HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පැමිණි අමුත්තෝද? : පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතාව

අප දන්නා විධියට නම් ඉපැරණි මිසර ජාතිකයන් පිරමීඩ නිර්මාණය කළේ දෙවියන් උදෙසායි. මිසර වැසියන් දෙවියන් කියලා හැඳින්වූයේ අහසින් පොළොවට සම්ප‍්‍රාප්ත වූ පිරිසක්. ටොන් ගණනක් බර මිලියන 250 කට වඩා යෝධ හුණුගල් කුට්ටිවලින් පිරමීඩ නිර්මාණය කරන්න නම් මිසර වැසියන්ට දියුණු තාක්ෂණයක් තිබෙන්න  ඕනෑ. එවැනි දියුණු තාක්ෂණයක් ඔවුන්ට ලැබුණේ කොහොමද? ඒ වගේමයි ප‍්‍රාග් ඓතිහාසික මිනිසා කොහොමද යෝධ ස්ටෝන්හෙන්ජ් ගල් ස්මාරක නිර්මාණය කළේ? කුස්කෝව්හි පැරණි නිර්මාණකරුවන්, පුංචි හෝ හිඩැසක් නොමැතිව එකිනෙකට ඉතා ළඟින් ගල් කුට්ටි සවි කරන්න සමත් වුනේ කොහොමද ? පුරාණ ලෝකයේ අබිරහස් හුඟක් තියෙනවා. ඒවා තේරුම් බේරුම් ගන්න, ඒවා විසඳා ගැනීම පහසු නැහැ. පැරැන්නෝ ස්මාරක හදන්න ගත් ටොන් ගණනක් බර ගල් කුට්ටි ප‍්‍රමාණයෙන් දුම්රිය පෙට්ටියක් තරම්. පේරු රටේ, මෙක්සිකෝවේ හා ඊජිප්තුවේ අපට දකින්න ලැබෙන්නේ මෙවැනි ගල් කුට්ටි තමයි. කොහොමද අපේ පැරැන්නෝ මෙවැනි යෝධ ගල් කුට්ටි ඇදගෙන ගිහිල්ලා ගොඩ ගහලා පිරමීඩ වැනි යෝධ ගොඩනැගිලි නිර්මාණය කළේ? ඇයි ඔවුන් මෙවැනි නිර්මාණ කළේ?



පිරමීඩ හැදුවේ කවුද? 
අප වඩාත් හොඳින් දන්න, ලෝකයේ මහා අබිරහසක් ලෙස සැළකෙන්නේ ගීසාහි යෝධ පිරමීඩයයි. ඊජිප්තුනේ දකින්න ලැබෙන පිරමීඩ ති‍්‍රත්වයෙන් විශාලතම පිරමීඩය ලෙස සැළකෙන්නේ ගීසා මහා පිරමීඩයයි. මෙය ඉන්ජිනේරු හාස්කමක් හැටියටයි සැළකෙන්නේ. මේ පිරමීඩය නිර්මාණය කළා කියන්නේ අවුරුදු විසි දෙකක කාලසීමක් ඇතුළතයි. පිරමීඩය හදලා අවසන් කළා යැයි විශ්වාස කෙරෙන්නේ කි‍්‍ර.පූ. 2560 වසරේදීයි. පුරාණ පිටසක්වළ ජීවීන් ගැන අදහස් පළකරන අය නම් කියන්නේ ඒක වෙන්න බැරි දෙයක් කියලයි. මහා පිරමීඩය අවුරුදු 22 ක් ඇතුළතදී හැදුවා වෙන්න බැහැ. එහෙම කළා නම් පිරමීඩය නිර්මාණය කරන්න නම් ගල් කුට්ටි කපා වෙන් කරගන්න, ප‍්‍රවාහණය කරන්න, නිසි ලෙස ගොඩගසන්න සිද්ධ වෙනවා. වරකට එක් ගල්කුට්ටිය බැගින්. සෑම තත්පර 9 කටම වරක්. ඒක කරන්න පුළුවන්ද? අද අපේ තාක්ෂණය හුඟක් දියුණුයි. ඒත් අපේ අති දක්ෂ විද්‍යාඥයන්ට අති නවීන තාක්ෂණය තිබුණත් අවුරුදු 22 කින් මෙවැනි නිර්මාණයක් කරන්න හැකියාවක් නැහැ. දක්ෂ විද්‍යාඥයන් කියනවා අපට මෙවැනි නිර්මාණයක් අවුරුදු 22 කින් කරලා නිමා කරන්න බැහැ කියලා. ගීසාහි මහා පිරමීඩ හැදුවේ කොහොමද කියලා න්‍යායයන් ගණනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. පිටසක්වළ ජීවීන්ගේ මැතිහත්වීමක්, ධ්වනි තරංග යොදා ගෙන ගල් කුට්ටි පාවෙන්න සළස්වා එකට ගොඩ ගැසීම, දහස් ගණන් වහලූන්, හා සේවකයන් එක්වී ලීවර, ලී කොටන්, කඹ යොදාගෙන ගල් කුට්ටි ඇදගෙන ගොස් එකලැස් කිරීම ආදිය ඒ න්‍යයායන් අතරට ඇතුළත් වෙලා තිබෙනවා. ඒත් ඇත්ත මොකක්දැයි අපි කිසි කෙනෙක් හරිහැටි දන්නේ නැහැ. එක දෙයක් හොඳින් පැහැදිලියි පිරමීඩ හදලා තිබෙන්නේ ගල් කුට්ටි ඉතාම නිවැරදිව එකිනෙක සම්බන්ධ කරලයි. සියුම් එහාමෙහා වීමක්වත් ඒවායේ දකින්න ලැබෙන්නේ නැහැ. නවීන තාක්ෂණයෙන් පිරි වර්තමාන නිර්මාණකරුවන්ටවත් ඒ වගේ ඉතා නිවැරදිව හා සූක්ෂමව නිර්මාණයක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ග‍්‍රැනයිට් හා කිරිගරුඩවලින් පිරමීඩවල ඇතුළත හා සොහොන් ගැබ් නිර්මාණය කිරීම තවත් පුදුමයක් වෙනවා. ග‍්‍රැනයිට් හා කිරිගරුඩවලින් පිරමීඩවල ඇතුළත නිර්මාණය කරලා තිබෙන්නේ ඉතාම පිරිසිදුවයි. ඉතාම නිවැරදිවයි. පුරාණ මිසර වැසියන්ට තාක්ෂණයක් නොමැතිව අත්වලින් මෙවැනි නිර්මාණයක් කරන්න ඇත්තටම පුළුවන් වෙන්න ඇතිද? නැත්නම් ඔවුන්ට පිටසක්වළ අමුත්තන්ගේ සහාය ලැබෙන්න ඇතිද? මේ කරුණු හින්දා ඉන්ජිනේරු විස්කමක් ලෙස සැළකෙන ගීසාහි මහා පිරමීඩය, ලෝක පුදුම අතරට එක්වීම පුදුමයක් නොවේ නේද? මිනිසාගේ ඉන්ජිනේරු විස්කම් ගැන කිසිම සැකයක් නැහැ. මා කිසිසේත්ම එය අවතක්සේරු කරන්නේත් නැහැ. ඒත් පුරාණ මිනිසා හැදූ සමහර ස්මාරක හා නිර්මාණ කරද්දී පුරාණ මිනිසාට කාගේ හෝ උදව්වක් මඟ පෙන්වීමක් ලැබිලා තිබෙන්න  ඕනෑ. ඔවුන්ට තනිවම එවැනි නිර්මාණයක් කළ හැකි වන්නේ නැහැ. මෙහෙම කියන්නේ පිටසක්වළ ජීවීන් ගැන ගවේෂණ කරන ඇමෙරිකා ජාතික ජේසන් මාටෙල්.

පිටසක්වළ අමුත්තන්ගේ උදව් ලැබුණද?
මිසරයේ සාම්ප‍්‍රදායික කතා පුවත්වල සඳහන් වෙන්නේ පිරමීඩ හැදෙව්වේ සවුරිට් නම් පාරාවෝ විසින් කියලයි. සවුරිට් කියන්නේ හිබෲ ජනයාගේ ඉනොක් නම් තැනැත්තාටයි. ඉනොක් කියලා කියන්නේ පුරාණ තෙස්තමේන්තුවේ සඳහන් වෙන අනාගත වක්තෘවරයෙක්. ඉනොක් ගැන සඳහන වන පතපොත තිබෙනවා. ඒවායේ සඳහන් වෙනවා ඉනොක් පිටසක්වළ අමුත්තන් හමුවුනා කියලා. ‘බුක් ඔෆ් ඉනොක්’ නම් ඒ පොතෙහි ඔහු කියනවා පිටසක්වළ අමුත්තන් ඔහුට උපදෙස් දුන්නා කියලා ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න වසර දහස් ගණනක් ගියත් විනාශ නොවන අයුරින්. මේ බව කියන්නේ එරික් වොන්ඩැනිකන්. ඒ කියන්නේ පිරමීඩ නිර්මාණය කළේ මනුෂ්‍යයන්. හැබැයි අහසේ සිටින ආරක්ෂකයන්ගේ මඟ පෙන්වීම අනුවයි. අහසේ ආරක්ෂකයන් කියන්නේ දෙවිවරු. මේ දෙවිවරු පිටසක්වළ ජීවීන් නම් පිරමීඩ නිර්මාණයට උපදෙස් දුන්නේ හා තාක්ෂණය දුන්නේ ඔවුන්.

ගීසා පිරමීඩය ඇත්තෙන්ම පුදුමයක් !
ලෝකයේ පුදුම හතෙන් එකක් වන පිරමීඩය පුරාවිද්‍යා අබිරහසක් පමණක් නොවේ, අපූරු හාස්කමක් ද වෙනවා. ඉතිං එය පුදුම හතට ඇතුළත් වීම පුදුමයක් නොවේ නේද? 1877 වසරේදී ආතර් ඇන්තියොලෝජන් ජෝසප් සයිස්  පැහැදිලි කර දුන්නා පිරමීඩ ඉදිකර තිබෙන්නේ ලෝකයේ හරි මැද කියලා. ගීසාහි මහා පිරමීඩය වතරක් නොවේ ඒ අසළින් ඉදිකර තිබෙන අනෙක් පිරමීඩ දෙකත් පිහිටන්නේ පෘථිවියේ දිගම අක්ෂංශකය හා දේශාංෂකය හමුවන ස්ථානයේයි. පෘථිවියේ මුළු භූමි ස්කන්ධයේම කේන්ද්‍ර ස්ථානය ලෙස සැළකෙන්නේ ද එතැනයි.  ඒ විතරක් නොවේ මාලිමාවක කොන් හතර පිරමීඩයේ කොන් හතරට සමපාත වෙනවා. ඒත් පිරමීඩ හැදුව කාලේ මාලිමා තිබුණේ නැහැ. මාලිමා නිර්මාණය වුණේ ඊට අවුරුදු දහස් ගණනකටත් පසුවයි. පුදුමයි නේද?


දෙවියන්ගේ පුරය: ටියෝටිවකාන්
තවත් පුදුමයක් තමයි ඊජිප්තුවේ විතරක් නොවේ ලෝකයේ අනෙක් රටවලත් පිරමීඩ දකින්න ලැබීම. හුදෙකලා වූ පැසිෆික් සාගර දූපත්වල පිරමීඩ ඉදිකර තිබෙනවා, දකුණු ඇමෙරිකාවේ මෙක්සිකෝවේ පිරමීඩ තිබෙනවා, ඉන්දියාවේ තිබෙනවා. පිරමීඩ සෑදීමේ කලාව ලොව පුරා පැතිරුණු උම්මාදයක් වගෙයි පෙනෙන්නේ. එකිනෙකට වෙනස් ජන සංස්කෘතීන්, කිසිදා එකිනෙකා මුණ නොගැසී, මුහුදින් හා ගොඩබිමින් වෙන්වූ, කොහොමද පිරමීඩ හැදුවේ කියන කාරණාව පුරා විද්‍යාඥයන් පවා මවිතයට පත් කර තිබෙනවා. ස්වරූපයේ වෙනස්කම් තිබුණත් පිරමීඩ ආකෘතිය හැම සංස්කෘතියකටම පොදුයි. මධ්‍යම මෙක්සිකෝවේ වසර 2000 ගණනකට වඩා පැරණි නගරයක නටඹුන් දකින්න ලැබෙනවා. මේ නගරය හැඳින්වෙන්නේ ‘ටියෝටිවකාන්’ කියලයි. එහි අර්ථය දෙයිවන්ගේ පුරවරය යන්නයි. මේ නගරය මැද ඉදිකර තිබෙනවා ‘හිරු’ගේ පිරමීඩය. පුදුමයකට මෙන් මේ පිරමීඩයේ ප‍්‍රමාණය මිසරයේ ගීසා පිරමීඩයේ ප‍්‍රමාණයට හරියටම සමානයි. ඒක අහඹු සිදුවීමක් වෙන්න පුළුවන්ද? නැතිනම් මේ පිරමීඩ දෙකම නිර්මාණය කළේ එකම නිර්මාණකරුවන් පිරිසක් විසින්ද? පුරාණ පිටසක්වළ ජීවීන් ගැන මත පළ කරන විද්‍යාඥයන් මෙන්න මේ විධියේ අදහස් ඉදිරිපත් කරනවා. මිසර හා පුරාණ මෙක්සිකෝ වැසියන්ට පිරමීඩ එදන්න උගන්වන්න ඇත්තේ එකම පිටසක්වළ ජීවීන් පිරිසක් විසින්. එහෙම නැතිනම් පිරමීඩ හැදුවේ ලොව පුරා සංචාරයේ යෙදුණු පුරාණ සංචාරකයන් පිරිසක් විසින්. ඔවුන් වසර ගණනක් පුරා එක් තැනක සිට තවත් තැනකට ගමන් කළා. පුරාවිද්‍යාත්මක ප‍්‍රාතිහාරයක්, නිර්මාණකරුවන්ගේ දස්කම් කියන දේ නම් පිළිගන්න ටිකක් අමාරුයි නේද ?

පුරාණයේ ලෝකය සිව්වරක් විනාශ වෙලා !
ටියෝටිවකාන් නගරයේ ‘හිරු’ගේ පිරමීඩයට අමතරව ‘සඳු’ගේ පිරමීඩය නමින් හැඳින්වෙන පිරමීඩයකුත් තිබෙනවා. පුරාවෘත්තවලට අනුව මේ පිරමීඩ ඉදිකළා කියලා කියන්නේ යෝධයන් පිරිසක්. ඔවුන් මේ පිරමීඩ දෙක හැදුවේ ලෝකය විනාශ වන මොහොතේදීයි. ඇස්ටෙක් සහ මායාවරුගේ විශ්වාසවලට අනුව අතීතයේදී අපේ ලෝකය සිව්වරක් විනාශ වෙලා තිබෙනවා. අයිස්වලින්, ගින්නෙන්, ජලයෙන් තමයි ලෝකය විනාශ වුණු බව මායා හා ඇස්ටෙක් පුරාවෘත්තවල සඳහන් වෙන්නේ. ලෝකය විනාශ වුණු ඒ හැම වතාවකම මිනිසා යළි ලෝකය නිර්මාණය කරලා තිබෙනවා. ටියෝටිවකාන් නගරය නිර්මාණය කර තිබෙන්නේත් එවැනි ලෝක විනාශයක් සිදුවීමෙන් පසුවයි.

පිරමීඩ හැදුවේ දැනුම රැස් කරන්නද?
ඇයි පිරමීඩ වැනි මේ මහ දැවැන්ත නිර්මාණ කළේ? ඒවායේ අරමුණ මොකක්ද? සමහරු නම් තියන්නේ පාරොවෝ ඔවුන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වන්න යෝධ පිරමීඩ හැදුවා කියලයි. හරියට කෞතුකාගාර වගේ. එහෙම නැතිනම් මේ පැරැන්නෝ අපව දාලා යන්න කලින් අපට යමක් ඉතිරි කරලා යන්න හදන්න ඇති. පැරැණි මිසර ලේඛනවල පැහැදිලිවම සඳහන් වෙනවා පිරමීඩ නිර්මාණය කළේ ඇයි කියන කාරණාව. පිරමීඩ හැදුවේ දැනුම ගබඩා කරන්නයි. විශ්වයේ රහස්, විශ්වයේ දැනුම අපට කියන්නයි. මේවා පැරණි මිසර පොත්පතවල සඳහන් වෙනවා. මේ දැනුම අපට කියලා දුන්නේ දෙවියන්. ඒවා නිකම්ම නිකම් මිසර පාරාවන්ගේ සොහොන් ගැබ් නොවේ. විද්‍යාඥයන් හා පුරාවිද්‍යාඥයන් මවිත කිරීමට සමත් වුණේ පිරමීඩ පමණක් නොවේ. තවත් පුරා විද්‍යාත්මක අපූරු නිර්මාණ දහස් ගණනක් අපේ ලොවේ නන්දෙසින් දකින්න ලැබෙනවා. ඒවා ගැන රසබර විස්තරයක් ලගදීම ඉදිරිපත් කරන්න අප සූදානම් වෙනවා.

Post a Comment

7 Comments

  1. වෙද මාමාDecember 20, 2011 at 9:40 AM

    පොඩි ළමයින් ගේ ඔලු වලට මේ විස බීජ දාන්න එපා .. පිරමීඩ් වරද්ද වරද්ද පොඩි එව්වගේ ඉදන් ලොකු එව්වා දක්වා හදපු විදිහට සාදක ඕනි තරම් තියෙනවා .... පිටසක්වල ජීවීන්ගේ සුපිරි තාක්සනයකින් මේවා හැදුව නම් වරද්ද වරද්ද හදන්න ඕනි නෑ නේ .... ඔය මොන පිටසක්වල ජීවියෙකුටත් දෙවියෙකුටත් වැඩ මිනිසා ගේ හැකියාව අසීමිතය්

    ReplyDelete
  2. වෙද මාමා වෙත : අප ළමයින් ගේ ඔලු වලට විස බීජ අතුලත් නොකරමු. මේ ඉදිරිපත් කලේ පිරමීඩ පිලිබද එක් අදහසක් පමණි. පිරමීඩ පිලිබද තවත් ලිපි කීයකින් වෙනත් අදහසුත් ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වෙමු. ඔබට තුති.

    - මල් කැකුළු

    ReplyDelete
  3. වැරදි වැරදි හදල හොද පිරමීඩ් හැදුව කියන්න සාක්ෂි තියනව. ඇමරිකාව හොයාගෙන වසර දෙතුන් සීයක් නූනට, අව්රුදු දහස් ගණනක මිනිස් ඉතිහාසය ඇමරිකන් ඇසින් බලන එක හරි නෑ. බටහිර ලෝකෙට බැරි දේවල් පිටසක්වල ජීවීන්ට දානව.
    මගේ අදහස නම් ඒ කාලෙත් ගණිතය, ජ්‍යාමිතිය, තාරකා විද්‍යාව සෑහෙන්න දියුණු තත්වයෙන් තියෙන්ට ඇති.

    ReplyDelete
  4. නියමයි අයියෙ එල බ්ලොග් එක.දිගටම කරගෙන යන්න.comments වල අදහස් සුත් නියමයි.මොකක් හරි අභිරහසක් තියෙන තැනක මතවාද ගොඩයිනෙ.නැත්නම් ඒක අභිරහසක් වෙන්නෙ නෑනෙ...

    ReplyDelete
  5. me kiyala thiyena kisi deyak blogger thahawuru karala nane eeka ehemamai kiyala. adahasak witharai idiripath karala thiyenne. eeka piligannawada nadda kiyana 1 kiyawannage aythiyak

    ReplyDelete
  6. niyamai.keep it up

    ReplyDelete
  7. mamanam kiyanne e kale adatath vada thakshanaya diyunu venna athi

    ReplyDelete