනයේ ජීවත් වන වානරයෙක් වැනි සත්වයෙක් ගැන ආසියානුවන් වසර ගණනක් තිස්සේ විශ්වාස කරනවා. විවිධ රටවල අය මේ සත්වයාට විවිධ නම් පටබැඳ තියෙනවා. උතුරු ඉන්දියානුවන් ඌට කියන්නේ ‘නියල්මෝ’ කියලයි. නේපාල වැසියන් ඌට කියන්නේ ‘චීමෝ’. ටිබෙට් වැසියන් ඌව හඳුන්වන්නේ ‘යෙටී’ කියලයි. චීන ජාතිකයින් කියන්නේ ‘යෙරන්’. මොංගෝලියානුවන් කියන්නේ ‘අල්මාස්’. මලයාසියානුවන් කියන්නේ ‘මාවා’. මේ මොන නමින් හැඳින්වූවත් මේ හැම නමක ම ඇත්තේ එකම එක තේරුමයි. ඒ ‘මිනිසා’ යන්නයි.

හිමාලයේ හිම මිනිසා මොන වගේද ?

විවිධ නම්වලින් හැඳින්වුවත් මෙම සත්වයාගේ හැඩරුවත් සමානයි. මේ සත්වයා ජීවත් වන්නේ කඳුකරයේ හිමෙන් වැසුණු ප‍්‍රදේශවලයි. මීටර් 7 ත් 10 ත් අතර ප‍්‍රමාණයක් උස පි‍්‍රමටාවෙක් එහෙමත් නැත්නම් අගේ‍්‍රෂියෙක් විය හැකි, වනගතව ජීවත් වන මෙම සත්වයාගේ හිසේ සිට දෙපතුළ දක්වාම ලෝමවලින් එහෙමත් නැතිනම් දිග කෙස්වලින් පිරිලයි, තියෙන්නේ. කකුල් දෙකෙන් ඇවිදියි. වාසය කරන්නේ හුදෙකලා වූ පාළු උස් ප‍්‍රදේශවලයි. මිනිස් ආශ‍්‍රයට බියයි. ඌට බාධා කළොත් නපුරු හා ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙයි.

යෙටී ගැන සාක්ෂි
යෙටී සම්බන්ධයෙන් තියෙන ප‍්‍රබලම සාක්ෂිය තමයි, හිමෙහි හෝ මඩෙහි හෝ සටහන් වූ උගේ පා සලකුණු. ඒ වගේමයි රාත‍්‍රී කාලයේදී ඇසෙන ඇඟ හිරිවැටෙන උගේ මහා නාදය. යෙටීගේ කෑ ගැසීම් හිම කුණාටු පවතිද්දී පවා ඈත දුරකට ඇසෙනවා කියලයි ටිබෙට් රට ආශ‍්‍රිත ෂීක්වරුන් කියන්නේ. ඒත් මේ පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම නම් ඒ ඇහෙන්නේ යෙටීගේ හඬ නෙවෙයි, ගල්කුළු අතරින් සුළං රැළි වේගයෙන් හමා යද්දී ඇතිවන හඬ යන්නයි. ප‍්‍රදේශයේ වැසියන් කියන්නේ යැක් ගවයින් සහ බැටළුවන්ව ආහාරයට ගන්න යෙටී ප‍්‍රිය කරනවා කියලයි. සමහර අවස්ථාවලදී යැක් ගවයින්ගේ හා බැටළුවන්ගේ කීතු කීතු කළ සිරුරු මිටියාවත්වලින් හමුවී තියෙනවා. ඒ යෙටීට ගොදුරු වූ අවස්ථාවලදීයි කියලයි ප‍්‍රදේශවාසීන් කියන්නේ. එහෙත් තවත් මංශ භක්ෂක සත්වයින් මෙම ප‍්‍රදේශවල ඉන්නවා. ඒත් හිමාල වලසුන් හා හිම දිවියන් මේ අයුරින් සතෙකුව කීතු කීතුවලට ඉරාදමා කෑමට ගන්නේ නෑ. යෙටීගෙන් මිනිසුන්ට අනතුරක් වෙනවා කියලත් කියනවා. එහෙම කියන්නේ සමහර අවස්ථාවලදී ගොපල්ලන් අතුරුදන් වෙන හින්දයි.


යෙටී සොයා ගිය ගවේෂකයෝ
බටහිර ගවේෂකයින්ට නම් ප‍්‍රසිද්ධියට පත්වීමට යෙටී හොඳ අවස්ථාවක්. යෙටී ගැන ඇති කටකතා හා දෘෂමාන ආරංචි ඔප්පු කරමින් පණ පිටින් හෝ මරා හෝ යෙටී සත්වයෙක් අල්ලා ගෙන ප‍්‍රසිද්ධ වීමටත්, ඒවා බොරු යැයි ඔප්පු කර ප‍්‍රසිද්ධ වීමටත්, කැමති පිරිස් ඉන්නවා. 1953 දී මුලින්ම එවරස්ට් කන්ද තරණය කළ ශ‍්‍රීමත් එඞ්මන්ඞ් හිලරි හිමාලයට යළි ආවා, 1960 දී. ඔහුගේ අරමුණ වුණේ යෙටී නමින් හැඳින්වෙන හිමාලයේ හිම මිනිසා ගැන සත්‍යයක් ඇතිදැයි සොයා බැලීමයි. හිලරි යෙටී සොයමින් මාස 10 ක කාලයක් හිමාල අඩවිය පුරා සැරිසැරුවා. අන්තිමේදී ඔහු මෙන්න මෙහෙම කීවා. ‘යෙටී කියන්නේ අපූරු සුරංගනා කතාවක්. නොදන්නා සතුන් දැක්කාම ඔවුන් ගැන ප‍්‍රදේශවාසීන් තුළ ඇති වන බිය මිථ්‍යාවන්ගෙන් ද පෝෂණය වී බටහිර ගවේෂකයින්ගේ දැඩි උනන්දුව නිසා බිහිවූ සත්වයෙක්’.

හොප්කින්ස්ගේ සහ ටේලර්ගේ නිගමනය
යෙටී සම්බන්ධයෙන් ලැබුණු බොහෝ අඩි සලකුණු හා වෙනත් සාක්ෂි ඉතා හොඳින් පරීක්ෂා කළ බැලූ ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ඩැනියෙල් ටේලර් 1980 දී නිගමනය කළේ, ඒවා අයත් වන්නේ එම ප‍්‍රදේශයේ වෙසෙන, කලින් හඳුනා ගැනීමට බැරි වූ, ප‍්‍රමාණයෙන් විශාල වලස් විශේෂයකට කියලයි. මේ වනවිටත් හිමාල ප‍්‍රදේශයේ හිමාලවලසුන් යනුවෙන් හැඳින්වෙන වලස් විශේෂයක් ජීවත් වෙනවා. සමහර විද්‍යාඥයන් කියන්නේ යෙටී යනු වසර 3,00,000කට පමණ පෙර මේ ප‍්‍රදේශයේ විසූ ආදී මානවයකුගේ විය හැකි බවයි. ඒ ජයිජෑන්ටෝපිතිකස් නම් මානවයාගෙන් පැවත එන තවමත් නිසි ලෙස හඳුනා ගෙන නැති උප විශේෂයක් බවයි.

වසර 2000 දී හෙළි වූ නිගමනයන්
වසර 2000 දී කඳු නැගීමේ ශූරයෙක් හා දේශ ගවේෂකයෙක් ලෙස ප‍්‍රසිද්ධ රීනෝඞ් මෙස්නර් නම් ප‍්‍රංශ ජාතිකයා යෙටී සම්බන්ධයෙන් කළ වසරක් පුරා කළ ගවේෂණයකින් පසු කියන්නේ යෙටී කියන්නේ ලොකු වලසෙක් හෝ වඳුරෙක් විය හැකි බවයි.

මේ පිළිබඳව කොතෙක් මත පළ වුනත් හිමාලය ආශි‍්‍රත ජීවත්වන්නන් ඉන්නේ තවමත් එක ම මතයකයි. ඒ යෙටී නමින් අද්භූත සත්වයකු හිමාල අඩවියේ ඉන්නා බවයි. 1961 දී හිමාල අඩවියේ ගම්මානයකට ආ එක් ප‍්‍රංශ විශාරදයෙකු හා නේපාල ගැමියකු අතර වූ කතාබහකින් පවා ඒ බව කියැවෙනවා. ඒ ප‍්‍රංශ විශාරදයා කියා ඇත්තේ ඔහු විශ්වාස කරන හැටියට යෙටී කියන්නේ ලොකු බොරුවක් බවයි. ඊට පිළිතුරු වශයෙන් කුන්ජෝ චුම්බි නම් ඒ ගැමියා කියා ඇත්තේ, ‘‘නේපාලයේ අපි ජිරාෆ්ලාවත් කැන්ගරූලාවත් දැකලා නෑ. ඒ නිසා අපි ඒ සතුන් ගැන දන්නේ නෑ. ඒ වගේ ප‍්‍රංශයේ යෙටීලාත් නැහැ. ඒ නිසා ඔබේ නොදන්නාකම ගැන මම අනුකම්පා කරනවා’’ යනුවෙනුයි.   


ටින්ටින්ට යෙටීව හමුවෙයි
යෙටී චිත‍්‍රකතා ලෝකය තුළත් අමරණීය වෙලයි, තියෙන්නෙ. ඒ ටින්ටින් චිත‍්‍රකතා තුළින්. සිංහලෙන් පවා පළ වෙලා තියෙන මේ ටින්ටින් චිත‍්‍රකතා ගැන අපි කවුරුත් දන්නවා. ටින්ටින්ගේ නිර්මාතෘ තමයි, බෙල්ජියානු ජාතික හර්ජි. හර්ජිගේ එක් ටින්ටින් වික‍්‍රමයක් තුළින්  යෙටී ජීවමාන කරලා තියෙනවා. ඒක තමයි ‘ටිබෙට් දේශයට ගිය ටින්ටින්’ TinTin in Tibet ඒ කතාවෙන් කියවෙන්නේ හිමාල කඳුකරයේ ගුවන් යානා අනතුරක් නිසා අතරමං වෙන චෑං කියන පුංචි ළමයා සොයා ගිය ටින්ටින්ගේ වීර චාරිකාව ගැනයි. එහිදී ටින්ටින්ට ටිබෙට් හා නේපාල වැසියන් බියපත් කරන යෙටී හමුවෙනවා. ගුවන් යානා අනතුරින් දිවි ගලවා ගන්නා චෑංව බේරා ගෙන රැකවල් ලබා දෙන්නේ යෙටී බව කතාව අවසානයේ හෙළි වෙනවා. ටින්ටින් නිර්මාතෘ හර්ජි යෙටීව දැක්කේ නපුරු මෘගයෙක් හැටියට නොවේ. ළමයින්ට ආදරේ කරන අපූරු සත්වයෙක් ලෙසයි.


ටිබෙට් පන්සලක ඇති යෙටී හිස් කබලක්. මෙය යෝධ එළුවකුගේ හිස් කබලක් යැයි දැන් මතයක් පළ වී තියෙනවා.
2

මරු කටෙන් බිහි වූ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා - ජෝන් වූ John Woo : දුක දිනා ජයගත් හපන්නු

ලෝක ප‍්‍රකට චිත‍්‍රපට අධ්‍යක්ෂ ජෝන් වූ John Woo වයස අවුරුදු තුනේ දී ආසාදනයකින් මරණාසන්න තත්වයට පත්ව සිටියා. වෛද්‍යවරයා ඔහුගේ පියාට කීවේ මේ දරුවා පිළිබඳ අදහස අත්හැර වෙනත් දරුවකු ගැන හිතන්න, ඔහු ජීවත් කරවීම අපහසුයි කියායි. ඒත් ඔහුගේ පියා එහෙම කළේ නෑ. ඒ වෙනුවට ඔහු කළේ ඔහු සතු සියලූ ධනය වියදම් කර බටහිරින් පුහුණුව ලත් වෙනත් විශේෂඥ වෛද්‍යවරයකු ලවා සිය එකම පුතාට ප‍්‍රතිකාර කිරීමයි. මේ නිසාම ඒ පවුල අන්ත දිළිඳු තත්වයට වැටුණා.


”මගේ පියා ගුරුවරයෙක්. එදා එයා මා දිහා බලලා කීවේ, ‘මං මගේ මුළු සේසතම වියදම් කරල මගේ දරුව ව කොහොම හරි බේරා ගන්නවා. මං එයාට ආදරෙයි. එයා දක්ෂ දරුවෙක් වේවි’ කියලයි.” ජෝන් වූ සිය අතීතය ගැනත් පියා ගැනත් සිහිපත් කරමින් කීවා.

හොංකොං චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ජෝන් වූ කි‍්‍රයාදාම චිත‍්‍රපට නිසා අද බටහිර ලෝකයේ නමක් දිනා ගත් අයෙක්. ඒත් දකුණු චීනයේ ජීවත් වූ ඔවුන්ට චීනයේ කොමියුනිස්ට් විප්ලවය නිසා එරටින් දිවි ගලවා ගෙන හොංකොං දූපතට පැන එන්නට සිදු වුණා. ඉතා දිළිඳු තත්වයකින් හොංකොං නගරයේ පෙට්ටිගෙයක ජීවත් වූ ඔවුන්ට ඒ කාලේ නගරයේ ඇති වූ මහා ගින්නකින් ඒ ලෑලි නිවසත් අහිමි වුණා. ඊට පස්සේ අතේ සතේ නැතිව අවුරුද්දක් විතර ඔවුන් ජීවත්වූයේ හොංකොං නුවර වීදීවලයි. ඒ අතර පියාට වැළඳුණු ක්ෂය රෝගය නිසා ඔහු දහ අවුරුද්දක් ම දුක් වින්දා. පියාට රස්සාවක් කළ නොහැකි නිසා පවුල නඩත්තු කිරීමට මව ගොඩනැගිලි ඉදිකිරීම්වල අත් උදව්කාරියක් ලෙස සේවයට ගියා. 

ඔහු රීඩර්ස් ඩයිජෙස්ට් සඟරාවට ඔහු අතීතය ගැන කීවේ මෙහෙමයි: ”මං හුඟක් ඛේදජනක දේට මුහුණ දුන්නා. ප‍්‍රචණ්ඩත්වය අත්වින්දා. ඒවායින් ගැලවී දිවි රැක ගන්න ලැබීම වාසනවක්. මං මගේ පියාටයි, මවටයි, මගේ ජීවිතය බේරාදුන් තරුණ දොස්තර මහත්තයටයි, හුඟාක් ණයගැතියි. මං චිත‍්‍රපට හදන්න කැමති එකම හේතුව හැම කෙනකුටම චිත‍්‍රපට තුළින් වීරයකු වීමට හැකි වීමයි. චීන අපේ පවුල් බැඳීම හරි විශාලයි. ඒ පවුලේ ගෞරවය, හිතවත් බව, අභිමානය ඒ හැම එකක්ම මගේ චිත‍්‍රපටවලට එක් කරල තියෙනවා”
හොංකොංවල චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස නමක් දිනාගත් ජෝන් වූ පසුව හොංකොං දූපත බි‍්‍රතාන්‍ය පාලනයෙන් චීනයට බාර දුන් පසු ඇමරිකාවේ හොලිවුඞ් පුරයේ පදිංචියට ගියා. හොලිවුඞ් පුරයේ වඩාත් සාර්ථක ආසියානු අධ්‍යක්ෂවරයා ලෙස ඔහු හැඳින්වෙනවා. 2010 දී වැනීස් අන්තර්ජාතික චිත‍්‍රපට උළෙලේ දී ජීවිත කාලය පුරා කළ නිර්මාණ දායකත්වය උදෙසා පිරිනැමෙන රන් සිංහ Golden Lion  සම්මානයෙන් පුදනු ලැබුවා. දැන් 65 හැවිරිදි ජෝන් වූ තවමත් චිත‍්‍රපට තනනවා.



ලොවපුරා ජනපි‍්‍රය වූ ඔහුගේ චිත‍්‍රපට අතර මිෂන් ඉම්පොසිබ්ල් Mission Impossible, රෙඞ් ක්ලිෆ් Red Cliff, ෆේස්/ ඕෆ් Face/Off, හාඞ් ටාගට් Hard Target, බ්රෝකන් ඇරෝ Broken Arrow, ද කිලර් The Killer, බෙටර් ටුමරෝ Better Tomorrow ආදිය ද වෙනවා. (ඔහු පිළිබඳ තවත් විස්තර සඳහා විකිපීඩියාIMDB බලන්න.)

අනාගතයේ ආලෝකය නිපදවන බැක්ටීරියා ලාම්පු : නව නිපැයුම්

අප සාමාන්‍යයෙන් කරන්නේ රෝග කාරක බැක්ටීරියා අපේ නිවෙස්වලින් පන්නා දැමීමයි. ඒත් අනාගතයේ දී මේ බැක්ටීරියා වර්ග හෙවත් ක්ෂුද්‍ර ජීවී විශේෂ මිලියන ගණනක් යොදා ගෙන නිවෙස් ආලෝකමත් කර ගන්නට අපට හැකි වේවි.

පිලිප් ඉලෙක්ට්‍රොනික් සමාගම ‘ජීව-ආලෝක’ bio light  ක‍්‍රමයක් නිපදවා තියෙනවා. ඒ මගින් විදුලිය භාවිත නොකර ඔබට ඔබේ කාමරය ආලෝකවත් කර ගන්න පුලූවන්. එයින් විහිදෙන ආලෝකය සෞම්‍ය දීප්තියක් ඇති එකක්.


මේ ලාම්පුවට ඇතුළත් වන්නේ වීදුරු කුටී පෙළක්. ඊට යොදා ගෙන ඇත්තේ කලාමැදිරියන් හා ? බදුල්ලන් ආලෝකය නිකුත් කිරීමට යොදා ගන්නා ජෛවසන්දීප්ත ක‍්‍රමයට සමාන එකක්. මේ වීදුරු බඳුන්වල ඇත්තේ ජෛවසන්දීප්ත බැක්ටීරියා විශේෂයක්. ඒ තුළට මීතේන් වායුව යැවූ විට දීප්තියක් නිකුත් කෙරෙනවා. මෙහිදී යොදා ගන්නේ නිවසේ අපද්‍රව්‍යවලින් නිපදවෙන ජීව වායුවයි.

එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ ශාක ජීව විද්‍යාඥ ජිම් හේස්ලෝෆ් කියන්නේ මෙය තිරසාර ආලෝක සැපයුමට හොඳ ක‍්‍රමයක් කියායි. ඔහුගේ අදහස මේ ක‍්‍රමය නිවෙස්වලට වැද්දගන්නට හැම කෙනෙකුම කැමති වෙන එකක් නැහැ. ඒත් වැඩි වියදමක් නැතුව මගතොට ආලෝකවත් කරන්න නම් මෙය හොඳින් ම ගැළපෙන බවයි.


පිලිප් ආයතනය විශ්වාස කරන්නේ මෙය දැන් අප භාවිත කරන විදුලිය පිරිමහින විදුලි බුබුළුවලට වඩා ඉදිරි පියවරක් ලෙසයි. ‘නිවසේ බලශක්ති භාවිතය අවම කරන ගෘහෝපකරණ තැනීමටත් සමස්ත ප‍්‍රජාවටම ප‍්‍රයෝජනවත් වන ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ලන නව උපකරණ තැනීමත් සැලසුම්කරුවන් ලෙස අපේ වගකීමක් වෙනවා.’ පිලිප්ස් ආයතනයේ ක්ලයිව් වැන් හියර්ඩන් කියනවා.

මේ ජීව වායුව යොදා ගෙන ආලෝකය නිකුත් කර බැක්ටීරියා ලාම්පු පරිසර හිතකාමී නිසා නුදුරු අනාගතයේ දීම අපේ භාවිතයට එන එක ස්ථිරයි කියලයි මං නම් හිතන්නෙ.
5

ලොව ලොකුම සර්පයා කොලොම්බියාවෙන් : විස්මිත සොයා ගැනීම්


එදාත් වෙනදා වගේම කොලොම්බියාවේ සෙරෙජෝන් ගල් අඟුරු පතල් සේවකයින් සුපුරුදු පරිදි ඔවුන්ගේ වැඩ කටයුතු ආරම්භ කළා. යන්ත‍්‍ර යොදාගෙන පස් ඉවත් කරමින් කැණීම් ආරම්භ කළා. ඒත් හිටිහැටියේ ම පොළොවෙන් යමක් මතු වීම නිසා කැණීම් කටයුතු එක්වරම නතර කෙරුණා. පතල් සේවකයින්ට හමුවී තිබුණේ යෝධ ඇට කැබලි වගයක්.

පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් වහාම සෙරෙජෝන් ගල් අඟුරු පතලට කැඳවණු ලැබුවා. ඉන්පසු ඔවුන්ගේ අධීක්ෂණය යටතේ පරිස්සමෙන් පස් ඉවත් කිරීම සිදු වුණා. ඒ විද්‍යාඥ කණ්ඩායමට දකින්න ලැබුණේ සද්දන්ත සර්පයකුට අයත් අස්ථි වගයක්. ඒ විතරක් නෙවෙයි, මේ සද්දන්තයාගේ අස්ථි සමඟින් උගේ ගොදුරු බවට පත්වූ සතුන්ගේ අස්ථි කැබලි ද දකින්න ලැබුණා. මේ දැවැන්තයාගේ ගොදුරු බවට පත්වී තිබුණේ කිඹුලන් හා ඉදිඹුවන්ය.

විද්‍යාඥයින් පවසන්නේ මේ යෝධ සර්පයා බස්රථයක් තරම් විශාල බවයි. මේ සතා දැවැන්ත පිඹුරෙකුට සමානය. වසර මිලියන 60 පමණ පෙර, ඈත අතීතයේ දී සෙරෙජෝන් ගල් අඟුරු පතල පිහිටා ඇති ප‍්‍රදේශය සාරවත් වගුරු බිමක් ලෙස පැවැතුණු බවයි පුරා විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. විද්‍යාඥයින්ට හමුවූ මේ සද්දන්තයාගේ ඇටසැකිල්ලට අනුව මේ සර්පයා රාත්තල් 1,600 ක් එනම් කිලෝ ග‍්‍රෑම් 730ක් පමණ බරින් යුක්තය. නාසයේ සිට වල්ගය කෙළවරට දිග මීටර් 13 කි. (අඩි 42.7 ක්) මේ වර්ගයේ සර්පයකු මීටර් 10.64ත් 15ත් අතර ප‍්‍රමාණයකට දික් විය හැකියැයි සර්ප විශේෂඥයන් විසින් ඇස්තමේන්තු කර තියෙනවා. සෙරෙජෝන් ගල් අඟුරු පතලෙන් හමුවූ නිසා මේ සර්පයා නම් කර තිබෙන්නේ ‘ටයිටනොබවුව සෙරෙජෝනෙන්සිස්’ යනුවෙනි.


”යෝධ සර්පයින් ගැන අප කවුරුත් විශේෂ උනන්දුවක් දක්වනවා. ඒ නිසයි යෝධ සර්පයින් යොදා හොලිවුඞ් චිත‍්‍රපට බිහිවෙන්නේ. ඒත් මේ සතා හැබෑවක්. හොලිවුඞ් මායාවක් එහෙම නොවේ. ඇනකොන්ඩා චිත‍්‍රපටයේ ජෙනිෆර් ලෝපෙස් පසුපස හඹා යන යෝධ ඇනකොන්ඩාටත් වඩා මේ සර්පයා විශාලයි.” සර්පයාගේ අස්ථි පරීක්ෂා කිරීමට පැමිණි ඇමෙරිකාවේ ෆ්ලොරීඩා සරසවියේ පුරාවිද්‍යාඥ ජොනතන් බ්ලොක් පවසයි.
වසර ගණනක් තිස්සේ සර්ප විශේෂඥයින් වාද විවාද පැවැත්වූවා, සර්පයකුට කෙතරම් විශාලව වැඩෙන්නට හැකි ද කියා. සර්ප විශේෂඥයින් අතරින් ප‍්‍රමුඛයෙක් ලෙස සැලකෙන ඇමෙරිකාවේ නිව්යෝක් නුවර කොනෙල් විශ්ව විද්‍යාලයේ සර්ප විශේෂඥ හැරී ගී‍්‍රන් තීන්දු කර ඇත්තේ සර්පයෙකුගේ උපරිම දිග අඩි 40 ක් (මීටර් 12.3ක්) පමණ විය හැකිය කියායි. ඒත් මේ අලූත් සොයා ගැනීමත් සමඟ එම න්‍යායත් වෙනස් වී තිබෙනවා.

දෑස් අහිමි සෙබළාට දිවෙන් පෙනීම ලැබුණු හැටි : දැන මුතු


වයඹදිග එංගලන්තයේ ලිවර්පූල්හි පදිංචි ක්‍රෙග් ලන්ඞ්බර්ග්ගේ වයස අවුරුදු 24 යි. එයා බි‍්‍රතාන්‍ය ජාතික තරුණයෙක්. ක්‍රෙග්, බි‍්‍රතාන්‍ය හමුදා සේවයට බැඳිලා ගියා ඉරාකයට. හමුදා මෙහෙයුම්වල යෙදෙද්දී 2007 අවුරුද්දේදී ඉරාකයේ බස්රා නුවරදී සතුරන්ගේ රොකට් ප‍්‍රහාරයකට ගොදුරු වූ ඔහුගේ දෑස් අහිමි වුණා. ඔහුට ආයේ කවදාවත් ඔහුගේ ඇස්වලින් පෙනීම ලැබෙන්නේ නැහැ. ඒත් දුක් වෙන්න කාරි නැහැ. නවීන තාක්ෂණය ක්‍රෙග්ගේ උදව්වට ආවා. නවීන තාක්ෂණයේ පෙරැුළියක් සිදු කරමින් අලූත් මෙන්ම අපූරු ක‍්‍රමයකට ක්‍රෙග්ට යළි පෙනීම ලබා දීමට හැකිවී තිබෙනවා. දැන් ක්‍රෙග්ට පෙනීම දෙන්නේ ඔහුගේ ඇස් නොවේ, දිවයි.

දැන් දිව උපයෝගී කර ගෙන ලාන්ස් කෝප්රල් ක්‍රෙග් ලන්ඞ්බර්ග්ට වචන කියවන්න පුළුවන්. හැඩතල හා රූප හඳුනාගන්න පුළුවන්. ඒ විතරක් නොවේ, කාගේවත් උදව්වක් නැතිව තනිවම එහෙමෙහෙ යන්න පුළුවන්. මේ වනතෙක්ම ඔහුගේ සහායට හිටියේ හොඳින් පුහුණුව ලත් බලූ සුරතලෙක්. නමුත් මේ අලූත් හැකියාව ඔහුට හිමිකර දුන්නේ ඇමෙරිකා එක්සත් ජන පද හමුදාවේ හිටපු මේජර් ජනරල්වරයකු වූ ගේල් පොලොක් ප‍්‍රමුඛ තාක්ෂණවේදීන් කණ්ඩායමක් තැනූ අලූත්ම තාලේ උපකරණ කට්ටලයක් මගින්. ඔවුන් මේ නව උපකරණය හැදුවේ අන්ධ පුද්ගලයන්ගේ ජීවිතවලට ආලෝකයක් ලබා දීමේ අරමුණ ඇතිවයි.

දිවෙන් පෙනීම ලබා දෙන මේ නව උපකරණ කට්ටලයට අයත් වෙනවා, අව් කන්නාඩියකට සවි කළ සූක්ෂම වීඩියෝ කැමරාවක් හා ‘ලොලිපොප්’ එකක් වගේ දිව මතුපිට තැබිය හැකි සංවේදකයක්. කැමරාවෙන් ලබා ගන්නා සුදු හා කළු පික්සල (රූපයක් මවන කුඩා තිත්) වලින් තමයි, දිව මත තබන සංවේදකය යොදාගෙන මේ උපකරණය භාවිත කරන්නාගේ මනසේ ඇඳෙන චිත‍්‍රයට අවශ්‍ය උත්තේජකයන් සපයන්නේ. අව් කන්නාඩියේ සවි කර ඇති කැමරාවෙන් ගන්නා රූප විදුලි සංඥා මගින් දිවේ ඇති උපාංගය මගින් දිවට දැනෙන්න සලස්වනවා. ඒවා දිවට දැනෙද්දී කිතිකැවෙනවා වගේ අපූරු හැඟීමක් ඇති වෙනවා. රූපයෙන් රූපයට ඒ දැනීම වෙනස් වෙනවා. ඒ අනුව මොළයට පණිවුඩ යැවෙනවා දකින්න ලැබුණු දේ මොකක්දැයි කියලා. ඒ අනුව ඒ ද්‍රව්‍යය මොකක්ද හා එය වටේ ස්වභාවය කොහොමදැයි අවබෝධයක් ගන්න ක්‍රෙග්ට හැකියාව ලැබෙනවා. මේ නව උපකරණය හඳුන්වා ඇත්තේ ‘බ්‍රේන්පෝට්’ කියලයි. බ්‍රේන්පෝට් උපකරණ කට්ටලය භාවිත කිරීමේ වාසනාව හිමි ප‍්‍රථම බි‍්‍රතාන්‍ය ජාතිකයා ද වන්නේ ක්‍රෙග් ලන්ඞ්බර්ග්. ඒ සඳහා ඔහුව තෝරා ගනු ලැබුවේ බි‍්‍රතාන්‍යයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසිනුයි.
0

සිල්වත් බවට හානි කරන ඇවතුම් පැවතුම් : බුදුන් දුන් ඔවදන්

සසුන් ගත පැවිද්දන් කිසිවිටෙකත් නොකළ යුතු යයි බුදුන් වහන්සේ විසින් තහනම් කරන ලද දෑ ‘අන්වේෂණ’ යනුවෙන් හැඳින්වේ. සිල්වත් බව නසන, මිථ්‍යා මාර්ගවලින් ජීවිකාව සපයා ගැනීම සඳහා කරන සියලූ දෑ ‘අන්වේෂණ’ ලෙස දක්වා ඇත. මෙසේ දක්වා ඇති අන්වේෂණ විසි එකකි. ඒවා මෙසේ ය:

1. වෙදකම
2. දූත කර්මය
3. පණිවුඩ පනත් ගෙන යාම
4. ගෙඩි පැළීම
5. ව‍්‍රණාලේපයන් දීම
6. ළය විරේක දීම
7. අධෝවිරේක දීම
8. නස්‍ය සඳහා තෙල් පිසීම
9. පානය සඳහා තෙල් පිසීම
10. හුණදඬු ඈ දීම
11. තල්පත්, තළපත් ආදී පත‍්‍ර දීම
12. සපු කණේරු ආදී මල් වර්ග දීම
13. කොස් ආදී ඵල වර්ග දීම
14. මහරීසුනු ආදී ඇඟ ගල්වන සුනු වර්ග දීම
15. දැහැටි දඬු ආදිය දීම
16. මුව දෝනා දිය දීම
17. වත්සුනු ආදී සුනු වර්ග දීම
18. සිරුරෙහි උළන මැටි වර්ග දීම
19. චාටු බස් දොඩා රැවටීම
20. මුසාවෙන් පිරුණු සත්‍යයෙන් අඩු වචන කීම හා දායකයනගේ දරුවන් වඩා ගැනීම
21. ගිහියන් වෙනුවෙන් ගම් අතර, නගර අතර ලියුම් කියුම් හුවමාරුව සඳහා පා මෙහෙවරෙහි යෙදීම

යනු ඒ විසි එකකයි. සියලූ අන්වේෂණ අනාචාර යැයි ද මෙම මිථ්‍යා ආජීව නිසා ශීල, සමාධි, ප‍්‍රඥා වශයෙන් පැවිදි අයකු විසින් අනුක‍්‍රමයෙන් අනුගමනය කළ යුතු ති‍්‍රවිධ ශික්ෂාවන් සපුරාලිය නොහැකි යැයි ද බුදු දහමෙහි දක්වා ඇත. මැදුම් පිළිවෙතෙහි සියලූ අංගයන් නිසි අයුරින් සපුරාලීමට පැවිද්දකුට හැකි වන්නේ මේ අන්වේෂණයන්ගෙන් ඈත් ව සම්මා ආජීව ව විසුවොත් පමණි.

(පර්සි ජයමාන්නගේ ළමා හා යොවුන් විශ්වකෝෂයෙනි.)
0

ගුරුවරයකුගේ කාර්යයභාරය කුමක්ද? : තවත් සෙන් කතාවක්

බන්කෙයි නම් සෙන් ගුරුතුමා රටරටවලින් පැමිණි විවිධාකාරයේ ගෝලයන් පිරිසකට ධර්මය ගැන කියා දෙමින් භාවනා ක‍්‍රම පුහුණු කරමින් සිටියේය. ඒ අතරින් එක් ගෝලයෙක් සොරකම් කරන්නට පුරුදුව සිටි අයෙකි. ගෝලයෝ තමන් සතු යම්යම් දෑ නැති වූයෙන් ඒ ගැන ගුරුතුමාට පැමිණිලි කළහ. ගුරුතුමා එය ගණන් නොගෙන සොරකම් කිරීමේ පුරුද්ද අත්හළ යුතු එකකැයි පොදුවේ සියලූ දෙනාම අවවාද කළේය. එත් සොරකම එතැනින් නතර නොවීය. ඉන්පසු ගෝලයන් විමසිල්ලෙන් පසු වූයෙන් සොරකම අතටම අල්ලා ගත හැකි විය. ඔවුහු සොරා අල්ලා ගෙන ගොස් ගුරුතුමාට ඉදිරිපත් කළහ. සොරා පන්සලෙන් පන්නා දමන ලෙස ඉල්ලා සිටියහ. ඒත් ගුරුතුමා ඔහුට අවවාද කළා මිස වෙන කිසිවක් කළේ නැත. සොරකම නතර නොවීය. තවදුරටත් ඉවසා සිටිය නොහැකි ගෝලයෝ සොරා පන්සලෙන් නොරපා නොදැමුවොත් තමන් සියලූ දෙනාම එක්ව පන්සල හැර වෙනත් ගුරුතුමකු සොයා යන බව ඔවුන් සියලූදෙනාගේම අත්සන් සහිත පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියහ.

ගුරුතුමා ඔවුන් සියලූ දෙනාම එක් රැස් කළේය. චෝදනා ලැබූ ශිෂ්‍යයා ද එහි ගෙන්වීය. ඊළඟට ගුරුතුමා කාටත් ඇසෙන සේ පෙත්සම කියවීය. අනතුරුව ගෝලයන් අමතා මෙසේ කීය:

”බොහොම හොඳයි, ඔබ හැම දෙනාම හොඳ නරක හැම දෙයක් ගැනම දන්නා අයයි. ඒ නිසා ඔබ හැමදෙනාටම  ඕනෑම තැනක ගොස්  ඕනෑම ගුරුවරයකුගෙන් ඉගෙනීමේ හැකියාව තියෙනවා. ඒත් මේ ගෝලයාට එහෙම නෑ. ඔහු අඩු තරමින් සොරකම නරක දෙයක් බව දන්නේ නෑ. ඒ නිසා ඔහුට හොඳ නරක කියා දෙන්න ඉන්නෙ මං විතරයි. ඔහු යහමගට ගැනීම මගේ පරම යුතුකමයි. ඒ නිසා කැමති අයට යන්න පුළුවන්.”

ගුරුතුමාගේ ඒ කතාව අසා සිටි ගෝලයාගේ දෑසින් කඳුළු කැට කඩා හැළුණේය. ඔහුගේ සිතෙහි සොරකමට ඇති ආශාව එකණෙහිම අතුරුදන් විය.

(පර්සි ජයමාන්නගේ ‘සෙන් බොදු කතා’ ග‍්‍රන්ථයෙනි. මුද්‍රණය 2011)
0

හේතුව හා ඵලය - ලජ්ජාව සහ බිය : බුදුන් වදාළ උපමා

කොහොඹ ඇටයක්, වැටකොළු ඇටයක්, තිත්ත ලබු ඇටයක් තෙත් බිමක පැල කළ විට පැලයෙන් ඇදී එන පොළොවේ රසධාතුවත් ජලය කොටසත් තිත්ත රස බවට පත් වේ.

මෙසේම මිථ්‍යාදෘෂ්ටි බීජය සහිත පුද්ගලයාගේ කි‍්‍රයාවන් ද කටුක වූ නරකම ප‍්‍රතිඵලම ගෙන එයි.
උක් පැලයක්, හැල් වී බීජයක්, මිදි පැලයක් පොළොවෙහි සිට වූ විට එම පැලය පොළොවේ රසධාතුවත් ජලය පැණි රසම බවට පත් කරයි.

මෙසේම සම්‍යක්දෘෂ්ටි බීජ ඇති පුද්ගලයා කරන සියලූ දෙයින් ම තමන්ටත් අනුන්ටත් හොඳ ප‍්‍රතිඵල ලැබෙයි.
සුදු පාට සේ ගණන් ගත හැකි ධර්ම දෙකක් ලෝකයෙහි තිබේ. ඒ දෙක නම් ලජ්ජාව හා බියයි. මේ ධර්ම දෙක ලෝකය පාලනය කරන නිසාය. මේ ධර්ම දෙක මිනිස් සමාජයෙන් ඈත් වූ දිනයට තමන් බිහි කළ මව, සුළු මව, නැන්දා, ගුරුවරයාගේ බිරිඳ, දැරියෝ ආදී වෙනසක් නො දනිති. ඔවුහූ හරකුන්, එළුවන්, කුකුළන් නරින් මෙන් මිනිසුන් විසින් පනවා ගෙන තිබෙන ආචාර ධර්ම බිඳිති.

(මීරිගම ගෝතම ස්ථවිරයන්ගේ ‘බුදුන් වදාළ උපමා’ නම් ග‍්‍රන්ථයෙනි.)
7

එළුවන්ගේ ලේ උරාබොන චුපකාබ්රා Chupacabra : ලෝකයේ නොවිසඳුණු අබිරහස්

ගුප්ත සත්ව විද්‍යාඥයින්ගේ අවධානය යොමුවුණු චුපකාබ්රා Chupacabra කියන සත්වයා වාසය කරන බවට තොරතුරු ලැබෙන්නේ ලතින් ඇමෙරිකාවෙන්. ඒ හැර ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ කොටස්වලින් සහ මෙක්සිකෝවෙන් පවා මෙම අද්භූත සත්වයා ගැන තොරතුරු වාර්තා වුණා. ඒත් බොහොමයක් සත්ව විද්‍යාඥයින් හා වනජීවී ආරක්ෂක නිලධාරීන් ප‍්‍රකාශ කරනුයේ මේ සත්වයා ගැන ලැබෙන ආරංචි බොරු බවත්. මේ සතා හුදෙක් ප‍්‍රවාදයක් බවත්ය.


චුපකාබ්රා කියන්නේ කාටද ?
‘චුපකාබ්රා’ කියන්නේ ස්පාඤ්ඤ වචන දෙකකින් සැදුණු නමක්. ස්පාඤ්ඤ බසින් ‘චුපා’ කියලා කියන්නේ උරා බොනවාටයි. ‘කාබ්රා’ කියන්නේ එළුවාටයි. රාත‍්‍රී කාලයේ ඇවිත් එළුවන් සහ ගොවිපළ වෙනත් සතුන් මරා ඔවුන්ගේ ලේ උරා බොන නිසා මෙම අද්භූත සත්වයා හඳුන්වන්නේ  ‘චුපකාබ්රා’ කියලයි.

චුපකාබ්රාගේ හැඩරුව
ලතින් ඇමෙරිකානුවන් මෙම සත්වයාට දක්වන්නේ විශාල බියක්. ඒ නිසාම ඇසින් දුටු සාක්ෂි අනුව මේ සත්වයාගේ බාහිර පෙනුම විවිධයි. හැබැයි මේ සත්වයා දුටු හැම කෙනෙක්ම පොදුවේ කියන කරුණු කීපයක්ම තියෙනවා. ඒ අනුවයි මේ සත්වයාගේ පෙනුම තීරණය කර ඇත්තේ. මේ සත්වයා ප‍්‍රමාණය කුඩා වලහෙක් වගෙයි. දිගු වලිගයක් ඇති අතර බෙල්ල පසුපස සිට වලිගය කෙළවර තෙක්ම උල් කටු පිහිටා තියෙනවා උරගයෙක් වගේ. මොහුගේ සම කොළ සහ අළු පාටයි. සිරුර කොරපොතුවලින් පිරිලා. දෙපයින් ගමන් කරන මේ සත්වයාගේ උස අඩි  මීටර 1 හෝ 1.2 ක් විතර ඇති. මේ සතාට දෙපයින් යනවා වගේ ම කැන්ගරුවෙක් මෙන් පැන පැන යාමේ හැකියාවකුත් තියෙනවා. එක් වරක් අඩි 20 ක් ඈතට පැනීමට හැකි වූ බව එක් ඇසින් දුටු වාර්තාවක සඳහන්. සමහරුන් කියන විධියට මෙම සත්වයාගේ මුහුණ මනුෂ්‍යයෙකුගේ වගෙයි. ලොකු කළු පාට ඇස් සහිත හිස සිරුරේ ප‍්‍රමාණයට වඩා විශාලයි. තවත් සමහරුන් කියන්නේ මෙම සත්වයාට ඇත්තේ බල්ලකු සමාන මුහුණක් බවයි. දෙකට බෙදුණු දිවක් ද උල් දත් ද ඇති බව තවත් සමහරුන් කියනවා. බියට පත් වූ විට සර්පයකු මෙන් පිඹිනවා. ඒ වගේ ම ඇඟ කිළිපොලා යන තරමේ කෑ මොර දීමක් කරනවා. ඉන්පසු ඌ ගෙන්දගම් ගඳ වැනි සැර අමිහිරි ගඳක් නිකුත් කරමින් ඒ ස්ථානයෙන් පලා යනවා. සමහර වාර්තාවලට අනුව චුපකාබ්රා කෑ මොර දෙන විට උගේ ඇස් දීප්තිමත් වී රතු පැහැයෙන් දිලිසෙන්නට පටන් ගන්නවා. එය දකින්න අය බියෙන් ගල් ගැසෙන බවත් තවත් වාර්තාවල සඳහන් වෙනවා. සමහර වාර්තාවලට අනුව නම් චුපකාබ්රාට වවුලකුගේ මෙන් සමින් සැදුණු පියාපත් යුගලයක් ද තියෙනවා.


අතීත තොරුතුරු
ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ කෙළවරේ සහ මෙක්සිකෝවෙන් ‘චුපකාබ්රා’ ගැන තොරතුරු ප‍්‍රසිද්ධ වීමට කලින් මුලින්ම ‘චුපකාබ්රා’ ගැන තොරතුරු අසන්ට ලැබුණේ 1990 වසරේදී පමණ පුවර්ටෝ රීකෝ නුවරිනුයි. ඇමෙරිකා එක්සත් ජනපදයේ මේන් නුවර සිට ලතින් ඇමෙරිකාවේ චිලී රාජ්‍යය දක්වාම මේ සත්වයා දුටු බවට සාක්ෂි ලැබී තියෙනවා. චුපකාබ්රා කළ පහරදීමක් සම්බන්ධව මුලින්ම තොරතුරු වාර්තා වුණේ 1995 වසරේ පුවර්ටෝ රීකෝවලිනුයි. මෙම පහරදීමේදී බැටළුවන් 8 දෙනෙක් මරා දමා තිබුණා. ඒ හැම බැටළුවකුගේම පපුව මැද උල් දත් පාරවල් වැනි සිදුරු තුනක් දක්නට ලැබුණා. ඒ වගේම මේ හැම බැටළුවකුගේම සිරුරේ ලේ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලයි තිබුණේ.

මෝකා නුවරට ආ වැම්පයරයා
1995 වසරේ පුවර්ටෝ රීකෝවලින් වාර්තා වූ බැටළු ඝාතනය හා උන්ගේ ලේ උරාබීමේ සිදුවීම ගැන වැඩිදුර සෙවීමේදී ගුප්ත සත්ව විද්‍යාඥයින්ට දැන ගන්න ලැබුණා 1975 වසරේදී මෝකා නම් කුඩා නගරයක සිදුවූ දෙයක්. එම සිදුවීම නම් කර තියෙන්නේ ‘මෝකා වැම්පයර් භීෂණය’ කියලයි. ගොවිපළ ගණනාවකින් වාර්තා වුුණා ඔවුන්ගේ ගොවිපළ සතුන් කිහිප දෙනකුම හිටිහැටියේ අතුරුදන් වී ඇති බව. අන්තිමේ දී මරා දමා තිබී හමු වූ ඒ සතුන්ගේ සිරුරුවලත් ලේ තිබුණේ නැහැ. ඒ සිරුරුවලත් එක හා සමාන දත් පාරවල් දැකිය හැකි වුණා. හරියට වැම්පයරයෙක් ඇවිත් ලේ උරා බීලා වගේ. ඒ නිසයි වැම්පයර් භීෂණය කියලා මේ සිද්ධිය නම් කළේ. ඒත් පසුව හෙළි වී තිබුණා, මෙම සිද්ධිය සාතන් අදහන කල්ලියක් විසින් සිදු කළ බිලි පූජාවක් බව.

චුපකාබ්රා දුටු බවට අලූත්ම වාර්තා
1900 දශකයේ සිටම අද දක්වාම චුපකාබ්රා ගැන විටින් විට අපූරු වාර්තා ලැබී තියෙනවා. ඒවායින් ඇතැම් වාර්තා විශ්වාස කිරීමට අපහසු වුනත් සමහර වාර්තා ගැන එසේ නොවේ. 2004 සිට 2008 දක්වා චුපකාබ්රා සම්බන්ධව ලැබුණු වාර්තා අතුරින් වැදගත් සිදුවීම් කිහිපයකි, මෙහි දැක්වෙන්නේ.

ලෝම හැලූණු කයෝටි නරි
2004 වසරේ ජූලි මාසයේදී  සැන් ඇන්තෝනියෝ නම් ගොවිපළ හිමියාගේ ගොවිපළේ සතුන්ට පහර දුන් ලෝම රහිත බල්ලෙක් වැනි සතකුව මරා දමා තිබුණා. පසුව කළ ඞී.එන්.ඒ. පරීක්ෂණවලින් හෙළි වුණා ඒ ලෝම හැළීමේ රෝගයකට මුහුණ දී සිටි කයෝටි නරියෙක් බව. එම වසරේම ඔක්තෝබර් මාසය වන විට මෙම සමේ රෝගයට ගොදුරු වූ ලෝම හැලූණු තවත් කයෝටි නරියන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුණා.

රුසියාවෙන් චුපකාබ්රා හමුවේ
2006 වසරේ අප‍්‍රියෙල් මාසයේ ‘මොස්නිව්ස්’ පුවත්පතේ පළ වුණා, ප‍්‍රථම වතාවට රුසියාවෙන් චුපකාබ්රා සත්වයකු දුටු බවට වාර්තාවක්. පුවත් පතේ පළ වුණේ 2005 වසරේ සිට මධ්‍යම රුසියාවේ ගොවිපළ සතුන්ට පහර දෙමින් උන්ගේ ලේ උරා බොන සත්වයෙක් ගැන වාර්තාවක්. එක් දිනක රාති‍්‍රයේ ගොවිපළක සිටි කළුකුම් 32 දෙදෙනෙක්ම මරා උන්ගේ සිරුරුවලින් ලේ උරා බී තිබුණා. මේ අතරේ බැටළුවන් 30 දෙනෙක් මරා දමා ඇති බවට අසල්වැසි ගම්මානවලින් ආරංචි ලැබුණා. ඇසින් දුටු සාක්ෂි අනුව 2006 වසරේ මැයි මාසයේදී විශේෂඥයින් පිරිසක් මේ සත්වයා සොයා ප‍්‍රදේශය පීරමින් විශාල ගවේෂණයක් ආරම්භ කළා. ඒත් එය අසාර්ථක වුණා.

දිගු උල් දත් ඇති කෘදන්තයෙක්
2006 වසරේම ඇමෙරිකාවේ මේන් ජනපදයේ ටර්නර්හි මිචෙල්  ඕඩොනල් කියා තියෙනවා ඇය පාරේ යමින් සිටියදී නපුරු පෙනුමකින් යුත්, කෘන්තකයකුගේ මෙන් දිගු උල් දත් දෙකක් ඇති නපුරු පෙනුමකින් යුත් සත්වයකු මාර්ගය අසළ මැරී සිටිනු දුටු බව. මේ සත්වයා මිය ගොස් සිටියේ වාහනයක හැපීමෙනි. සතා හරියටම මොකෙක්දැයි පැහැදිලිව හඳුනා ගැනීමට නොහැකි තත්වයක සිටි අතර උගේ ඡායාරූප ලබා ගැනුණා. ඒ අනුව බල්ලෙකු වැනි සතෙක් බව පැහැදිලි වුණා. ඒත් මේ සත්වයා ඒ පළාතේ වෙසෙන බල්ලකු හෝ වෘකයකු නොවන බව තහවුරු වුණා. බැලූ බැල්මට බල්ලකු ලෙස පෙනුණත් ඌ ගවයකුගේ හා බල්ලකුගේ මිශ‍්‍රණයක් වැනියැයි එම වාර්තාවල සඳහන් වෙනවා. මේ සත්වයාගේ මළ සිරුර ගිජුලිහිණියන්ගේ ආහාරයට පත් වීම හේතුවෙන් නිසි ලෙස පරීක්ෂා කිරීමට නොහැකි වී ඇත.

බැටලූවන් 300 ක් මරා දමයි
බැටලූවන් 300 ක් මරා දැමූ බවට තොරතුරු 2007 වසරේ කොලොම්බියාවේ බොයාකා පළාතෙන් වාර්තා වී ඇත. ගොවීන් පිරිසක් විසින් මෙම සත්ව ඝාතනයන් කළ සත්වයෙක් අල්ලා කොලොම්බියා ජාතික සරසවියට භාර දී ඇති නමුත් ඒ පිළිබඳ වැඩි විස්තර වාර්තා නොවේ.

කැනියන්ට හමුවුණේ අළු හිවලෙක්
2007 වසරේ අගෝස්තුවේ කුවේරෝ ටෙක්සාස්හි ෆිලීස් කැනියන් සහ ඇගේ අසල්වැසියන් පිරිසකට කැනියන්ගේ වත්තේ තිබී අමුතු විදියේ සතකුගේ මළ සිරුරක් හමුවුණා. කැනියන් මේ සතාගේ ඡායාරූප ගත්තා. හිස සුරක්ෂිතව ශීතකරණයේ තබා පසුව යොමු කළා ඞී.එන්.ඒ. පරීක්ෂණයකට. කැනියන් කීවේ ඇගේ ගොවිපළේ කුකුළන් මරා උන්ගේ ලේ බී චුපකාබ්රා මේ සත්වයා බවයි. ඒත් 2007 නොවැම්බර් මාසය වෙද්දී ටෙක්සාස් ජනපද සරසවිය විසින් සිදුකළ ඞී.එක්.ඒ. පරීක්ෂණවලින් ඔප්පු වුණා කැනියන්ගේ චුපකාබ්රා අන් කවරකුවත් නොව තවත් ලොම් හැලී යාමේ රෝගයකට ගොදුරු වූ කයෝටි නරියෙක් බව.

චුපකාබ්රා පිලිපීනයෙනුත් ?
ලේ උරාබොන චුපකාබ්රාවකු ගැන පිලිපීනයෙනුත් වාර්තා වෙනවා. ඒ 2008 වසරේ ජනවාරි 11 වැනිදාය්. මේ පිළිබඳ වාර්තා ලැබෙන්නේ පිලිපීනයේ කැපීස් පළාතෙනුයි. කැපීස් පළාතේ වැසියන් දැක තියෙනවා, රාතී‍්‍ර කාලයේ ඔවුන්ගේ ගොවිපළවලට ඇවිත් කකුළන්ට පහර දී මරා දමා ලේ බොන බල්ලෙකු වැනි සත්වයෙක්.
4

වසර 2000කට පෙර සිදු වූ අපූර්වතම දිවි නසා ගැනීම - ක්ලියෝපැට්රා සොයා යන ගමනක් (විස්මිත සොයා ගැනීම්)


ලෝක ඉතිහාසයේ අපූර්වතම දිවි නසා ගැනීම සිදු වී වසර 2000කටත් වැඩිය. තම දේශය වූ මිසරය අත්පත් කර ගත් රෝමන්වරුනට යටත් වෙනවාට වඩා මිය යනවා යහපතැයි සිතූ ඇය අවසානයේ දී සර්පයකු ලවා දෂ්ඨ කරවාගෙන මිය යන්නට සිතුවාය. මෙම සිදුවීම, පැරණි ඉතිහාසකරුවන් විසින් යළි යළිත් විස්තර කරන ලද අවස්ථා බොහෝය. මහාකවි විලියම් ෂේක්ස්පියර් විසින් ‘සීසර් ඇන්ඞ් ක්ලියෝපැට්රා’ නාට්‍යය තුළින් එය අමරණීයත්වයට පත් කර ඇත. එය මෑතදී ‘රෝමය’ නම් වූ ටෙලි නාට්‍ය මාලාව මගින් ද විචිත‍්‍ර ලෙස නිරූපණය කෙරිණ. යුද්ධයෙන් පසු සිය වල්ලභයා වූ මාක් ඇන්ටනි පරාජය වීමත් සමග ක්ලියෝපැට්රා රැජින පොළඟකු ලවා දෂ්ට කරවා මරණයට පත් වූ බව මෙතෙක් කලක් අපි විශ්වාස කෙළෙමු. ඒත් දැන් ඒ ඉතිහාසය ගොඩ ගන්නට පුරාවිද්‍යාඥයෝ සූදානම් වී සිටිති. ඔවුහූ ක්ලියෝපැට්රා සහ මාක් ඇන්ටනි දෙදෙනා මිහිදන් කළ තැන ගවේෂණය කරන්නට ආසන්න වී සිටිති.


සමහර විට මේ ගවේෂණයත් සමග අප මෙතෙක් දැරූ මතය වෙනස් වීමට ඉඩ ඇත. ඒ ලෝකයේ වඩාත් අති විචිත‍්‍ර පුරාවිද්‍යාඥයාගේ මතයයි. ඔහු අන් කිසිවකු නොව මිසරයේ පුරාවිද්‍යා සුපී‍්‍රම් කවුන්සලයේ මහ ලේකම් වූ ආචාර්ය සාහි හවාස් (Zahi Hawass) ය. 2009 අපේ‍්‍රල් මාසයේ දී ඔහු හෙළිදරව් කළේ තමාගේ පුරාවිද්‍යා ගවේෂක කණ්ඩායම ක්ලියෝපැට්රාවන්ගේ සොහොන යැයි විශ්වාස කරන තැන ගවේෂණයට සූදානම් බවය. එම ස්ථානය පිහිටියේ ඇලෙක්සැන්ඩ‍්‍රා නගරයේ සිට කි.මී. 48ක් දුරිනි. එය හැඳින්වෙන්නේ අබුසීර් යනුවෙනි. මිසර දෙවියන් වූ ඔසයිරිස් වෙනුවෙන් ඉදි කළ දෙවොලක් ද එහි පුරාවස්තු අතර වෙයි.

මෙහි තිබී ක්ලියෝපැට්රාවන්ගේ රූපය හා අක්ෂර රැගත් කාසි ගණනාවක් හමුවිය. දෙවොලේ කැටයම් අතර පෙම්වතුන් දෙදෙනකු වැළඳ ගෙන ඉන්නා ආකාරය දැක්වෙන කැටයමක් ද තිබුණි. ඇන්තනිගේ යැයි අනුමාන කළ හැකි බෙදුණු නිකට සහිත සෙරමික් කැබැල්ලක් ද හමු විය. හවාස් එය ඇන්තනිගේ මළ සිරුර වැසූ වෙස් මුහුණ ලෙස හඳුවන්නට පෙලඹුණේය. එහි කැණීම් කළ පුරාවිද්‍යාඥයෝ තවත් ප‍්‍රභූ මළ සිරුර 10ක් පමණ එම බිමෙන් මතු කර ගන්නට සමත් වූහ. ඔවුහූ රේඩාර් යොදා ගෙන භූගත මාර්ග කීපයක් පරීක්ෂා කළහ.
‘අපට ඒ සොහොන සොයා ගත හැකි වුවහොත් එය මේ විසි එක්වන සියවසේ ලොකු ම සොයා ගැනීම වේවි’ හවාස් තමා සමග ආ ටෙලිවිෂන් කණ්ඩායමට කීවේ මහත් බලාපොරොත්තු ඇති ව ය. ඔහු එය අතිශයෝක්තියෙන් කියන්නක් යැයි කිසිවකු චෝදනා කළේ නැත. එදා, 1922 දී හොවාඞ් කාටර් ටුටන්කාමන් රජුගේ සොහොන සොයන්නට දැක්වූ උනන්දුවට සමාන උනන්දුවකින් ක්ලියෝපැට්රා රැජනගේ සොහොන සොයන්නට හවාස් කි‍්‍රයා කළේය.

ඉතිහාසයේ හා ශිෂ්ටාචාරයේ විවිධ ස්තර රැසක් මත පිහිටි, ඊජිප්තුවට(මිසරයට) සමාන තවත් රටක් ලොව අන් කවර තැනකවත් නැත. පිරමීඩවල පටන් මධ්‍යකාලීන යුදෙව් වෙළඳුන්ගේ ලිපි ලේඛන තෙක් ඉපැරණි දේ එහි ගහණය. එසේ ම රටක අතීතයට පැතුරුණු බලයක් හා ආධිපත්‍යයක් ඇති, වගකීමෙන්, අභිමානයෙන් හා උනන්දුවෙන් පිරි, හවාස්ට සමාන විද්‍යාඥයකු සිටින රටක් ලොව තවත් නැත. මිසරයේ පුරාවිද්‍යා කැණීම්වල සර්වබලධරයා ඔහුය. කැණීම් කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කරන්නේත්, කැණීම්වලදී හමුවන දේ ලොවට හඬ ගා කියන්නේත් ඔහුය. නයිල් නදියේ මේ නටබුන් අතර වඩාත් කාර්ය බහුල පුද්ගලයා ඔහුය.
මේ නයිල් ඩෙල්ටාවේ පිහිටි ඩැමීටා නගරයේ මධ්‍යම පන්තියේ පවුලක උපන් හවාස් ඇලෙක්සැන්ඩ‍්‍රා විශ්ව විද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තේය. අනතුරුව කයිරෝ විශ්ව විද්‍යාලයෙන් ඊජිප්තුවේදය (Egyptology) හැදෑරූ ඔහු ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකාවට ගියේය. එහි පෙන්සිල්වේනියා විශ්ව විද්‍යලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබුවේය. ඒ 1987 දීය. ඇමෙරිකාවේ අධ්‍යාපනයෙන් ලද අත්දැකීම් සමඟ එරට මාධ්‍ය හඳුනා ගැනීමත් නිසා ඔහුට ලොව වෙනත් කිසිම විද්‍යාඥයකු නොලැබූ තරම් අවධානයක් ලබා ගත හැකි විය. මිසරයේ වටිනා වස්තුවලින් අනූන මේ ගීසා නිම්නයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා වී නොබෝ කලෙකින් ම, එනම් 2002 දී, මිසරයේ උපරිම පුරාවිද්‍යා කවුන්සලයේ මහ ලේකම් පදවියට පත් කරනු ලැබීය. එයින් පසු මුළු ලොව අවධානය ඔහු වෙත යොමු විය. ඔහුට ලොව පුරා විශ්ව විද්‍යාලවලින් දේශන සඳහා ඇරයුම් ලැබිණ. රූපවාහිනී සාකච්ඡාවලට යාමට සිදු විය. විවිධ පොතපතට අදහස් දැක්වීමට සිදු විය. කෙළවරක් නැතිව ලිපි ලේඛන සැපයීමට ද සිදු විය. 1990 දසකයේ අග භාගයේ සොයා ගන්නා ලද විස්මිත දේ ගැන ඔහු මහත් අභිමානයෙන් කතා කරන්නේය.

1996 දී, ගිසාහී වැඩ කරද්දී හවාස්ට බහාරියා ක්‍ෂේමභූමියේ නොසිතූ තැනක සොහොන් බිමක් හමු විය. එය කයිරෝ නගරයෙන් වයඹදිගට කි.මී. 370ක් පමණ දුරින් පිහිටි තැනකි. එය 1996 පෙර පුරාවිද්‍යාඥයන්ගේ සැලකිල්ලට ලක් නොවුණු තැනක් විය. එය බහාරියා ඔඑසිස් හී ‘රන් මමියේ නිම්නය’(Valleys of the Golden Mummy) යි.

මිනිසාගේ ආයුකාලය වැඩි ඇයි? : දැනමුතු


සාමාන්‍යයෙන් එකම වර්ගයක සත්වයන් අතරින් විශාල සතුන් වැඩි කලක් ජීවත්වන අතර කුඩා සතුන්ගේ ආයු කාලය කෙටිය. එයින් වෙනස්වන එකම සත්වයා මිනිසාය. ක්ෂීරපායී සත්වයකු වන මිනිසා තමන්ට වඩා ප‍්‍රමාණයෙන් විශාල තමන් අයත් වන සත්ව ගනයට අයත් ගෝරිල්ලන්, අලි ඇතුන්, තල්මසුන් ආදී සතුන්ට වඩා වැඩි කලක් ජීවත් වෙයි. ඒ සත්ව ගණයේ වැඩිම ආයුකාලයක් වාර්තා කරන්නේ මිනිසාය. ඒ ඇයිදැයි කිසිවකු දන්නේ නැත. ඒත් එය වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා ඇති වූවක් යැයි කිව නොහැක්කේ ඒ දියුණුව ඇති වන්නටත් පෙර ආදි කාලයේ පවා අවුරුදු 100 ඉක්මවා සිටි මිනිසුන් ගැන වාර්තා තිබේ. කිසිම ක්ෂීරපායී සතකු එතරම් කලක් මොනම යුගයකදීවත් ජීවත්වී නැත.
4

අපට සමාන ග‍්‍රහලොවක් : කෙප්ලර්ගේ අලූත්ම සොයා ගැනීම (විස්මිත සොයා ගැනීම්)


නාසා තාරකා විද්‍යාඥයන් ජීවීන් පැවතිය හැකි ග‍්‍රහලොවක් සොයා ගෙන ඇතැයි යන්න පසුගියදා ලොව පුරා පැතිර ගිය වඩාත් සිත්ගත් ආරංචිය විය. අපේ සූර්යයට සමාන තරුවක් වටා සෑදුණු සෞරග‍්‍රහ මණ්ඩලයක ජීවය පැවතිය හැකි කලාපයක පිහිටි නිල්වන් ග‍්‍රහලෝකයක් (blue planet) ඇතැයි අසන්නට ලැබීම අසිරිමත් දෙයකි.


මේ හෙළිදරවුව කරගෙන ඇත්තේ නාසා ආයතනයේ කෙප්ලර් මෙහෙයුම (Kepler Mission) මගිනුයි. මෙම කෙප්ලර් මෙහෙයුම පසුගිය වසර තිස්සේ ම ඇදහිය නොහැකි වේගයකින් නව ලෝකයන් සොයා ගනිමින් සිටියි. ඒත් ජීවීන් පැවතිය හැකි නව ග‍්‍රහලොවක් ඇතැයි සොයා ගත් පළමු වතාව මෙයයි. මේ නව ග‍්‍රහලොව ෆැරන්හයිට් 72ක පමණ මතුපිට උෂ්ණත්වයක් ඇති එකකි. එම උෂ්ණත්වය අපේ පොළොවේ වසන්ත කාලයේ උෂ්ණත්වයට සමානය.


නාසාහී ඒමිස් පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විලියම් බොරුකීගේ මෙහෙයවීමෙන් ඇමරිකාවේ කානෙගී ආයතනයේ ඇලන් බොස් ඇතුළු පර්යේෂක පිරිස කේප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් තරු 155,000ක දීප්තිය විමර්ශනය කර පෘථිවියට එවන ලද ප‍්‍රකාශමිතික දත්ත භාවිත කොට කරන ලද මෙම නිරීක්ෂණ ඇස්ට්‍රෝෆිසිකල් ජර්නල් නම් වූ තාරකාභෞතික විද්‍යා සඟරාවෙහි ළඟදීම පළවනු ඇත.

පෘථිවියට සමාන මේ ග‍්‍රහයන් ඔවුන්ගේ කක්ෂවල යද්දී කිසියම් අවස්ථාවක දී ඔවුන්ගේ සත්කාරක තරු හරහා යන විට ඒ තරුවල දීප්තිය අංශූමාත‍්‍ර ප‍්‍රමාණයකින් අඩු වෙයි. මෙවැනි දීප්තිය අවප‍්‍රමාණය වීමක් මිනිය හැක්කේ කෙප්ලර් වැනි ඒ සඳහා විශේෂයෙන්ම සකසන ලද දුරේක්ෂයකින් පමණය. ඒවා ග‍්‍රහයන් ලෙස හඳුනා ගන්නේ ද ඒවා තරු වටා යාමට ගතවන කාලය මනින්නේද ඒ නිරීක්ෂණයෙනි.

මෙසේ සොයා ගන්නා ලද අපේ හිරු මෙන් තරුවක් වටා භ‍්‍රමණය වන ජීවය පැවතිය හැකි ලෝකයක් පිළිබඳව කෙරුණු මුල්ම හෙළිදරවුව මෙය වෙයි. ‘කෙප්ලර් 22බී’ යනුවෙන් නම් කර ඇති මෙම ග‍්‍රහ ලොව අයත් තරුව G5 කියා නම් කර ඇත. එය පිහිටා ඇත්තේ සිග්නස් හා ලයිරා තරු පන්ති දෙසට අපෙන් ආලෝක වර්ෂ 600ක් ඈතිනි.

මෙම තරුව ස්කන්ධය හා අරය අතින් අපේ සූර්යයට වඩා ප‍්‍රමාණයෙන් මඳක් කුඩාය. මේ හේතුව නිසා මේ තරුව අපේ හිරුට වඩා දීප්තියෙන් අඩුය. මේ නව ග‍්‍රහලෝකයට G5 තරුව වටා කක්ෂයක් සම්පූර්ණ කරන්නට දින 290ක් ගත වේ. අපේ පෘථිවිය එවැනි කක්ෂයක් සම්පූර්ණ කරන්නට දින 365ක් ගනියි. පෘථිවියත් සූර්යයත් අතර ඇති දුරට වඩා මේ ග‍්‍රහයත් එහි තරුවත් අතර දුර සියයට 15කින් අඩුය. මේ නිසා මෙම ග‍්‍රහය තුළ සෞම්‍ය උෂ්ණත්වයක් තිබිය හැකියැයි විද්‍යාඥයන් නිගමනය කර ඇත. ඒ ග‍්‍රහයා කක්ෂගතව ඇත්තේ එකී තරුව වටා ඇති ජීවීන් පැවතිය හැකි කලාපය තුළය. එවැනි කලාපයක පිහිටන ග‍්‍රහයකු මතුපිට දියර ජලය තිබිය හැකිය. ජීවය පැවතීමට නම් දියර ජලය අවශ්‍ය බව නොරහසකි. මෙම නව ග‍්‍රහලෝකයෙහි ජීවය පැවතිය හැකිවා පමණක් නොව දැනටමත් ජීවයෙන් ගහණව පවතින්නට ද ඉඩ ඇත.

සෞරග‍්‍රහ මණ්ඩලයට සමාන ග‍්‍රහමණ්ඩලවල ජීවය පැවතිය හැකි කලාපවල පිහිටි අති දැවැන්ත යෝධ වායුග‍්‍රහයන් කලින් හඳුනා ගෙන තිබුණත් වායුග‍්‍රහයන් තුළ ජීවයට පැවතීමට සුදුසු තත්වයන් ඇති වන්නේ නැත.

මේ සොයා ගැනීම නිසා අප ජීවත් වන්නේ ජීවයෙන් පිරි විශ්වයකැයි යන විශ්වාසය තහවුරු වෙයි. කෙප්ලර් මෙහෙයුම දැන් අපේ මන්දාකිණිය තුළ ම පෘථිවිය වැනි ග‍්‍රහයන් ඇත්තෙන් ම ඇත්දැයි සොයා ගත හැකි තැනකට ආසන්න වී සිටියි.

මේ අතර නාසා විද්‍යාඥයන් දැනටමත් ජීවයක් පැවතිය හැකි යැයි අනුමාන කෙරෙන ග‍්‍රහලෝකවල ක‍්‍රමානුකූල වර්ගීකරණයක් සකසා ගෙන යන අතර ඒ සඳහා සුදුසුකම් ඇකි ග‍්‍රහයන් හා චන්ද්‍රයන් 47ක් මේ වන විට ඔවුන් විසින් හඳුනා ගෙන ඇත.

ඇරසිබෝවල පිහිටි පුවර්ටෝරිකෝ විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර ඇති ජීවයෝග්‍ය ග‍්‍රහලෝක පිළිබඳ පර්යේෂණාගාරයේ විශේෂඥයන් විසින් මේ ග‍්‍රහයන්ගේ පිහිටීම හා ඒවා අයත් වන සෞරග‍්‍රහ මණ්ඩල මේ වර්ගීකරණයට ඇතුළත් කර තිබේ. දැනට හඳුනාගෙන ඇති ග‍්‍රහයන් 700ක් අතුරින් වැඩිහරියක් ජීවීන් රහිත වන අතර ඒ අතරින් මෙතෙක් ජීවීන් ඇතැයි විශ්වාස කළ හැකි ග‍්‍රහලෝක ඇත්තේ 47ක් පමණි.

දැනට කෙප්ලර් මෙහෙයුම මගින් සොයා ගෙන ඇති බහිර්ග‍්‍රහයන් 700ට අමතරව නාසා ආයාතනයේ ඉදිරි මෙහෙයුම් මගින් ද තවත් ග‍්‍රහයන් දහස් ගණනක තොරතුරු සොයා ගත යුතුව තිබේ. මෙම ග‍්‍රහයන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් බ‍්‍රහස්පතී හා නෙප්චූන් සමාන යෝධ වායු ග‍්‍රහයන් වන අතර ඒවා සිය තරු දෙසට අසීමිත ලෙස ළං වූ කක්ෂවල භ‍්‍රමණය වන ඒවාය. කුමන හෝ ජීවයක් තිබිය හැකි යැයි අනුමාන කළ හැකි දුරින් හා ඊට සුදුසු ප‍්‍රමාණයෙන් යුක්ත ඒවා ඇත්තේ කීපයක් පමණය.

‘මෙම වර්ගීකරණයේ එක් වැදගත් ප‍්‍රතිඵලයක් වන්නේ ජීවයක් තිබිය හැකි යැයි අනුමාන කළ හැකි හා නොහැකි ග‍්‍රහයන් පහසුවෙන් වෙන් කර ගැනීමට හැකි වීම’ යැයි එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විමර්ෂක වූ ඇබෙල් මෙන්ඩිස් කියයි.

මෙම වර්ගීකරණයට පෘථිවිය හා සමාන දර්ශකයන් ඇතුළත් කොට සකසා ගත් නව නිර්ණායකයන් මෙන් ම ජීවයෝග්‍ය කලාපවල ඒවා පිහිටි දුර සහ විශ්ව ප‍්‍රාථමික ජීවයෝග්‍ය තත්වයන් ඇතුළු වර්ගීකරණයන් ද පෘථිවියේ අතීත හා වර්තමාන ස්වභාවයන් හා සැසඳීම් ද යොදා ගෙන ඇත. මේ ප‍්‍රධාන වර්ගීකරණයට බහිර්ග‍්‍රහයන් පිළිබඳ සියලූ තොරතුරු හා දත්ත විවිධ වර්ගීකරණ ක‍්‍රමවේදයන් යටතේ ඇතුළත් කර ඇත. මෙය කෙතරම් සංකීර්ණ ලෙස කරන්නේ ද යත් එක් වර්ගීකරණයකට අනුව ස්කන්ධ හා තාපයන් පමණක් දහඅටකට බෙදා දක්වා ඇත.

මේ වර්ගීකරණය මගින් දැනටමත් පෘථිවියට සමාන ජීවයෝග්‍ය ග‍්‍රහලෝක දෙකක් හඳුනා ගෙන ඇත. ඒවා Glesse  581d හා HD 85512b  යනුවෙන් නම් කර ඇත. කෙසේ වෙතත් බහිර්ග‍්‍රහයන් 15ක හා චන්ද්‍රයන් 30ක ජීවයෝග්‍ය තත්වය විමර්ශනය කිරීමට තිබේ. නාසා ආයතනය මගින් ඉදිරියේ දී දියත් කිරීමට නියමිත අන්තරීක්ෂ ග‍්‍රහ විමර්ෂක අභ්‍යවකාශ යානයෙන් හා අනාගතයේ දී තැනෙන නව උපකරණවලින් කෙරෙන නිරීක්ෂණ මගින් මෙම ග‍්‍රහයන් මත ජීවය ස්ථිර වශයෙන් පවතින බව තහවුරු කෙරෙනු ඇත.
Related Posts Plugin for WordPress, Blogger...
Back to Top